Friday, September 15, 2017

නිතිය සැමට (Law for All) ;- මානව හිමිකම් කොමිසන් සබාව. (National Human Rights Commission)


ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සබාව යනු 1996 දි අංක 21 දරන පාර්ලිමේන්තු පනත මගින් පිහිටුවන ලද ආයතනයකි. මෙම කොමිෂන් සබාවේ බලතල අතර සුවිශේෂී වනුයේ මානව හිමිකම් කඩවීම පිලිබදව ලැබෙන පැමිණිලි පිලිබදව විමර්ශනය කොට නිර්දේශයන් ඉදිරිපත් කිරීමට ඇති බලතලය. 

එසේ වුවද තම නිර්දේශ ක්‍රියාත්මක කිරීම සදහා අවශ්‍ය බලතල මානව හිමිකම් කොමිෂම වෙත පවරා නොතිබීම එකී පනතෙහි කැපී පෙනෙන දුර්වලතාවකි.

මානව හිමිකම් කොමිෂමේ අනෙකුත් කර්තවියන් අතර වැදගත් වනුයේ මානව හිමිකම් පිළිබද දැනුම ප්‍රවර්දනයට සහ මානව හිමකම් සුරැකීම සදහා අවශ්‍ය නීති සම්පාදනය කිරීමට රජයට නිර්දේශ ඉදිරිපත් කිරීමට ඇති හැකියාවයි. යාපනයද ඇතුළු ලංකාවේ සැම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි පළාත් මානව හිමිකම් කොමිෂම් සබාවේ ප්‍රාදේශීය කාර්යාල ක්‍රියාත්මක වන අතර එහි මුලස්ථානය අංක 14, ආර් ඒ දි මේල් මාවත කොලබ 04 යන ලිපිනයේ පිහිටා ඇත.

මානව හිමිකම් කොමිෂමේ නිලදාරින්ට පොලිස් ස්ථාන වලට සහ සියලුම රැදවුම් මද්‍යස්ථාන වලට යා හැක. එසේ යාහැක්කේ පොලිසියට රැදවුම්මද්යස්තන්යට පමණි. බැරැක්ක පරික්ෂා කල නොහැක. වදහිංසා පැමිණවීම් බහුලව සිදු වන්නේ බැරැක්ක වලය.

මානව හිම්කම් කොමිසමට ඕනෑම රජයේ ආයතනයක ලිපිගොනු ගෙන්වා ගත හැක. එසේ යම් රාජ්‍ය ආයතනයක් ලිපි ගොනු ලබා නොදෙන්නේනම් ශේෂ්ට්‍රදිකරණයේ අපහාස නඩුවක් පැවරිය හැක.

මානව හිමිකම් කඩවූ වින්දිතයාට , ඔහුගේ හෝ ඇයගේ හිතවෙතෙකුට සහ වින්දිතයා වෙනුවට නීතිඥයකුට කොමිසමේ විමර්ශන වලදී පෙනීසිටිය හැක.

ප්‍රයෝගිකව ගත් කල මානව හිමිකම් කොමිසමේ ප්‍රමාදයක් ඇත. එහි වංචාව සහ දුෂණයද ඇත. නමුත් එය රටේ සෙසු යුක්තිය සලසන අයාතන වලට සාපේක්ෂව යහපත් වේ.

උපුටා ගැනීම් ;- ශ්‍රී ලංකාවේ නිතිය හා මානව අයිතිවාසිකම් - නීතිඥ චාරුක සමරසේකර. 




Tuesday, September 12, 2017

නිතිය සැමට (Law for All) ;- කම්කරු විනිශ්ය සබාව. (Labor Tribunal)



''ඇය පානදුරේ ප්‍රසිද්ද පුද්ගලික පාසලක ආරක්ෂක නිලදාරිනියක් ලෙස සේවය කළාය. දිනක් එහි සේවයට නොඑන ලෙස ඇයව සේවයේ යෙදවූ ආරක්ෂක ආයතනය ඉල්ලීමක් කරන ලදී. ඒ දවස් කීපයක් නිවාඩු ගත්තයි පවසමිනි. ඉන්පසුව ඇය මානව හිමිකම් ආයතනයට (ජනසංසදය) පැමිණියාය. මෙයට මානව හිමිකම් සම්බන්දයෙන් සහනයක් සැලකිය නොහැක්කේ පුද්ගලික අංශයේ දුක්ගැනවිල්ලක් නිසාය. මානව හිමිකම් යාහැක්කේ රජයේ ආයතන වලට එරෙහිව පමණි. නමුත් ඇයට නීති උපදෙසක් මෙම ආයතනය විසින් ලබා දෙන ලදී. ඒ පොලිසියේ පැමිණිල්ලක් කරන ලෙස, කම්කරු විනිශ්ය සබාවට සහ කම්කරු දෙපාර්තමේන්තුවට යන ලෙසයි.''

සේව්‍ය සේවක දෙපාර්ශවය අතර කාර්මික සාමය ඇති කිරීමේ අරමුණින් 1950 අංක 43 දරන කාර්මික ආරවුල් පනත හදුන්වා දෙන ලදී. 

මෙම පනත 1957 අංක 62 දරන සංශෝදිත පනත මගින් සංශෝදනය කරන ලද අතර කම්කරු විනිශ්ය සබාව නම් නවතම විනිශ්ය අදිකරණය හදුන්වා දෙන ලදී. කම්කරු විනිශ්ය සබාවකින් අපේක්ෂා කරන ලද්දේ සේව්‍ය සේවක දෙපාර්ශවයෙන් ලැබෙන පැමිණිලි පිළිබද විබාගයක් පවත්වා සාදාරන හා යුක්ති සහගත යයි හැගෙන නියෝගයක් කිරීමයි.

පනත අනුව කම්කරු විනිශ්ය සබාවෙන් සහනයක් හෝ පිහිටක් අයද සිටිය හැක්කේ පහත සදහන් අවස්ථාවලදීය. 

1. සේවා යෝජකයා (සුවමියා) විසින් සේවකයාගේ සේවය අවසන් කිරීම.

2. සේවකයන් 15 දෙනෙකුට අඩුවෙන් සේවයේ යොදවා ඇති ස්ථානයක සේවකයකුට සේවය අවසන් කිරීමේදී පරිතොශිතයක් හිමිවිය යුතුද යන්න සලකා බැලීම.

3. 1983 පාරිතෝෂික පනත අනුව පාරිතෝෂික මුදල අහිමිකර ඇති අවස්ථාවක එම ක්‍රියාව නිතියානුකුල දැයි සලකා බැලීම.

4.කම්කරු ඇමතිවරයා විසින් සේවා කොන්දේසි සම්බන්ද යෙන් කම්කරු විනිශ්ය සබාවක විෂය සීමාව පුළුල් කරමින් නියම කරනු ලැබිය හැකි වෙනත් කරුණු.

ඉහත සදහන් ඕනෑම අවස්ථාවකදී පනතේ නියම කර ඇති ආකාරයේ ඉල්ලුම්පත්‍රයක් පුරවා සේවය අවසන් කිරීම සිදු කිරීමේ දිනයේ සිට 06 මසක් ඇතුලත කම්කරු විනිශ්ය සබාව වෙත ඉදිරිපත් කල යුතුවේ. තවද සේවකයා වෙනුවෙන් ව්ර්තිය සමිතියකටද මෙම ඉල්ලීම ඉදිරිපත් කල හැක.

