Tuesday, June 27, 2017

ජනතා අදිකරණය (92) ;- ප්‍රථම වරට සිවිල් වැසියා වන්දි ගෙවූ නඩුව.


මේ ශේෂ්ට්‍රදිකරණයේ විබාග වූ අංක 121/2011 දරන මුලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුවේ සාරාංශය වේ. පෙත්සම්කරු කොලබ 05 පදිංචි ජයනෙත්ති කොරලලගේ රජිත ප්‍රසන්න ජයනේත්තිය. වගයුත්තරකරුවන් වුයේ මතුගම පොලිසියේ නිලදාරීන් පොලිස්පති නීතිපති සහ පින්නවලගේ චන්ද්‍රසේන නමැති සිවිල් වැසියෙකි. මෙම නඩුව ශේෂ්ට්‍රදිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් එනම් අගවිනිසුරු ප්රියසත් ඩෙප් උපාලි අබේරත්න අනිල් ගුණරත්න යන විනිසුරුවරු හමුවේ විබාග විය. පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ ශාන්ත ජයවර්දන සමග නීතිඥ චාමර නානායක්කාරවසම් යන අයද වගයුත්තරකරුවන් වෙනුවෙන් රජයේ ජෙෂ්ට නීතිඥ මාදව තෙන්නකෝන් යන අයද පෙනී සිටියහ.  සිවිල් පුරවැසියා නොපැමිණි අතර ඔහු සම්බන්දයෙන් නයිතික නියෝජනයක් සිදුවූයේද නැත. තීන්දුව දුන්නේ 2017.06.06 වැනිදාය.

පෙත්සම්කරු වියාපරිකයෙකි. ඔහු කියා සිටියේ තමාගේ 1978 ආණ්ඩු ක්‍රම විවස්ථාවේ වගන්ති 12(1) සහ 13 (1) වගන්තින් වලින් සහතික කර ඇති මුලික අයිතිවාසිකම් උල්ලංගනය වූ බවයි. පෙත්සම්කරුගේ පාර්ශවය කියා සිටියේ තමාගේ මුලික අයිතීන් කඩ කිරීමට පොලිසිය උසි ගැන්වුයේ 06 වන වගයුත්තරකරු එනම් සිවිල් වැසියා බවයි. එනම්පොලිසිය සිවිල් වැසියා සමග එක්ව තම මුලික අයිතීන් කඩ කල බවයි. 

මේ සියල්ලට හේතුවුයේ පෙත්සම්කරු සහ සිවිල් වැසියා අතර රබර් ගනුදෙනුවක් පිළිබද චෙක් ප්‍රශ්නයකි. මේ ගැන පොලිසිය පෙත්සම්කරුව අත්අඩංගුවට ගෙන වියාජ නඩු පැවරිය. ඔහුව රක්ෂිත බන්දනාගාර ගත කෙරිණි. ඔහු ඇප මත නිදහස් විය. පොලිසිය මෙසේ මැදිහත් වුයේ සිවිල් ප්‍රශ්නයකටය. 

ශේෂ්ට්‍රදිකරණය පැහැදිලිව ප්‍රකාශ කලේ මෙය සිවිල් ප්‍රශ්නයක් බවයි. ඒ අනුව පෙත්සම්කරුව අත්අඩංගුවට ගැනීමට නයිතික පදනමක් නැත. තවද පොලිසියේ ක්‍රියා වලට රජය වගකිව යුතුය. ශේෂ්ට්‍රදිකරණය තීරණය කලේ පෙත්සම්කරුගේ මුලික අයිතීන් කඩ වූ බවයි.

1, 2 සහ 4 වන වගයුත්තරකරුවන්ට රුපියල් 25,000 බැගින්ද 06 වන වගයුත්තරකරු එනම් සිවිල් පුරවැසියාට රුපියල් 75,000 ක්ද පෙත්සම්කරුට වන්දි ලෙස ගෙවිය යුතු විය.

