Tuesday, August 9, 2016

බල්ටිමෝර් පොලිසිය. ශ්‍රී ලංකා පොලිසිය නොවේ.


එක්සත් ජනපද යුක්ති දෙපාර්තමේන්තුව මෙසේ කියයි. එනම් බල්ටිමෝර් පොලිසිය විශේෂයෙන් කළු ජාතීන්ගේ අයිතිවාසිකම් කඩ කරන බවයි. ඒ නීතිවිරෝදී නැවතීම් පරීක්ෂණ සහ අත්අඩංගුවට ගැනීම් මගිනි. ගිය වසරේදී ෆ්රේඩි ග්‍රේ නමැති කළු ජාතිකයා රැදවුම් බාරයේ සිටියදී මරණයට පත් විය. 

ශ්‍රී ලංකාවේ යහපාලන ආණ්ඩුව සංහිදියාවක් ගැන කතා කරයි. නමුත් නිතිය හා පිළිවෙල නොමැතිව එයින් පලක් නැත. අපේ පොලිසිය විශේෂයෙන් පිඩාවට පත් ජනතාව ජාති කුල ආගම් පන්ති බේදයක් නොමැතිව පිඩාවට සහ මර්දනයට පාත්‍ර කරනු ලැබේ. වදහිංසාව ඉහලය. බොරු නඩු දැමීම ඉහලය. වෙනසකට ඇත්තේ අදිකරණයෙන් බැහැරව සිදුවන මරා දැමීම වාර්තා නොවීම පමණි.



No comments:

Post a Comment

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...