උපුටා ගැනීම් - ශ්‍රී ලංකාවේ නිතිය හා මානව අයිතිවාසිකම් , නීතිඥ චාරුක සමරසේකර.

Friday, September 8, 2017

නිතිය සැමට (Law for All) ;- කතරගම රූමතිය යලි සිහිපත් කිරීම.


''මරා දැමු ප්‍රේමවතී මනන්පෙරි දරුවන් එකලොස් දෙනෙකුගේ පවුලේ වැඩිමහල් දියණිය විය. සිද්දිය වනවිට ඇය පාසල් අතහැර ගොස් සිටි අතර ප්‍රතිපල නිකුත් වන තෙක් ඇය ආණ්ඩුවේ පාසලක ඉගැන්නුවාය. ඇය මියයාමට වසරකට පෙර 1970.04.17 දින අවුරුදු කුමරිය ලෙස කිරුළු පැලදවුවාය. 1971 අප්‍රියෙල් 16 වන දින පෙරවරු 09 ට පමණ ඇයට කතරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තේ ඇය නිවසේ කොණ්ඩය පීරමින් සිටියදීය. ඒ කැරලිකාරියකයි සැක සිතාය. ඇගේ මව දිගින් දිගටම කියා සිටියේ ඇය කරලිකාරියක් නොවන බවය. කෙසේවෙතත් අවසානයේදී ප්රෙමවතිව නිරුවතින් පාරේ ගමන් කිරීමට සලස්වා හමුදාව විසින් මරා දැමිණි. ඇගේ මව ප්‍රේමවතී සේවුවද හමු වුයේ නැත. 1971 මැයි 24 ඇය සිය දියණියගේ මළසිරුර දුටුවාය. ඒ බස් නැවතුම් පොළ අසල වල දමා තිබී සිරුර ගොඩගත් පසුවය. ඇගේ මව තරයේ කියා සිටි කරුණක් විය. එනම් තම දියණිය කිසිසේත් අප්‍රියෙල් 5 සහ 6 දිනවල පොලිස් ස්ථාන වලට කල පහරදීම් වලට කිසිදු සම්බන්දයක් නොමැති බවය. ''

මේ ඒ විජේසුරිය සහ තවත් අය එරෙහිව රජය නඩුවයි. එය 77 නව නීති වාර්තා 25 හි සොයා ගත හැක. එම ඇපැල අපරාද අබියාචන අදිකරණයේදී විබාග විය. ඒ 1973 වසරේදීය. සබාපති විනිසුරු අලස් විනිසුරු තමොතරම් සහ විනිසුරු විමලරත්න හමුවේ විබාග විය. මෙම අබියාචනය ප්‍රතික්ෂේප වුනි. පහල අදිකරණයේ වැරදිකරුවිම සහ දඩුවම ස්ථිර විය. 

මෙහිදී නැවත වරක්තීරණය වූ ඉතා වැදගත් කරුණ නම් පහල නිලදාරීන් ඉහල නිලදාරීන්ගේ තීන්දු ක්‍රියාත්මක කරන නමුත් එසේ ක්‍රියාත්මක කල යුත්තේ නිත්‍යානුකුල නියෝග පමණක් බවයි. ඒ අනුව නිතියානුකුල නියෝග වලදී පමණක් පහල නිලදාරීන්ගේ ක්‍රියා වල වගකීම ඉහල නිලදාරීන් මත පැවරෙන බවයි.

මෙම නඩු තීන්දුව සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව වෙත යොමු වන්න.

Friday, September 1, 2017

නිතිය සැමට (Law for All);- හදුනාගැනීමේ පෙරෙට්ටුව (Identification Parade)



සාක්ෂිකරුවෙක් යම් පුද්ගලයකු ''දුටුවොත් හදුනා ගත හැකියයි'' පවසන විට ඒ අවස්ථාව සාක්ෂිකරුවන්ට ලබා දීම සදහා හදුනාගැනීමේ පෙරෙට්ටු පවත්වනු ලැබේ. මේ පිළිබද බලය ඇත්තේ මහේස්ත්රත්වරුන්ටය. මේ පිලිබදව ඉල්ලීම කරන්නේ පොලිසියයි. සැකකරුව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සිටම ඔහුගේ අනන්‍යතාව හෙළිදරවු නොකළ යුතුය. ඔහුගේ හිසේ සිට පාදය දක්වා ආවරණය කර බන්දනාගාරයට ගෙන ගොස් බාර දිය යුතු අතර බනදනාගාරය ඇතුලතදී ඔහු හෝ ඇය ව අනෙක් සැකකරුවන්ගෙන් වෙන් කර තැබීම අවශ්‍ය වේ. පෙරෙට්ටුව පැවැත්වෙන දිනයේ එම සැකකරුව අදිකරණයට ඉදිරිපත්කල යුත්තේද හිසේ සිට පාදය දක්වා වසා ආවරණය කරන ලද වාහනයකින්ම ගෙන එම මගිනි. පෙරෙට්ටු පවත්වන ආකාරය ගැන සදහන් වන්නේ නඩු තීන්දු නිතියේය. එනම් එක් සැකකරුවකුට සාමාන්‍ය පුද්ගලයින් සය දෙනෙකු බැගින් තෝරා ගත යුතුව ඇත. මෙම තෝරාගැනීම කරන්නේ උසාවි බාරව සිටින පොලිස් නිලදාරියා විසිනි. එහිදී සැකකරුගේ වයස සහ ශරීර ප්‍රමාණය සැලකිල්ලට ගනු ලැබේ. හදුනාගැනීමේ පෙරෙට්ටුව පවත්වන්නේ ආවරණය කරන ලද කාමරයකය. එහි ඇතුලත සිදුවන දේ පිටත සිටින අයට නොපෙනිය යුතුය. සැකකරුව කිසිම අවස්ථාවක විවුර්ත අදිකරණයට ඉදිරිපත් නොකළ යුතු අතර පෙරෙට්ටු සදහා සැකකරුවන් වෙන වෙනම අදිකරණයට ගෙන ආ යුතුව ඇත. 

හදුනා ගැනීමේ පෙරට්ටුවක ක්‍රියාදාමය විස්තර කෙරෙන නඩු තීන්දුවක් පහතින් ඇත. එනම් සි එම් පෙරේරා එරෙහිව රජය නඩුවයි.


''1969.09.22 දින වැලිකඩ බන්දනාගාරයේ සිරකරුවකු මිය ගියේය. බන්දනාගාර නිලදාරීන් 11 දෙනෙකු මෙහි සැකකරුවන් විය. පොලිසියෙන් ලැබුණු බි වාර්තා සහ සාක්ෂි අනුව මහේස්ත්‍රාත් හුදුනා ගැනීමේ පෙරෙට්ටුවක් පැවැත්විණි. ''

ඉහත නඩුවට වෙනස් දෙයක් එනම් හදුනා ගැනීමේ පෙරෙට්ටුවේ කාර්යපටිපාටිය ගැන පහත නඩුවෙන් කියවේ. එනම් නීතිපති එරෙහිව ජෝශප් ඇලෝසියස් සහ තවත් අය නඩුවයි.