Monday, June 26, 2017

ජනතා අදිකරණය (91) ;- වන්දිය මිලියනයයි නඩුව.


මේ අංක 244/2010 දරන මුලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුවේ සාරාංශය වේ. පෙත්සම්කරු වැල්මිල්ල හන්දියේ පදිංචි චමින්ද සම්පත් කුමාරය. වගයුත්තරකරුවන් වුයේ බණ්ඩාරගම පොලිසියේ නිලදාරීන් පානදුර සහකාර පොලිස් අදිකාරී පොලිස්පති සහ නිතිපතිය. මෙය ශේෂ්ට්‍රදිකරන විනිසුරුවරුන් වන ඉවා වනසුන්දර උපාලි අබේරත්න එච් එන් ජි පෙරේරා යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විබාග විය. තීන්දුව දුන්නේ 2017.05.30 දිනය. පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ එමිසා ටිගොල් සමග නීතිඥ ශාලොමි ඩැනියල් යන අයද වගයුත්තරකරුවන් වෙනුවෙන් නීතිඥ ජගත් අබේනායක රජයේ ජෙෂ්ට නීතිඥ මාදව තෙන්නකෝන් යන අයද පෙනී සිටියහ. 

මෙම පෙත්සම ශේෂ්ට්‍රදිකරණයේ ගොනු කලේ 2010.03.30 දිනය. එවිට චමින්ද සම්පත් 31 හැවිරිදි කම්කරුවෙකි. ඔහුව බණ්ඩාරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ගෙවල් බිද රත්රන් බඩු සොරා ගැනීමක් සම්බන්දයෙනි. ඔහුව රැදවුම් නියෝගයක් ඇති බව පවසමින් බණ්ඩාරගම පොලිසියේ දින 07ක් රදවාගෙන සිටින ලදී. ඔහුට පහර දුන් අතර කොච්චි මිරිස් කන්නට බල කර ඔහුගේ ඇස්වලට නාසයට කොච්චි මිරිස්වක් කරනු ලැබිණි.  මෙසේ කලේ ඔහුව සම්පුර්ණයෙන් නිරුවත් කොටය. ඔහුට හෝස්මෙ පයිප්පයකින්සේ පහර දෙනු ලැබිණි. අත් දෙක සහ කකුල් දෙක ගැට ගසා මෝල් ගසක එල්ලා තබනු ලැබිණි. කලේ රත්රන් බඩු සොරකමක් ගැන ප්‍රශ්න කරමිනි. පෙත්සම්කරු එම චෝදනා ප්‍රතික්ෂේප කළේය. 

ඔහු මානව හිමිකම් කොමිසමට කල පැමිණිල්ල සහ ඥාතීන් ඉදිරිපත් කල දිවුරුම් ප්‍රකාශ මෙහිදී වැදගත් වුනි. එම දිවුරුම් ප්‍රකාශ සැකෙවින් සිද්දිය ඉදිරිපත් කරනු ලැබිණි. අදිකරණය ප්‍රකාශ කලේ වදහිංසා පමිනවිමකදී ශාරීරික වදහිංසාව පමණක් නොව මානසික වදහිංසා පැමිණවීමද සලකා බැලිය යුතු බවය. මෙහිදී තීරණය වූ තවත් කරුණක් වුයේ පොලිස් ස්ථානදිපති පොලිසිය තුල බැරක්කද ඇතුළුව සිදුවන සියලු දේට සහ තමා යටතේ සිටින සියලු පොලිස් නිලදාරීන්ගේ ක්‍රියා වලට වගකිව යුතු බවය.

අදිකරණය පෙත්සම්කරුට වදහිංසා පැමිණවූ බව තීරණය කරන ලදී. තවද 1978 ආණ්ඩු ක්‍රම විවස්ථාවේ 11, 13 (1) සහ 13 (2) වගන්ති වලින් දැක්වෙන මුලික අයිතිවාසිකම් කඩ වූ බව තීරණය කෙරිණි. ඒ අනුව පෙත්සම්කරු චමින්ද සම්පත්ට හිමි වූ මුළු වන්දිය රුපියල් මිලියනයකි. එයින් බාගයක් සහ නඩු ගාස්තු ගෙවීමට රජයට නියෝග කෙරිණි.

