Monday, August 22, 2016

ඉරාකය ;- ළමා ශ්‍රමිකයින් බරපතල ගැටලුවකි.






යුද්දයෙන් බිද වැටුණු ඉරාකය තුල ළමා ශ්‍රමිකයින් බරපතල ගැටලුවක් වේ. ඉරාක ළමුන් 575000ක් පාසල් යාම වෙනුවට වැඩ වල යෙදෙති. මෙය 1990 වර්ෂයට වඩා දෙගුණයකි. 

අට හැවිරිදි අබ්දුල් කාරීම් මෙසේ කියයි. මට යාලුවෝ ඉන්නවා හැබැයි සෙල්ලම් කරන්න වෙලාවක් නැහැ පවුලේ අයට උදවු කරන්න ඕන නිසා වැඩේ යෙදෙනවා. කාරීම් දැන් අවතැන් වූ ඉරාක වැසියන් සිටින කදවුරක සිසිල් බිම සහ වතුර බෝතල් විකුණනු ලැබේ. මේ දත්ත සපයනු ලබන්නේ යුනිසෙෆ් වාර්තා වලට අනුවය. 

යුනුසේෆ්ට අනුව ඉරාකයේ ප්‍රචණ්ඩත්වය සහ ආදායම් අඩුවීම හේතුවෙන් වැඩි පවුල් ගණනකට ළමුන් වැඩෙහි යෙදවීමට සිදුව ඇත. අද දවසේ ඉරාකය යනු ළමුන්ට ජීවත්වීම සදහා ඇති නරකම ස්ථානයක් වේ. එය ඔබ ළමයකු ලෙස හැදී වැදීමට නුසුදුසුම ස්ථානය වේ. 

ඉතා අඩු වයසකදී මෙම ළමුන් අනතුරකට මුහුණ දෙයි ඔවුන්ට රසායනික ද්රවිය සාදන කැලිකසල ඉවත් කරන ස්ථාන වල වැඩ කිරීමට සිදුව තිබේ. ඒවායේ කටයුතු අනාරක්ෂිත වේ. ඔවුන්ට දැඩි වෙහෙසක් ගෙන ඉතා අදික පැය ගණනක් වැඩ කිරීමට සිදුව ඇත. 

ඉරාකයේ ළමා ශ්‍රමික ප්‍රශ්නය කළමනාකරණය කිරීම ඉතා දුෂ්කර වුවකි. ඒ ප්‍රජාවන් අතර ආණ්ඩුවේ බලදාරින් අතර සහ මානුෂිය සංවිදාන අතර සහයෝගිතාවක් නොමැති බැවිනි. එහි සිටින යුනිසෙෆ් නියෝජිතයකු කියන ආකාරයට ඔවුන් ළමුන් පාසල් යැවීමට පවුල් උනන්දු කරන අතර එම පවුල් වලට සහන සැලසීමට බලදාරින් උනන්දු කල යුතුව තිබේ.

No comments:

Post a Comment

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...