''මෙම නඩුවේදී මහා අදිකරණය චුදිත - වගයුත්තරකරුවන් තිදෙනෙකුට අදිචෝදනා ඉදිරිපත් කෙරිණි. ඒ නීතිවිරෝදී රැස්වීම සහ මංකොල්ලයක් සම්බන්දයෙනි. මෙහිදී හදුනාගැනීමේ පෙරෙට්ටුව ගැන සාකච්චා විය. එහිදී පෙරේරා එරෙහිව රජය නඩුවට වඩා වෙනස් දෙයක් සරත් නන්ද සිල්වා විනිසුරු ඉදිරිපත් කළේය.''

**''2008 දි කිත් නොයාර් පැහැරගෙන ගොස් පහර දුන්නේය. 2017 පෙබරවාරි 20 ඒ සම්බන්දයෙන් හමුදා සොල්දාදුවන් දෙදෙනෙකු සැක පිට අත්අඩංගුවට ගත් අතර ඔවුන් හදුනාගැනීමේ පෙරෙට්ටුවකට ගල්කිස්ස මහේස්ත්‍රාත් අදිකරණයට ගෙනා අයුරු ඉහත චායාරුපයේ දැක්වේ."**








Thursday, August 24, 2017

ජනතා අදිකරණය. (95) ;- බුද්දි ඉවන්තගේ නඩුව.



මේ ශේෂ්ට්‍රදිකරණයේ විබාග වූ අංක 126/2008 දරන මුලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුවේ සාරාංශය වේ. පෙත්සම්කරුවන් දෙදෙනෙකි. ඒ බුද්දි ඉවන්ත සහ ඔහුගේ පියා ජයන්ත ගුණසේකර යන අයයි. වගයුත්තරකරුවන් වුයේ මිටියාගොඩ පොලිසියේ නිලදාරීන් පොලිස්පති සහ නිතිපතිවරයාය. මෙය ශේෂ්ට්‍රදිකරන විනිසුරුවරුන් වන බි පි අලුවිහාරේ, උපාලි අබේරත්න සහ කේ ටි චිත්‍රසිරි යන ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විබාග විය. පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ විරාන් කොරයා සමග නීතිඥ සරිටා ද ෆොන්සේකා සහ වගයුත්තරකරුවන් වෙනුවෙන් රජයේ නීතිඥ ඉඳුනිල් පුන්චිහෙවාද පෙනී සිටියහ. තීන්දුව දුන්නේ 2017.07.11 වැනිදාය. ඒ වසර 08 කට පසුවය.


මෙම සිද්දිය වන විට පළමු පෙත්සම්කරු 14 වියේ පසුවූ අම්බලන්ගොඩ නින්දාන මහා විද්‍යාලයේ 10 ශ්‍රේණියේ සිසුවෙකි. දෙවන පෙත්සම්කරු පළමු පෙත්සම්කරුගේ පියා විය. පළමු පෙත්සම්කරු නිවසේ සිටියදී වගයුත්තරාකාර පොලිස් නිලදාරීන් පැමිණ ඔහුගෙන් දෙවන පෙත්සම්කරු කොහේදැයි විමසා තිබේ. එවිට පළමු පෙත්සම්කරු දෙවන පෙත්සම්කරු සිටින කුබුරට යාමට සහයවීම උදෙසා වගයුත්තරකරුවන්ගේ වාහනේට නැග ඇත. ඉන්පසුව පොලිසිය පළමු පෙත්සම්කරු එනම් බුද්දිව මීටියාගොඩ පොලිසියට රැගෙන යන ලදී. 

පොලිස් ස්ථානයේදී බඩු දීපන් කියමින් බුද්දිට ඉතා දරුණු ලෙස වදහිංසා පමුණුවා තිබේ. ඒ අතර පයින් ගසමින් ඔහුව සපත්තු වලින් පැගිමද වේ. ඔහුට පොලු වලින් තට්ටම් වලටද ගසා ඇත. ලණුවකින් බල්කෙක එල්ලා ද පහර දි තිබේ. ඒ ගෙයක් කඩා සොරා ගත් රත්තරන් සහ සල්ලි ඉල්ලමිනි. ඉන්පසුව ඔහුව කුඩුවට දැමිණි. එහිදී පෙත්සම්කරු නිරීක්ෂණය කල දෙයක් විය. ඒ සතර වන වගයුත්තරකරුගේ නැනාගෙන් ඇගේ සුවමිපුර්ශයගෙන් සහ පුතාගෙන් ප්‍රකාශ ලබා ගන්නා අයුරුය. 

ඊලග දිනයේ පෙත්සම්කරුව බලපිටිය මහේස්ත්‍රාත් අදිකරණයට ඉදිරිපත් කල අතර ඇප මත මුදා හැරිණි. ඔහු බලපිටිය මුලික රෝහලට ඇතුලත්ව නේවාසිකව ප්‍රතිකාර ගත් අතර අදිකරණ වයිද්ය් නිලදාරී විසින් පරික්ෂා කරනු ලැබිණි. මෙම පොලිස් පහරදීම ඔහුගේ ශාරීරික සවුක්යට මෙන්ම මානසික සවුක්කයට්ද බලපාන ලදී. 

අදිකරණය තීරණය කලේ 1978 ආණ්ඩු ක්‍රම විවස්ථාවේ 12(1) වගන්තියේ සදහන් මුලික අයිතිවාසිකම් කඩ වූ බවයි. පළමු පෙත්සම්කරුට වන්දි නියම විය. ඒ තුවාල රෝහල් ගත කිරීම විදි වේදනාව සහ අවමානයටයි. 1, 2, සහ 3 වගයුත්තරකරුවන් රුපියල් 1,00,000 බැගින් ලක්ෂ 03 ක්ද ගාස්තු ලෙස රුපියල් 25,000 /= බැගින් එක් අයෙකු රුපියල් 75, 000 ක්ද ගෙවිය යුතු විය.

මෙම නඩු තීන්දුව සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.

Monday, August 21, 2017

නිතිය සැමට (Law for All) ;- කුලියට දුන් දේපලක් විනාශ වුවිට.


කුලියට දුන් දේපලක් විනාශ වුවිට කුලී නිවැසිබාවය අහෝසි වනවාද? මෙය ශේෂ්ට්‍රදිකරණයේ විබාග වූ අබියාචන නඩුවකි. එහිදී කුලියට දුන් වියාපාර ආයතනයක් ගින්නෙන් විනාශ වී තිබේ. 1991 ජුනි 29 වැනිදා මෙම ගින්න හට ගෙන ඇත. 

ශේෂ්ට්‍රදිකරණයේ අබියාචන නඩු තීන්දුව දුන්නේ 2017.08. 04 වැනිදාය. ඒ වසර 21 කට පසුවය. තීන්දුව කුලී නිවැසියාට වාසිසහගත වුනි. එනම් ගින්නෙන් විනාශ වූ දේපල නැවත අලුත් වැඩියා කල හැකි බවට සාක්ෂි වූ බැවිනි. තවද දේපල සම්පුර්ණයෙන් විනාශ නොවූ බවටද සාක්ෂි තිබිණි. නඩුව ඇසෙන විට පැමිණිලිකරු මියගිය අතර ඒ වෙනුවට ඥාතීන් ආදේශ කෙරිණි. 