මෙම නඩු තීන්දුව සම්පුර්ණයෙන් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.






Thursday, June 22, 2017

Wife beats mentally ill husband.



2017.06.06 Shanthi made this complaint to the officer in charge of police station Wadduwa. She is married with two children. Chanaka 27 years old her son. He is a laborer. Since age of 05 years he has been taking medicine for mental illness. It was said by psychiatrists. Once in every month he has to present at the clinic of ward 59 at Colombo general hospital. There are medical reports. According to medical reports he has to be spent under the care of parents. 

Earlier he worked in a garment factory in Bandaragama. On 16.12.2016 he went to work but did not come back home. Shanthi lodged a complaint at Horana police station on 17.12.2016. The bearing number of the complaint was 267/214. But no examination. 

But Shanthi and family members found out what happened. We found that he is with a woman called Kumari. So they lodged a complaint at Ingiriya police. Two relatives of the girl came to the police and said she is over 18 years and can not interfere. After that Shanthi and relatives came to know that a gold ring and the bank account book were not at home. So Shanthi again lodged a complaint before the Horana police. Her son and young woman summoned to the police station. They stated they were married. They withdrew the Rs.55000/= in the bank book. The gold ring was mortgaged under the name of young woman. Shanthi explained to the police her son's mental illness but the police did not initiate any legal action. 

Now her son did not go to work at the garment factory he is being forced to do labor work by his wife. Shanthi said her son is being tortured mentally and physically by his wife. This wife did not feed her husband. Their neighbors said Shanthi,s son begged food from the neighboring houses. 

AShanthi went to find them. Both of them live in a rented house in Wadduwa. She came to know that her son is being tortured by his wife. This wife did not allow her son to cut his bear and hair. There are wounds all over the body of Shanthi's son. Shanthi's son could not able to take an own independent decision due to his mental illness. He may be killed or made a life threat by his wife. 

Shanthi requests to arrest her son and admit to a hospital and produce before a court. Shanthi also attached the medical report issued by Dr. Renuka Jayasinha of Colombo National Hospital with this written complaint. Shanthi further requests to accept her written complaint  and says all the details are true and correct.

Wednesday, June 21, 2017

Another youth tortured by Panadura South police.



It was 22nd March 2017 around 10 in the morning I was sleeping in home. Three policemen dressed in civilian clothes came. They asked my name. I said Wasantha. Then they asked the name used in home. I said Pami. After that three of them assaulted me using poles and hands and legs. I was hand cuffed. They put me inside the try shaw and brought to the Panadura South police. The try shaw belong to the police.  

I was taken to the upstairs. In the upstairs they put handcuffs putting hands my back. After that they assaulted me using a pole. The blows directed my hand. They were demanding drugs while assaulting. The police personal called Ranaweera and one from two others assaulted me and detained me for about two hours. I can identify them after seen them. After that I was brought down stairs and put inside the cell. 

On 23 rd I was taken to the Panadura hospital. I was accompanied Ranawerera and the other police personal who assaulted me. 

I was taken to the Judicial Medical Officer. There police personal threatened me showing the pistal that I would be shot If I disclose the assault. I was afraid and did not say about the assault. The doctor asked me whether I was assaulted and I said no. After that I was brought to the Panadura court.

At the court the attorney at law defended me and he reported that I was assaulted by the police. The court ordered to admit me to a hospital via prison. I was imprisoned. From prison I was taken to Nagoda hospital. There I was examined by the Judicial Medical Officer. There I stated that I was assaulted by the police. 

I had to be in remand prison until 05th June 2007. 

According to Government analysts report the heroin which put by the police was very little. So the Magistrate court granted me bail. The court also received the medical report from the Nagoda hospital. It proved that I was assaulted. 

