Thursday, August 4, 2016

ජනතා අදිකරණය (78) ;- වදහිංසාව ගැන පැහැදිලි ඉදිරි පියවරක්.

මේ අංක 26/2009 දරන මුලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුවේ සාරාංශය වේ. පෙත්සම්කරු ගාල්ලේ පදිංචි අසන්ත අරව්න්දය. වගයුත්තරකරුවන් වන්නේ එවකට පිටබැද්දර පොලිසියේ නිලදාරීන් නියෝජ්‍ය පොලිස්පති ගාල්ල පොලිස්පති සහ නීතිපතිවරයාය. ශේෂ්ට්‍රදිකරන විනිසුරු ඉවා වනසුන්දර විනිසුරු සිසිරද අබ්රු විනිසුරු කේ ටි චිත්‍රසිරි යන ත්‍රිපුද්ගල ශේෂ්ට්‍රදිකරන විනිසුරු මඩුල්ලක් හමුවේ නඩුව විබාග විය. පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ උපුල් කුමාරප්පෙරුම 1 සිට 10 දක්වා වගයුත්තරකරුවන් වෙනුවෙන් නීතිඥ රසික දිසානායක 13, 14, සහ 15 වගයුත්තරකරුවන් වෙනුවෙන් රජයේ ජෙෂ්ට නීතිඥ යොහාන් අබේවික්‍රම යන අය පෙනී සිටියහ. තීරණය ලබා දුන්නේ 2016.08.02 වැනිදාය. නඩු තීන්දුව ලීවේ විනිසුරු සිසිරද අබ්රු වන අතර එයට අනෙක් විනිසුරු දෙපලගේ එකගතාවය හිමි විය.

11 සහ 12(1) යන වගන්තින් වලින් දැක්වෙන 1978 ආණ්ඩු ක්‍රම විවස්ථාවේ සහතික වූ මුලික අයිතීන් ඔහු සම්බන්දයෙන් කඩවූ බව තීරණය කෙරිණි. දිනය 2008.2.28 වැනිදාය. පෙත්සම්කරු සහ ඔහුගේ මිත්‍රයා රථ වාහන අනතුරකට පාත්‍ර විය. එතනට පිටබැද්දර පොලිසියේ නිලදාරීන් පැමිණියහ. ඔවුහු පෙත්සම්කරුට පහර දුන්හ. ඔහු වතුර ඉල්ළා සිටිවිට පොලිස් නිලදාරීන් ඔහුගේ මුවට යම් දියරයක් වත් කල අතර එය ඇසිඩ් බව දැන ගැනීමෙන් අනතරුව ඔහු එය ඉවත් කළේය. එම පොලිස් නිලදාරීන් ඉතිරි ඇසිඩ් ඔහුගේ මුහුණට දමා ගැසුහ. ඔහුගේ මුහුණ සහ වම් ඇස ප්ලිස්සිනි.

ඉන්පසුව පෙත්සම්කරුව සහ ඔහුගේ මිත්රයාව පොලිස් ස්ථානයට රැගෙන ගියහ. එහිදී ඔවුන්ට පහර දුන්හ. මෙය සිදු කලේ දැනට ජිවතුන් අතර නැති ස්ථානදිපති කරුණාසේන සහ අනෙක් නිලදාරීන් විසිනි. 2008.03.01 පෙත්සම්කරුව රෝහල් ගත කෙරිණි. ඔහුගේ ඇස අන්ද විය. 

පොලිසිය අදිකරණයට කිවේ මෝටර් සයිකලයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් සිදුකල වෙඩි තැබීමක් ගැන සොයන්නට ගිය බවත් ඒ අවස්ථාවේ පෙත්සම්කරු සැකකරුවකු වූ බවත් රැස්වූ පිරිසේ අයෙක් ඔහුට ඇසිඩ් ගැසූ බවත්ය. තවද සැකකාර පෙත්සම්කරු සතුව අත්බෝම්බයක් සහ ටි 56 ජිව උන්ඩ තුනක් තිබු බවත්ය. පෙත්සම්කරු මේ සියල්ල සිය විරෝදතා දැක්වීමේදී ප්‍රතික්ෂේප කළේය.

වගයුත්තරකරුවන් කිවේ මෙම පෙත්සම ශේෂ්ට්‍රදිකරණයට ඉදිරිපත් කර ඇත්තේ මාසයක කාලයට පසුව බවයි. එය ශේෂ්ට්‍රදිකරණය පිළිගත්තේ නැත. මෙහිදී අදිකරණය නැගු ප්‍රශ්නයක් වුයේ ඇසිඩ් වැදි දවස් තුනක් යන තෙක් පෙත්සම්කරුව රෝහල් ගත නොකර පොලිස් රැදවුම් බාරයේ තබා ගත්තේ ඇයිද යන්නය. එයට වගයුත්තරකරුවන් පිළිතුරු දුන්නේ නැත. එය පොලිසිය සිදු කල කෘර අමානුෂික සහ පහත කොට සැලකීමක් විය. 11 සහ 12(1) වගන්තින් වල සදහන් මුලික අයිතිවාසිකම් පෙත්සම්කරු සම්බන්දයෙන් කඩ වූ බව තීරණය කෙරිණි. රජය පෙත්සම්කරුට වන්දි ලෙස රුපියල් ලක්ෂ 2 ක් ගෙවිය යුතු විය. මෙම වන්දිය පෙත්සම්කරුට ලැබීමට සලස්වන ලෙස පොලිස්පතිවරයාට නියෝග කෙරිණි. 

මියිගිය ස්ථානදිපති කරුණාසේන පෙත්සම්කරුව පොලිසියේ රදවා ගැනීම ගැන අනෙක් වගයුත්තරකාර පොලිස් නිලදාරීන් විරුද්ද නොවීම ගැන අදිකරණයේ අවදානය යොමු විය. නමුත් 1 සිට 10 දක්වා වගයුත්තරකරුවන් පෙත්සම්කරුගේ මුලික අයිතීන් කඩ නොකළ බවත් ඒ සම්බන්දයෙන් වරදකරුවන් නොවන බවත් තීරණය කෙරිණි.

මෙම නඩු තීන්දුව සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බාෂාවෙන් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.

http://www.supremecourt.lk/images/documents/sc_fr_26_2009.pdf



No comments:

Post a Comment

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...