මෙම නඩුව ශේෂ්ට්‍රදිකරන විනිසුරුවරුන් වන ඉවා වනසුන්දර, විනිසුරු බි පි අලුවිහාරේ විනිසුරු උපාලි අබේරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විබාග විය. මෙම දේපල නුවර යටිනුවර විදියේ පිහිටා ඇත.

මෙම නඩු තීන්දුව සම්පුර්ණයෙන් කියවීමට පහත සබැදියාව වෙත යොමු වන්න.





Friday, August 18, 2017

ජනතා අදිකරණය (94) ;- පොලිස් පොඩ්ඩා පොලිස් ලොක්කාට එරෙහිව නඩුව දිනයි.


මේ ශේෂ්ට්‍රදිකරණයේ විබාග වූ අංක 12/2012 දරන මුලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුවේ සාරාංශය වේ. මෙහි තීන්දුව දුන්නේ 2017.08.04 වැනිදාය. පෙත්සම්කරු පාලිත නන්දසිරිය. වගයුත්තරකරුවන් වුයේ පොලිස් නිලදාරීන් පොලිස්පති සහ නිතිපතිවරයාය. මෙය ශේෂ්ට්‍රදිකරන විනිසුරුවරුන් වන පි බි අලුවිහාරේ ප්‍රියන්ත ජයවර්දන සහ උපාලි අබේරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විබාග විය. පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ ජේ සි වැලිඅමුණ සමග නීතිඥ පුලස්ති හේවාමාන්න යන අයද වගයුත්තරකරුවන් වෙනුවෙන් රජයේ ජෙෂ්ට නීතිඥ රජිවූ ගුණතිලක යන අයද පෙනී සිටියහ.

පෙත්සම්කරු කියා සිටින්නේ පොලිස්පති තමන්ට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීම සහ සාජන් දුරයේ සිට කොස්තාපල් දක්වා සේවයෙන් පහලට දැමීම යථාර්තවාදී නොවන අතර අත්තනෝමතික නිසා තමාගේ මුලික අයිතිවාසිකම් කඩ වූ බවයි. ඔහු වැඩි දුරටත් කියා සිටියේ විනය පරීක්ෂණය පැවැත්වීම පොලිස් දෙපාර්තමේන්තු රෙගුලාසි වලට පටහැනි බවත් තනතුරෙන් පහලට දැමීම අසාදාරණ බවත්ය.

2009 නොවැම්බර් 07 පෙත්සම්කරු හැටන් පොලිසියේ රථවාහන අංශයට අනුයුක්තව සිටියේය. ඔහු සහ තවත් නිලදරියෙකු සේවයේ යෙදි සිටියදී වාහනයක් නතර කල අතර එහි රියදුරු සහ අනෙක් මගින් බිමත්ව සිටි අතර එහි රියදුරුට නිසි බලපත්‍රයක් නැති බවත් තීරණය කළහ.

පෙත්සම්කරු රියදුරුව පොලිසියට ගෙනා අතර ඔහු බිමත්බව සොයන පරීක්ෂණයට සහයෝගය නොදැක්වීම නිසා රෝහලට ගෙන ගිය අතර එහිදී වය්ද්‍ය පරීක්ෂණයකට බදුන් වූ අතර බිමත්ව සිටි බව තහරු වුනි පසුව පොලිස් ස්ථානයට නැවත රැගෙන විත් වෙනත් පොලිස් නිලදාරියකු විසින් ප්‍රකාශයක් ලබා ගෙන පොලිස් ඇප මත මුදා හැරිණි. එසේ කලේ හැටන් මහේස්ත්‍රාත් අදිකරණයේ පෙනී සිටීමට නියෝග කරමිනි. ඔහු අදාල දිනයේ අදිකරණයට ඉදිරිපත්ව චෝදනා දෙකටම වරදකරු බව පිළිගැනීමෙන් අනතුරුව රුපියල් 7500 ක දඩයක් මත මුදා හැරිණි.

ඉන්පසුව මෙම පුද්ගලයා කරේ දේශපාලනඥයින්ගේ සහය ඇතිව උක්ත පෙත්සම්කාර පොලිස් නිලදාරියට බලපෑම් කිරීමයි. එනිසා ඔහු මෙම මුලික අයිතිවාසිකම් නඩුව පැවරු අතර එයින් ජයග්‍රහණය කළේය. නමුත් වන්දි හෝ නඩු ගාස්තු හිමි වුයේ නැත. එනම් 11 වන වගයුත්තරකරු පෙත්සම්කරුගේ 1978 ආණ්ඩු ක්‍රම විවස්ථාවේ 12(1) වගන්තියෙන් සහතික කර ඇති මුලික අයිතීන් කඩ වූ බව තීරණය කෙරිණි. 

මෙම නඩු තීන්දුව සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව වෙත යොමු වන්න. 






Wednesday, August 9, 2017

නිතිය සැමට (Law for All) ;- සමත මණ්ඩලය (Mediation Board)




සාම්ප්‍රදායික අදිකරණ පද්දතියෙන් පරිබාහිරව විකල්ප ආරවුල් නිරාකරණ ක්‍රම උපායක් ලෙස සමථකරණය හදුන්වා දිය හැක.

1988 අංක 72 දරන පනත මගින් ශ්‍රී ලංකාවට සමත මුල මණ්ඩල ක්‍රමය හදුන්වා දී ඇත. දිවයිනේ සැම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයකම පාහේ ආවරණය වන පරිදි සමත මුල මණ්ඩලයක් බැගින් පිහිටා ඇත. සැම සමත මුල මණ්ඩලයක්ම සබාපතිවරයා ප්‍රමුක සමත කාරවරුන්ගෙන් සමන්විත වේ. සමතකරවරයාගේ කාර්යය නම් ආරවුලකට අදාල දෙපාර්ශවය කැදවා ආරවුලට හේතු වූ කාරණය සාකච්චා කර සමතයකට එලබීම සදහා උපකාරිවිමයි. එසේ වුවද ආරවුලට මැදිහත්වූ පාර්ශවයන් වෙනුවෙන් තීරණ ගැනීම හෝ වැරදි කල අය තීරණය කිරීම සමතකරුවන් විසින් සිදු නොකරයි. ආරවුලක් සමතයකට පත්කිරීම සදහා එක් අවස්ථාවකදී සමතකරුවන් තිදෙනෙකුගෙන් යුත් මණ්ඩලයක් පත් කරනු ලබයි.

සමත මණ්ඩලය මගින් විසදා ගත හැකි ආරවුල්

සිවිල් ආරවුල්

උදාහරණ

නය මුදල් අයකර ගැනීම - ඔබ විසින් තවත් අයකුට දුන් නය මුදලක් ආපසු නොගෙවන අවස්ථාවේදී එම නය මුදල අයකර ගැනීමට

වන්දි මුදල් ලබා ගැනීම ඔබට සිදුවූ යම් අලාබයක් පියවා ගැනීම සදහා මුදල් අයකර ගැනීමට

නිශ්චල හෝ චංචල දේපල පිළිබද ආරවුල් යම් දෙපලක බුක්තිය හිමිවිය යුත්තේ කාටද යන්න පිලිබදව ආරවුලක් විසදා ගැනීමට

සුළු සාපරාදී වරදවල් සම්බන්ද ආරවුල්

උදාහරණ

සුවෙච්චවෙන් තුවාල කිරීම. - යම් පුද්ගලයකුට ශාරීරික හානියක් සිදුකිරීම පහරදීම වැනි කරුණු සම්බන්ද ආරවුල්

අයුතු අවහිර හෝ හිරිහැරය - යම් ස්ථානයකට දෙපලකට ඇතුළුවීමට ඇති අයිතිය අයුතු ලෙස අවහිර කිරීම, නිත්‍යානුකුල ක්‍රියාවක් කිරීම සදහා ඉඩ නොදීම වැනි කරුණු.