I was released on cash bail valid Rs.5000/= and two sureties. The next court hearing will be on 28.11.2017. Because of this fabrication of charge I had to be in prison for 2 and 1/2 months. 

On 21.06.2017 Wasantha made this above written complaint to the Inspector General of Police, the Human Rights Commission and the National Police Commission. He is a 18 years old youth and no job from Panadura. 




Tuesday, June 20, 2017

නිතිය සැමට (Law for All );- කලාවරෝදය (Prescriptive Title)


මෙය අදාළ වන්නේ නිශ්ශල දේපල වලටය. එයට බලපාන නිතිය 1889 අංක 02 දරන කලාවරෝදී අඥා පනතයි. එම දේපල වෙනත් අයකුගේ අයිතියට ප්‍රතිවිරුද්දව වසර 10 කට වැඩි කාලයක් අකණ්ඩව නිදහස්ව සහ නිරවුල්ව බුක්තිවිද තිබිය යුතුය. එවිට කාලාවරෝදී අයිතියක් හිමි වේ. 

මෙම අඥා පනතේ 03 වන විදිවිදානය අනුව නිශ්ශල දේපලක් හිමිකර ගැනීමට ප්‍රදාන වශයෙන් සපුරාලියයුතු සාදක 03 ක් හදුන්වා දි ඇත. ඒවා නම්,

1. අදාල දේපල නිදහස් හිමිකමක් මත බුක්ති විදිය යුතුය.
2. එම බුකිතිය නොකඩවා නිරවුල්ව නිදහස්ව පැවතිය යුතුය.
3. එම බුක්තියේ ආයු කාලය වසර 10 ට වැඩි විය යුතුය.

මෙසේ කලාවරෝද අයිතියක් ඉල්ලා සිටින අයකුට නාමික අයිතියක් ලබා ගැනීමට හැකි ඔප්පුවක් ලෙස ප්‍රකාශන ඔප්පුව දැක්විය හැක. 

 එම ඔප්පුවේ මෙසේ සදහන් වේ.

''පරිසිද්දත්මකව එකී ප්‍රකාෂකරු වන මම මෙහි උපලෙකනයේ වඩාත් විස්තරකර ඇති ඉඩම සහ පරිශ්‍රය සැම සියලු දෙනාගේම අයිතීන්ට ප්‍රතිකුලාව සහ මටම ආවේනික පුර්ණ නිදහසින් නොකඩවා නිරවුල්ව පසුගිය වසර 30 කට අදික කාලයක් බුක්ති විද අනන්‍ය ප්‍රයුක්තිය ලබා ගතිමි.''

මේ පිළිබද ශේෂ්ට්‍රදිකරණය දුන් වැදගත් අබියාචන නඩු තීන්දුවක් ඇත. එහි මෙසේ සදහන් වේ. 

''When a person starts possessing in immovable property with lease and licence of the owner, the presumption is that he continues to posses the immovable property on the permission originally granted and such a person or his agents or heirs cannot claim prescriptive title against the owner or his heirs on the basis of the period he possessed the property.''

මෙම නඩු තීන්දුව සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව වෙත යොමු වන්න. 

http://www.supremecourt.lk/images/documents/sc_appeal_129_2013.pdf

උපුටා ගැනීම් - එදිනෙදා ජිවිතයට නිතිය - නීතිඥ කපිල ගාමිණි ජයසිංහ 
දේපල හිමිකරණය නිතිය සහ නොතාරිස් අත්පොත - කේ ප්‍රැන්සිස් ජේ පෙරේරා

Monday, June 19, 2017

නිතිය සැමට ( Law for All );- කෙවිටය. (Caveat)


යම් පුද්ගලයකුට යම් දේපලක් අයිතියයි සිතමු. එම දෙපලට යම් අගතියක් සිදුවන බවට දැන ගත් විට එනම් ඒ පිළිබද අයිතියට බලපෑමක් වන විට එම පුද්ගලයාට එයින් ආරක්ෂා වීමට කෙවිටයක් දැමිය හැක. මෙය දමන්නේ ඉඩම හෝ දේපල පිහිටා ඇති ප්‍රදේශයට අයත් ඉඩම් ලියාපදිංචි කිරීමේ රෙජිස්ටාර් කාර්යාලයේය. මෙයට යම් ගාස්තුවක් අය කරනු ලැබේ. 

