Tuesday, April 10, 2018

නිතිය සැමට (Law for All) ;- කුලී නිවැසියා ඉවත් කිරීමට ගතවූ කාලය වසර 15 කි. ( A Link to the Judgement)


මෙය දෙහිවල නිවසකි. පැමිණිලිකාරියට සිය නිවසේ අයිතිය කුලී නිවසියාගෙන් ගැනීමට වසර 15 ක කාලයක් නඩු කීමට සිදුවිය. පැමිණිලිකාරියට පහල සිට සියලු ඉහල උසාවි වලින් ජය ලැබිණි. 

මෙහිදී විත්තිකරු කිවේ මෙම දෙපලට 1972 ගෙවල් කුලී පනත අයත් බවයි. එසේවුයේ නම් ඔහු හෝ ඇය එලවිය නොහැක. නමුත් අදිකරණ වල තීරණය වුයේ 1980 ජනවාරි 01 ට පසුව සාදනු ලැබූ හෝ 1980 ජනවාරි 01 දක්වා අයිතිකරු පදිංචි වී සිටින ගෙවල් වලට 1972 ගෙවල් කුලි පනත අදාල නොවන බවයි. 

තවද ප්‍රශ්නගත කරුණක් වුයේ දේපල පිලිබදව තෑගි ඔප්පුවකින් ලැබෙන අයිතියයි. එනම් ප්‍රාණ බුක්තිය තබාගෙන ලියන ලද තෑගි ඔප්පුවකි. ප්‍රාණ බුක්තිය ඇතිව ඔප්පුවක් ලියුවිට තෑගි ලැබුම්කරුට තෑගි දිමනාකරුගේ කැමැත්ත නොමැතිව විකිණීම හෝ උගස් තැබීම කල නොහැක. නමුත් කුලිට දීම කුලී ගැනීම ආදී අයිතීන් ඇත. ඒ අනුව මෙම නඩුවේදී අයිතිය පිළිබද කරුණ ද පැමිණිලිකාරියට පක්ෂව විසදිනි. 

මෙම නඩු තීන්දුව සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...