අඩන්තේට්ටන් කිරීම හෝ සාපරාදී බලහත්කාරය. - ශාරීරිකව හෝ මානසිකව පුද්ගලයෙකුට හිරිහැර කිරීම හෝ යම් දෙයක් කරන ලෙස / නොකරන ලෙස නීතිවිරෝදී ලෙස බල කිරීම.

යම් පුද්ගලයකු අපකීර්තියට පත් කිරීම - පුද්ගලයකුගේ කිර්ති නාමයට හානිවන ලෙස යම් පුද්ගලයෙකු කටයුතු කර ඇති විටෙක ඒ සම්බන්ද පැමිණිලි.

සමත මණ්ඩලයට යොමු වීමේ වාසි

අදිකරණයේදී මෙන් සංකීර්ණ ක්‍රියා පටිපාටියක් නොව සරල හා පහසු ක්‍රියා පටිපාටියක් අනුගමනය කල හැකි වීම.

එක් පාර්ශවයක පරාජයෙන් අවසන් වන ක්‍රියාපටිපාටියක් නොව පාර්ශවයන් දෙකේම එකගතාවයෙන් අවසන් වන ක්‍රියා මාර්ගයකි.

අවුල් නිරාකරණයට වැයවන මුදල සාපේක්ෂව ඉතා සුලුවිම.

ඉතා ඉක්මනින් සමතකරනයට එලබීම හෝ සමත කිරීමට නොහැකි බවට සමත මුල මණ්ඩලයේ සහතිකය ලබා විකල්ප ක්‍රියාමාර්ග වෙත එලබීමට හැකිවීම.

විදිමත් පුහුණුවක් ලැබූ සමත කරුවන්ගේන් සමන්විත මණ්ඩලයක සහයෙන් ආරවුල් නිරාකරණය කර ගත හැකි වීම.

''සමත මණ්ඩල පනතින් ආවරණය කර තිබෙන කරනා අදිකරණය විබාගයට ගනු ලබන්නේ සමත මණ්ඩලය වෙත යොමු කිරීමෙන් අනතුරුව පාර්ශවයන් අතර සමතයක් නොවන්නේනම් පමණකි. සමත මණ්ඩලයට පැමිණිලි යොමු කිරීම පොලිසිය හෝ අදිකරණය සිදුකරයි. පුද්ගලිකවද පැමිණිලි ඉදිරිපත් කල හැකියි.

පොලිසිය චුදිතයින්ට / වගයුත්තරකරුවන්ට පක්ෂව කටයුතු කිරීමේ අදහසින් සමත කල නොහැකි කාරණාද වරදවල්ද සමත මණ්ඩලයට යොමු කරනු ලබන අවස්ථා එමටය. එවන් අවස්ථාවලදී සමත මණ්ඩල කැදවීම් අනුව ඉදිරිපත් නොවී ලිකිතව සමත නොවන බව සදහන් කොට ප්‍රස්තුත කාරණය අදිකරණයට යොමු කරන ලෙසට ඉල්ලා සිටීම කල යුතුයි. මේ මගින් ප්‍රමාදය වලක්වා ගත හැකිවනු ලැබේ. සමත මණ්ඩල කැදවීම් වලට ඉදිරිපත්වීම අනිවාර්ය නොවේ.

සමත මණ්ඩලයද තමන්ට කල නොහැකි දේවලට මැදිහත්විමෙන්ද පිඩාවට පත්ව සිටින පාර්ශවයන් තවදුරටත් පිඩාවට පත්කරවන අවස්ථාවන්ද තිබේ. එවන් අවස්ථාවල නොපැකිලිව විරෝදය පල කිරීමටද ඒ සම්බන්දයෙන් වාචිකව හා ලිකිතව පැමිණිලි කිරීමට පියවර ගත යුතුය.

මොනම පදනමක් මත හෝ සමතයන්ට බල කිරීමට දෝෂාරෝපණයට ලක් කිරීමට බලපෑම් කිරීමක් සමතවලට පැමිණෙන ලෙසට බලකර සිටීමට නොහැකි අතර එවන් අවස්ථාවලදී අබියෝග කිරීම සමත මණ්ඩලය ප්‍රතික්ෂේප කිරීම වර්ජනය කිරීම හා අදාල සමතකරුවන්ට සහ සමත මණ්ඩල සබාපතිට එරෙහිව අදිකරණ අමාත්‍යංශයේ පිහිටි සමත මණ්ඩල කොමිෂමේ සබපතිවරයාට ලිකිතව පැමිණිලි කල යුතුයි. පියවර ගන්නා තෙක් සිහි කැදවීම් කල යුතුයි. ප්‍රදේශය තුල දුෂිත සමත නිලදාරින්ව සිද්දිය පදනම් කරගෙන හෙළිදරවු කල යුතුයි. අකණ්ඩව අබියෝග කල යුතුයි.''

මේ 2010/71 දරන ශේෂ්ට්‍රදිකරන අබියාචන නඩුවයි. චුදිත අබියාචක වුයේ එවකට තිස්සමහාරාම පොලිසියේ ස්ථානදිපතිවරයා සහ නිතිපතිය. තීන්දුව ලබා දුන්නේ 2017. 06. 30 වැනිදාය. මෙම අබියාචනය ඉදිරිපත් කලේ 2009. 11.04 දින ලබා දුන් මහා අදිකරණ තීන්දුවට එරෙහිවය. එම තීන්දුව ශේෂ්ට්‍රදිකරණයෙන් විසි කෙරුණු අතර මහේස්ත්‍රාත් අදිකරණය 2015.01.17 දුන් තීන්දුව යලි බල ගැන්විණි.

එහිදී තීරණය කෙරුනේ බැංකු මංකොල්ලයක් සමත කල නොහැකි බවයි. එහිදී වැඩි දුරටත් ප්‍රකාශ වුයේ මෙසේ සමත මණ්ඩලයට යොමු කිරීම කාලය කා දැමීමක් වන අතර එය රටේ නඩු පමාවටද බලපාන බවයි. එය මහේස්ත්රත්වරයා විසින් හෝ මහා අදිකරණ විනිසුරුවරයා විසින් දඩුවම් පැමිණවිය යුත්තකි. මේ තත්වය සමත මණ්ඩල පනත ගෙන ඒමේදී විවස්ථාදායකය චේතනා කල දෙයක් නොවන බවයි. මිට අමතරව ශේෂ්ට්‍රදිකරන තීන්දුවේ වැඩි දුරටත් සදහන් වුයේ මෙය සමත මණ්ඩලයට යොමු කල නොහැක්කක් මෙන්ම ඒ සම්බන්දයෙන් සමත නොවීමේ සහතිකයක් නිකුත් කිරීමද අනවශ්‍ය කරුණක් බවයි.