ඉන්පසුව එම දෙපලට අදාලව යම් පුද්ගලයකු යම් ඔප්පු ලියාපදිංචියක් කරන විට ඉඩම් ලියාපදිංචි කිරීමේ රෙජිස්ටාර් වරයා ඉඩමට බැදියාවක් පවතින පුද්ගලයා දැනුවත් කරයි. ඊට පසුව නිශ්ශිත කාලයක් තුල ඉඩමට බැදීමක් අයිති පුද්ගලයා නිසි අදිකරණයක නඩු පැවරිය යුතුව ඇත. ඒ පිලිබදව ඉඩම් රෙජිස්ටාර්වරයා දැනුවත් කල යුතුය. එසේ නොකරන්නේනම් කෙවිටය බල රහිත වේ.

මෙම කෙවිටය මගින් ඉඩම හෝ දේපල අයිති පුද්ගලයා මෙන්ම එය මිලදී ගනු ලබන පුද්ගලයාත් ආරක්ෂා වේ. කෙවිටය දමන පුද්ගලයා කෙවියට්කරු ලෙස හදුනා ගැනේ. මෙම කෙවියටයට දේපල පිළිබද නිශ්ශිත විස්තරයක් ඇතුලත් කල යුතුය. එයට සාක්ෂිකරුවන් දෙදෙනකු අත්සන් කල යුතුව ඇත.


Wednesday, June 14, 2017

නිතිය සැමට (Law for All) ;- කුල වැද්දිම (Adoption)

අතීතයේ කුල වැද්දිම තිබිණි. එනම් වරිග සබාව සාකච්චා කොට වෙනත් කුලයක කෙනෙක් තවත් කුලයකට බාර දීමයි. මෙය වර්තමානයේ හැදින්වෙන්නේ දරුකමට හදා ගැනීම ලෙසයි. 

ඒ පිළිබද නිත්‍යානුකුල කටයුතු කිරීමට වරම ඇති අදිකරණය දිසා අදිකරණයයි. මේ පිළබදව අඥා පනතක් ද තිබේ. මෙම නීති හදුන්වා දෙනු ලැබුවේ ඉංග්‍රීසින් විසිනි. මෙහි ඉතා දැඩි නීති රීති ඇත.  මෙයට අදාල වන්නේ 1941 අංක 24 දරන දරුකමට හදා ගැනීමේ අඥා පනත සහ 1992 අංක 15 දරන දරුකමට හදා ගැනීමේ පනතයි. 

එනම් දරුකමට හදා ගැනීමට දරුවකු ඉල්ලා සිටින පුද්ගලයා අවුරුදු 25 ට වැඩිවිය යුතුය. දරුවා සහ හදා ගන්නා පුද්ගලයා අතර වයස් පරතරය අවුරුදු 21 විය යුතුව තිබේ. දරුකමට හදා ගන්නා ළමයා අවුරුදු 14 ට අඩු විය යුතුය. දරුකමට හදා ගන්නේ වයස අවුරුදු 10 ට වැඩි ළමයෙකු නම් ඒ ළමයාගේ කැමැත්ත තිබිය යුතුව ඇත. තවද අදිකරණය සෑහීමට පත් වන්නේ නම් මිස පිරිමි ඉල්ලුම්කරුවකුට ගැහැණු දරුවකු දරු කමට හදා ගත නොහැක. 