මෙම අබියාචන නඩු තීන්දුව සම්පුර්ණයෙන් කියවීමට පහත සබැදියාව වෙත යොමු වන්න.



උපුටා ගැනීම්

ශ්‍රී ලංකාවේ නිතිය හා මානව අයිතිවාසිකම් - නීතිඥ චාරුක සමරසේකර.

නිතිය මත පාලනයක් ගොඩ නැගීමට කඩතුරා බිදහෙලමු. - ජනසංසදය


038 2231419

077 3201270










Tuesday, August 8, 2017

නිතිය සැමට (Law for All) ;- ප්‍රාථමික අදිකරණය (Primary Court) සහ දිසා අදිකරණය (District Court)


ප්‍රාථමික අදිකරණය රටේ අදිකරණ දුරාවලියේ පහලම අදිකරණය වේ. එය මුල් අවස්ථා අදිකරණයකි. ප්‍රාථමික අදිකරණ 07 ක් ඇත. ඒ ආනමඩුව, අගුනකොලපලැස්ස, මහනුවර,මල්ලාකම්, පිලිස්ස, වැල්ලවාය සහ වෙන්නප්පුව යන ප්‍රදේශ වලය. අනික් වසම් වල ප්‍රාථමික අදිකරණ බලය මහේස්ත්‍රාත් අදිකරණ විසින් ක්‍රියාත්මක කරනු ලැබේ. ප්‍රාථමික අදිකරණ වලට අපරාද අදිකරණ බලය මෙන්ම සිවිල් අදිකරණ බලයද ඇත.

ප්‍රාථමික අදිකරණය විසින් විබාග කල හැක්කේ පහත අවශ්‍ය තාවයට යටත් නඩුකර පමණි.

එනම් අලාබ ඉල්ලීමට හිමිකම් කියා පෑමට හෝ ගෙවීම පැහැර හැරිම වටිනා කමින් රුපියල් 1500 ට අඩු වන විට, පළාත් පාලන ආයතන වල අනු නීති ක්‍රියාත්මක කිරීම සහ ඒවායේ ආදායම් ලබා ගැනීම සම්බන්ද කරුණු, ඉඩම් ආරවුල් සම්බන්ද වැරදි

අමාත්‍යවරයා විසින් ගැසට් පත්‍රය මගින් නියම කරනු ලබන යම් යම් වැරදි සම්බන්ද අනන්‍ය මුල් අපරාද අදිකරණ බලයක් ප්‍රාථමික අදිකරණය විසින් ක්‍රියාත්මක කරනු ලබයි.

විෂය ගත කරුණ රුපියල් 1500 ට අඩු වුවද රජයේ නියෝග අනුව කරනු ලැබූ ක්‍රියාවකට එරෙහිව හෝ අදිකරණ සංවිදාන පනතේ 4 වන උප ලේකනය යටතට ගැනෙන කිසිදු කාරණයක් සම්බන්දව ප්‍රාථමික අදිකරණයට විබාගයක් පැවැත්විය නොහැක.

ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වන ඉහලම මුල් අවස්ථා සිවිල් අදිකරණ බලතල ක්‍රියාත්මක කරන්නා වූ අදිකරණය දිසා අදිකරණයයි. දිසා අදිකරණය සම්බන්දයෙන් පහත කරුණු වැදගත් වේ.

සියලුම සිවිල් ආදායම් බාර වස්තු බන්ගත්ව හා තෙස්තමේන්තු යන විෂයය යටතට ගැනෙන නඩු විබාග කල හැක, පවුල් අදිකරණයන් අහෝසි කරනු ලැබීමෙන් පසුව වයිවහික ආරවුල් සම්බන්ද සියලු කරුණුද දිසා අදිකරණය විසින් ක්‍රියාත්මක කරනු ලබයි, මන්ද බුද්දික හා උමතු තැනැත්තන්ගේ දේපල සම්බන්දයෙන් රැකවල් කරුවෙකු ලෙස දිසා අදිකරණය ක්‍රියා කරනු ලබයි. බාල වයස්රකායකු සම්බන්දයෙන් ඉහලම බාරකරු වශයෙන් සැලකෙනුයේ දිසා අදිකරණයයි.

උපුටා ගැනීම් - ශ්‍රී ලංකාවේ නිතිය හා මානව අයිතිවාසිකම් - නීතිඥ චාරුක සමරසේකර

Monday, August 7, 2017

The plight of a youth.


This is Sanjeewa Perera. I am 23 years old Sinhala Buddhist. My father has no job. My mother too has no job. J have two brothers and two sisters. I am the youngest in the family. I live with my parents. We live in the kitchen of my elder brother's house. We become wet in the rainy season and hot in the dry season. I never go to a school. 

I born before the schedule time. That was in seven months. I went an operation in my bladder when I was two months old. Still I have urinate problem. It takes more time to pass urinate. Sometimes it takes ten minutes. I have the disease called Raththaya. Because of these reasons I never attended a school. Three years ago I went to see Wesak with a friend and who took me drugs. (Heroine) 

One day I asked money from my mother to bye drugs. My elder sister informed the police and requested to rehabilitate me. So Panadura police arrested me. Sub inspector Sanjeewa arrested me. At that moment the drugs were not my position and not consumed drugs. 

I was taken to the Panadura hospital and put to a doctor. The doctor did not ask anything from me. No medical examination. He filled the form and handed over it to the police. I was brought back to the police and put me inside the cell. The following day I was produced before the court. I told the judge what was happened. This was instructed to me by my mother. The judge remanded me and ordered to put me to another doctor. I was in the Kalutara prison. From there I was sent to Nagoda hospital. The doctor examined me. The blood took for tests. After eight days I was brought to the court from the prison. It was mentioned the medical report that no drugs in my body. So I was acquitted from that case.

I am not addict to drugs. Sometimes I have taken it with my friend. I decided to stop that too. I went to the Unawatuna rehabilitation center and rehabilitated. Now I have never taken drugs.

I go to work outside my village and do paint work. I earn Rs.7000/= per day. All the week days I have work. On 15.09.2016 at around 11.30 pm I was arrested by Panadura Wella superintendent of police when I was returning home from my work. I was taken to a room and stripped. They laid me on the floor and poured Chile juice into my eyes while I was held by four policemen. They blended chilli in a blender which was on a table in front of me. After that they assaulted me using poles. They too burnt my hand using a hot iron. 

After that I was bathed in a bathroom. I was kept in a room with putting handcuffed. They put me two lawsuits and produced me before the court. 

The lawyer who appeared behalf of me mentioned about the assault before the court. The judge ordered to produce me at the hospital via the prison. I was brought to the Nagoda hospital from the Kalutara prison. I was examined by a doctor. The police put 3250 mg of heroine. According to government analyst report there were only 100 mg of heroine. The police made drugs by using panadol and put it into a spoon and warm it in front of me. After five months I received bail. The report by the judicial medical officer mentioned the torture that I under went and proved that I was not a drug addict. 

These repercussions happened because I pleaded innocence to the fabricated lawsuits by the police.  
They do not allow me to look after my parents and engage in a peaceful occupation. They try to arrest me torture me and fabricate charges against me and label me a criminal. 

I complained this to the Inspector General of Police and complained to the human rights commission via phone. I don't have money to file a lawsuit. 


077 3201270
038 2231419


Friday, August 4, 2017

නිතිය සැමට (Law for All) ;- මහේස්ත්‍රාත් අදිකරණය (Magistrate Court)



මහේස්ත්‍රාත් අදිකරණය විසින් මුල් අවස්ථා අපරාද අදිකරණ බලතල ක්‍රියාත්මක කරයි. මහේස්ත්‍රාත් අදිකරණයෙන් විබාග කල හැක්කේ පහත අවශ්‍යතාවනට යටත් වරදවල් සම්බන්ද නඩු පමණි.

එනම් නියම කල හැකි උපරිම දඩුවම රුපියල් 1500 ට නොවැඩි දඩයක් වන වැරදි සහ නියම කල හැකි උපරිම දඩුවම වසර දෙකකට නොවැඩි සිර දඩුවමක් වන වැරදි වේ.

මහා අදිකරණය ඉදිරියේ විබාග කල යුතු බරපතල වැරදි සම්බන්දයෙන් ලගු නොවන නඩු විබාගයක් (non summary trial) පැවැත්වීමේ බලතලද මහේස්ත්‍රාත් අදිකරණය සතුය.

මෙයට අමතරව යම් පනතක් මගින් වරදක් සම්බන්දයෙන් නඩු විබාග කිරීමේ බලතල සහ රුපියල් 1500 ට වඩා වැඩි දඩයක් හෝ වසර 02 ට වැඩි සිර දඩුවමක් නියම කිරීම සදහා බලය පවරා ඇත්නම් අදාල පනත ප්‍රකාරව මහේස්ත්‍රාත් අදිකරණයට නඩු විබාග කල හැක.

උදා මෝටර් රථ වාහන ආඥාපනත යටතේ නඩු විබාග කිරීමට සහ වඩා බරපතල දඩුවම් පැමිණ වීමට මහේස්ත්‍රාත් අදිකරණයට බලය පවරා ඇත.

මහේස්ත්රත්වරු පත් කිරීම, ඉවත් කිරීම, විනය පාලනය කරනු ලබන්නේ අදිකරණ සේවා කොමිසම විසිනි. ඔවුන් තෝරන්නේ අදිකරණ කටයුතු වල නිරත නීතිඥවරු අතරිනි. අතිරේක මහේස්ත්‍රාත් වරුද ඇත. මහේස්ත්‍රාත් නොමැති විට නීතිඥවරු අතරින් කෙනෙකු නිල නොලත් මහේස්ත්‍රාත් ලෙස කටයුතු කරන අතර ඔහු හෝ ඇය කරන්නේ දිනයක් වෙත නඩු කල් දැමීමය. 

මේ ඉතාම මෑතක මහේස්ත්‍රාත් අදිකරණයක බලතල ගැන සාකච්චා වූ අබියාචනා අදිකරණයක නඩු තීන්දුවකි. එය හැදින්වෙන්නේ විලා හවුස් නඩුව ලෙසයි. එහිදී තීරණය වුයේ මහේස්ත්‍රාත් අදිකරණයට  නිවසකින් නෙරපීමට නියෝග දිය නොහැකි බවයි. එම නඩු තීන්දුව සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව වෙත යොමු වන්න.

http://www.janasansadaya.org/uploads/files/C%20A%20_PHC_%20APN%20108%202013.pdf

උපුටා ගැනීම් - ශ්‍රී ලංකාවේ නිතිය හා මානව අයිතිවාසිකම් - නීතිඥ චාරුක සමරසේකර 

WWW.JANASANSADAYA.ORG

Thursday, August 3, 2017

නිතිය සැමට (Law for All) ;- අබියාචනා අදිකරණය (Court of Appeal) සහ ශේෂ්ට්‍රදිකරණය (Supreme Court)




ඉහත අදිකරණ දෙක ශ්‍රී ලංකාවේ ඉහලම අදිකරණ දෙක වේ. අබියාචන අදිකරණයට අබියාචන බලතල තිබේ. ඒ මහා අදිකරණයේ සහ පහල අදිකරණ වල තීන්දු සම්බන්දයෙනි. 1801 පිහිටවූ ශේෂ්ට්‍රදිකරණයට අවසන් අබියාචන බලතල සහ ආණ්ඩු ක්‍රම විවස්තා කටයුතු පිළිබද අදිකරණ බලය තිබේ. එයට ඕනෑම පහල උසාවියක අබියාචන විබාග කල හැක. 

අබියාචනා අදිකරනයට පත් කිරීම් කරන්නේ ජනාදිපති විසින් අදිකරණ සේවා කොමිසමේ උපදෙස් පරිදිය. එහෙත් එසේ අදිකරණ සේවා කොමිසමෙන් උපදෙස් ගැනීමට ජනාදිපති බැදී නොමැත. ශේෂ්ට්‍රදිකරනයට ජනාදිපති විසින් ආණ්ඩු ක්‍රම විවස්තා සබාවේ උපදෙස් පරිදි පත් කිරීම් සිදු කරයි. ඉවත් කරන්නේ පාර්ලිමේන්තුවේ දෝෂාබියෝගයක් මගිනි. 

සාමාන්යෙන් මෙම ඉහල උසාවි දෙකටම විනිසුරුවරු බවට පත්වන්නේ නීතිඥවරුන් ගෙනි. ඔවුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65 කි. මෙම අදිකරණ දෙකේම විනිසුරුවරු විශ්‍රාම ගැනීමෙන් පසුව නීතිඥවරු ලෙස නැවත සේවය නොකරයි.

ශේෂ්ට්‍රදිකරණයේ මුලසුන හොබවන්නේ අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් විසිනි. අබියචනදිකරණයේ මුලසුන හොබවන්නේ එහි සබපතිවරයාය. වර්තමානයේ අබියචනදිකරණයේ සබාපති ලෙස කටයුතු කරන්නේ එල් ටි බි දෙහිදෙනිය විසිනි.

පහත දැක්වෙන්නේ ශේෂ්ට්‍රදිකරණයේ වර්තමාන විනිසුරුවරුය.
NameDate of birthHome provinceAppointed byDate appointedMandatory retirement dateLaw SchoolPrior judicial office
Priyasath Dep
(Chief Justice)
Rajapaksa10 July 2011University of Colombo
International Institute of Social Studies
Solicitor General of Sri Lanka
Eva WansunderaNorth WesternRajapaksa7 July 2012Sri Lanka Law College
University of Leicester
Attorney General of Sri Lanka
Buwaneka AluwihareRajapaksa4 December 2013University of LondonAdditional Solicitor General of Sri Lanka
Sisira de AbrewWesternRajapaksa7 May 2014Sri Lanka Law CollegePresident of the Court of Appeal of Sri Lanka
Priyantha JayawardenaRajapaksa7 May 2014Sri Lanka Law College
University of Aberdeen
Upali AbeyratneRajapaksa17 December 2014Court of Appeal of Sri Lanka
Anil GoonaratneSirisena30 January 2015Sri Lanka Law College
University of Exeter
Court of Appeal of Sri Lanka
K. T. ChitrasiriSirisena3 December 2015University of Sri Lanka
Queen Mary University of London
Court of Appeal of Sri Lanka
Nalin PereraSirisena3 March 2016Court of Appeal of Sri Lanka
Prasanna JayawardenaSirisena16 June 2016University of ColomboCourt of Appeal of Sri Lanka
Vijith K. Malalgoda



පහත දැක්වෙන්නේ වර්තමානයේ අබියාචනා අදිකරණ විනිසුරුවරුය. 