මෙම පනතට අනුව විදේශිකයින් දරුකමට හදා ගැනීම සම්බන්දයෙන් දැඩි සීමාවන් පනවා ඇත. දරුකමට හදා ගත් දරුවකුට නඩත්තු හිමිවේ. එනම් ඒ 1999 අංක 37 දරන නඩත්තු පනතට අනුවයි. මේ සම්බන්දයෙන් කටයුතු කරන අදිකරණය මහේස්ත්‍රාත් අදිකරණයයි. 


Thursday, June 8, 2017

කුවන්ජු පිබිදීම කොමියුනිස්ට් කාරයින්ගේ වැඩක්ද? (Guwangju Uprising An Act of Communists?)



කුවන්ජු දකුණු කොරියාවේ පිහිටි සය වෙනියට විශාලතම නගරයයි. එහි මැයි 18 සිට 27 දක්වා ජනතා පිබිදීමක් ඇති වුනි. මෙය මැයි 18 ප්‍රජාතන්ත්‍රවාදී පිබිදීම, කුවන්ජු ප්‍රජාතන්ත්‍රවාදී වියාපාරය සහ ඔයිල් පල් (518) ලෙස හදුන්වනු ලැබේ.

මෙම පිබිදීමේදී මියගිය පුද්ගල සන්කයාව 606 කි. කුවන්ජු ජනතාව ආයුද අතට ගනු ලැබිණි. ඒ දේශීය අවි ගබඩා සහ පොලිස් ස්ථාන වලින් සොරා ගත් අවි ආයුද වේ. මෙසේ වුයේ ආණ්ඩුවේ හමුදා චුන් දෝ හොන්ගේ ආණ්ඩුවට එරෙහිව විරෝදතා දැක්වූ චෝනම් විශ්ව විද්‍යාලයේ සිසුන්ව මර්දනය කිරීමට එරෙහිවය. ආණ්ඩුවේ හමුදා ඉතා බරපතල අන්දමට සිසුන්ව මර්දනය කරනු ලැබිණි. ඔවුහු පහර දීමෙන් වෙඩි තැබීමෙන් සිසුන්ව මර්දනය කළහ. මියගිය සිසු සන්කයාව 200 ක් පමණ වන බවට වාර්තා වේ.

චුන් ඩො හොන් බලයට පත් වෙන්නේ හමුදා කුමන්ත්රනයකිනි. ඒ 1979.12.12 වැනිදාය. මෙමගින් එනම් 1979.10.26 දින බලයේ සිටි ජනාදිපති පාර්ක් චුන් හි මරා දමනු ලැබිණි. ඔහු මෑතකදී දෝෂාබියෝගයකින් ඉවත් කල ජනදිපතිනි පාර්ක් ගුනේගේ පියා වේ. මෙම ගාතනයෙන් පසුව දකුණු කොරියාවේ ප්‍රජාතන්ත්‍රවාදය සදහා වූ වියාපාරය ඇරබිනි. එනම් හමුදා නිතිය ඉවත් කරන ලෙස ප්‍රජාතන්ත්‍රවාදය, අවම වැටුප්, මාද්‍ය නිදහස ඉල්ලමින් ශිෂ්‍ය සංගම් තම විරෝදතාව පවත්වනු ලැබිණි.

මෙම ජනදිපතිවරයාගේ (චුන්දු ඩො හොන්) කාලය තුල මෙම පිබිදීම හැදින්වුයේ කොමියුනිස්ට්රකායින්ගේ සහ කැරලිකරුවන්ගේ විප්ලවයක් ලෙසයි. නමුත් අදටත් කුවන්ජු වැසියන් තරයේ කියා සිටින්නේ මෙය කොමියුනිස්ට් හෝ වෙනත් කැරලි කණ්ඩායම් වල වැඩක් නොවන බවයි. එය ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස මර්දනය කිරීමට විරුද්දව ක්‍රියාත්මක කල සාදාරන වියාපාරයකි. තවද එය දියත් කලේ ප්‍රජාතන්ත්‍රවාදයට ආදරය කරන චෝනම් ජනතාවය.

මෙම පිබිදීම අසාර්ථක වුවද එය දකුණු කොරියාවේ ප්‍රජාතන්ත්‍රවාදය සහ සන්වර්දනයේ සංදිස්ථානයක් වේ.

මැයි 18 අනුස්මරණ පදනම මෙහි ප්‍රතිපලයකි. එය 1994 අගෝස්තු 30 පිහිටවනු ලැබිණි. එහි එක අරමුණක් වන්නේ විශේෂයෙන් ආසියාව තුල ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමයි. ඔවුන් කරන එක ඉල්ලීමක් නම් කුවන්ජු මස් වැද්දා(චුන් ඩො හොන්) නැවත අත්අඩංගුවට ගෙන සිපිරි ගෙට යවන ලෙසයි.

දකුණු කොරියානු ජනතාව ඉතිහාසය අමතක නොකිරීම තවත් එක් සුවිශේෂී ලක්ෂණයකි. එය ඔවුන්ගේ වේගවත් අද්යාත්මික සහ බවුතික සන්වර්දනයේ රහස ද වේ. ඔවුන් නිරතුරුව ලේ තැවරුණු ඉතිහාසය සිහිපත් කරති. 

හැටේ දශකයේ දකුණු කොරියාව ඉතා දියණු තත්වයට පත් විය. වර්තමානයේ ආසියාවේ දියුණුම රටවල් 04 අතර දකුණු කොරියාවද සිටි. ඒවා වන්නේ සිංගප්පුරුව, තායිවානය, හෝන් කොන් සහ දකුණු කොරියාවයි.






Tuesday, June 6, 2017

නිතිය සැමට (Law for All) ;- බොරු රොබරියක් ගැන ලිකිත පැමිණිල්ලක්. (How to write a written complaint?)


ඔහුට වූ අසාදාරණයට වගකිවයුත්තේ අගුරුවාතොට පොලිසියයි. මෙහිදි ඔහුට විරුද්දව පැමිණිල්ලක් ඉදිරිපත් විය. පැමිණිලිකරු පැමිණිල්ලේ සදහන් කලේ තමන්ගේ මුදල් රුපියල් 14100/=ක් මංකොල්ල කැ බවයි. පොලිසිය ඔහුව අත්අඩංගුවට ගනු ලැබිණි. ඔහුව කුඩුවට ද දැමිණි. පසුදා පැමිණිලිකරු පොලිසියට සදහන් කලේ අදාල මුදල් ගෙදර තිබු බවයි. වින්දිතයා නිදහස් කෙරිණි. ඒ පොලිස් ඇපයක් මතය.

මෙහිදී පොලිසිය කිසිදු නීතිවිරෝදී ක්‍රියාවක් කලේ නැත. පොලිසිය වින්දිතයාට අත්අඩංගුවට ගැනීමේ හේතුව සදහන් කළේය. අත්අඩංගුවේ තබා ගත්තේ පැය 24 ටත් අඩු කාලයකි. ගැහුවේ හෝ බැන්නේ නැත.

ඔහු නිදහස් වී පැමිණීමෙන් පසු ලිකිත පැමිණිල්ලක් කළේය. ඒ පොලිස් ස්ථානාදිපතිට සහ  පිටපත පොලිස්පතිවරයා වෙතය. ඒ පැමිණිලිකරුගේ බොරු පැමිණිල්ලට විරුද්දව නිතියානුකුල පියවර ගන්නා ලෙස සහ තමන්ට විරුද්දව දමා ඇති පැමිණිල්ලේ පිටපත් ඉල්ලා සිටිමිනි.

ලිකිත පැමිණිල්ලක් යැවීමට පොලිසියට යායුතු නැත. එය අදාල පොලිස් ස්ථානයට යවන්නේ ලියාපදිංචි තැපැල් මගිනි. එය පොලිසියට ලැබුණු පසු අනිවාර්යෙන් පොලිස් පොතේ ඇලවිය යුතුය.

මෙවන් පැමිණිල්ලක් සකස් කරන්නේ කෙසේද? 

මෙය ලිවීමේදී කොලයක එක පැත්තක් පමණක් යොදා ගනී. එහි උඩ දකුණු පැත්තේ යවන්නාගේ ලිපිනයද වම් පස උඩ පැත්තේ ලබන්නාගේ ලිපිනයද සදහන් කරනු ලැබේ. මාතෘකාව ලිකිත පැමිණිල්ල හෝ සිද්දියට අදාල ගැලපෙන මාතෘකාවකි. ඉන්පසු නම වයස ලිපිනය විවාහක අවිවාහක බව දරුවන් ගණන ජාතික හැදුනුම්පත් අංකය සහ දුරකථන අංකයයි. ඉන්පසුව සිද්දිය සරලව නිවැරදිව ලියනු ලැබේ. මෙය ලියන විට ඉහලයින්ට ගරු, උතුමා යන පද නොදිය යුතුය. අවසානයේ ඉල්ලීම සදහන් කල යුතුව තිබේ. ඉන්පසුව පැමිණිල්ල අවසාන කරන ස්ථානයේ අදාල වින්දිතයා අත්සන් කල යුතුව ඇත.

පොලිසියට ය නොහැකි අවස්ථාවක ලිකිත පැමිණිල්ල ඊට හොද විකල්පයක් වේ.


Sunday, June 4, 2017

නිතිය සැමට (Law for All) ;- වදහිංසාව (Torture)


මේ 1994 අංක 22 දරන වදදීමට සහ අනිකුත් කෘර අමානුෂික හෝ නින්දිත සැලකීමට හෝ දඩුවම් වලට එරෙහිවූ සම්මුතිය පනතයි. මේ පිළිබද සම්මුතියක් 1984 දෙසැම්බර් මස 10 වන දින නිවුයෝක් නගරයේදී අත්සන් කරනු ලැබිණි.

මේ පනත යටතේ වරදක් සිදු කිරීමට තැත් කරන සිදුකිරීමට ආදාර හා අනුබල දෙන එමෙන්ම සිදු කිරීමට කුමන්ත්‍රණය කරන යම් තැනැත්තකු මේ පනත යටතේ වරදකට වරදකරු විය යුතුය. 

අදාල අදිකරණය මහාදිකරණය වේ. දඩුවම අවුරුදු 07 ට නොඅඩු සහ අවුරුදු 10 ට නොවැඩි කාලයක් බන්දනාගාර ගත කිරීමට සහ රුපියල් දස දහසකට නොඅඩු සහ රුපියල් පනස් දහසකට නොවැඩි දඩයක් වේ.

වදහිංසා පැමිණවීම සංඥය වරදක් සහ ඇප දිය නොහැකි වරදකි. යුද්දමය තත්වයක් යනාදිය පවත්නා විට හෝ උසස් නිලදරයෙකුගේ නියමයක් මත හෝ කරන ලද යම් ක්‍රියා මේ පනත යටතේ වරදක් සම්බන්දව විත්ති වාචකයක් නොවේ.

වදදීම යනු කුමක්ද?

යම් තැනැත්තකුට දැඩි ශාරීරික හෝ මානසික වේදනා ගෙනදිමකි. එය පහත සදහන් කාර්යන් සදහා සිදුවිය යුතුය. එනම් යම් පුද්ගලයකුගෙන් තොරතුරක් හෝ පාපොච්චාරණයක් ලබා ගැනීම යම් පුද්ගලයකු කරන ලද බවට සැක කෙරෙන යම් ක්‍රියාවක් සදහා ඒ තැනැත්තාට දඩුවම් කිරීම සදහාද යම් පුද්ගලයකුට බිය ගැන්වීම හෝ ඔහුට බල කිරීම සදහා වෙනස්කම් කිරීම මත පදනම් වූ වෙනත් හේතුවක් නිසා කරන්නා වූ ක්‍රියාවක් වේ.

මේ සැම අවස්ථාවකම වදදීම රාජ්‍ය නිලදාරියකු විසින් සිදු කල යුතුය.