Judges of the Court[edit]


දෙවන ජෙෂ්ටතම අදිකරණය වූ අබියාචනා අදිකරණයට හිමි බලතල 1978 ආණ්ඩු ක්‍රම විවස්ථාවේ 138 සිට 145 විවස්තාවන්හි දක්වා ඇත. ඒවා පහත පරිදිය එනම් අබියාචනා අදිකරණ බලතල, ප්‍රතිශෝදන අදිකරණ බලතල, රිට් අඥා සිදුකිරීමේ බලතල, මැතිවරණ චන්ද පෙත්සම් විබාග කිරීමේ බලතල සහ අදිකරණයට අපහාස කිරීම සම්බන්ද නඩු විබාග කිරීමේ බලතල වේ.

ශේෂ්ට්‍රදිකරණයට හිමි බලතල 1978 ආණ්ඩු ක්‍රම විවස්ථාවේ 120 සිට 131 දක්වා විවස්තාවන්හි දක්වා ඇත. ඒ අනුව ආණ්ඩු ක්‍රම විවස්ථාව අර්ථ නිරුපනය කිරීමේ බලතල, අවසානාත්මක අබියාචනා අදිකරණ බලතල, ජනදිපතිවරයා සම්බන්දයෙන් ඇති උපදේශනාත්මක අදිකරණ බලතල, පාර්ලිමේන්තුව විසින් නියම කරනු ලබන විෂයයන් සම්බන්දයෙන් අනු නීති සම්පාදනය කිරීමේ බලතල, පාර්ලිමේන්තු වරප්‍රසාද කඩකිරීම සම්බන්ද නඩුකර විබාග කිරීමේ බලතල, මුලික අයිතිවාසිකම් උල්ලන්ගනයන් සම්බන්ද නඩුකර විබාග කිරීමේ බලතල, ජනදිපතිවරණ සහ ජනමත විචාරන චන්ද පෙත්සම් විබාග කිරීමේ බලතල, විශේෂ අවස්ථාවන්හි රිට් අඥා නිකුත් කිරීමේ බලතල යන අදියයි. 

Sunday, July 30, 2017

නිතිය සැමට (Law for All) ;- මහා අදිකරණය (High Court)



ඔහු මහා අදිකරණ විනිසුරු ඉලන්චිලිඅන්ය. යාපනයේ නල්ලුර්හි දි ඔහු ඉල්ලක්ක කර ගෙන සිදුවූ වෙඩි තැබීමෙන් ඔහුගේ ආරක්ෂාවට සිටි සිංහල පොලිස් නිලදාරියකු මරණයට පත් විය. ඔහු දැනට යාපනයේ විත්යා සිසුවිය ගාතන නඩුවේ ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජිකයකු ලෙස කටයුතු කරයි. හෙතෙම එම පොලිස් නිලදාරියගේ හලාවත පිහිටි නිවසට ගොස් අවසන් ගවුරවයද දැක්විය. මේ මෑත කාලයේ සැබෑ සන්හිදියාවයි.


ශ්‍රී ලංකාවේ මහා අදිකරණය මුල් අවස්ථා සහ අබියාචනා එනම් සිවිල් සහ අපරාද යන නඩු කටයුතු දෙකෙදීම අදිකරණ බලය ක්‍රියාත්මක කරන අදිකරණය වේ. එය විනිසුරුවරු 10 කට නොඅඩු සහ 40 කට නොවැඩි සන්කයවකින් සමන්විතයි.

ආණ්ඩු ක්‍රම විවස්ථාවට එනම් 19 වන සංශෝදනයට අනුව මහා අදිකරණ විනිසුරුවරයකු පත් කරනු ලබන්නේ අදිකරණ සේවා කොමිසමේ නිර්දේශය මත නීතිපති උපදෙස් වලින් පසුව ජනදිපතිවරයා විසිනි. නීතිඥ රාමනාතන් කන්නා ජනාදිපති විසින් මහා අදිකරණ විනිසුරු ලෙස පත් කිරීම දැඩි විරෝදයට හේතු වුයේ එය 19 වන සංශෝදනයට පටහැනි බව කියමිනි. ඔහුව එම තනතුරට පත් කලේ නීතිඥයකු ලෙස කටයුතු කරමින් සිටියදීය. 

මහා අදිකරණ විනිසුරුවරකු ඉවත් කරනු ලබන්නේ අදිකරණ සේවා කොමිසමේ නිර්දේශය මත ජනදිපතිවරයා විසිනි. ඒ විනය විරෝදී කටයුතු සම්බන්දයෙනි.

මහා අදිකරණ විනිසුරුවරයකුගේ විශ්‍රාම වයස අවුරුදු 61 කි. 

මහා අදිකරණයට අපරාද අදිකරණ බලය මෙන්ම වාණිජ අදිකරණ බලය ඇත. වාණිජ අදිකරණ බලය වාණිජ මහා අදිකරණය විසින් ක්‍රියාත්මක කරයි. මහා අදිකරණය එක් විනිසුරුවරයෙක් හෝ ජූරියක් යටතේ හෝ ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලක් මගින් නඩු විබාග කරයි. වාණිජ මහා අදිකරණය රුපියල් මිලියන 05 ට වැඩි වාණිජ ගනුදෙනු සම්බන්දයෙන් කටයුතු කරනු ලැබේ. 


Friday, July 28, 2017

Fabrication of charge against the wife and abduction of the husband by a white van.




Anoja Chandani 27 years old married with two children resides in Baduraeliya. On 18th July 2017 she has made complaints to the human rights commission and the inspector general of police. Manoj Wasantha is her husband.

On 17.07.2017 She and her 5 years old child were at home. Her husband went outside for work. According to her husband Manoj was engaging in illicit liquor brewing for about 05 years ago. Now he does not do anything illegal. 

Yesterday around 11.30 in the morning five personal in civilian clothes arrived at her home. They arrived by motorcycles. She identified second police officer in post of Baduraeliya police among them. But she did not know his name. They had questioned about her husband and she stated he had gone for work. Then they told her to prepare for going to the police. She asked what the reason was. Instead of telling it they blamed her. The second officer mentioned earlier brought a pole. Another police officer took a call and brought a try shaw. It was red in colour.

This so called second police officer held the pole to her head and threatened. After that she was brought to the Baduraeliya police. At that time of arrest there was no woman police officer. 

She was brought with her small child. The police kept them in the police station and recorded a confession from her. The police officer who recorded a confession was the one who came to her house. He asked her what would she do when police filed a lawsuit of arrack. She said that she would plead guilty. After sometime her husband's younger brother called Nirosh Chaminda came to the police station and she was bail out.

The police instructed her to appear before the court on 28th July. After that she and her child came home. 

At night the driver of the said red color try shaw came by a motorcycle and claimed the fees. She said she couldn't give it. The this driver blamed her using filth. After he was at the compound she went to her husband's younger brother's house. She was there until her husband gave a call. She came home and saw the motorcycle which the driver was came burning. She said they did not know what had happened. After that her husband called the Baduraeliya police around 09 in the night. The police informed them to lodge a complaint in the maornning of tomorrow. 

But around 12.30 at night four police men in uniforms arrived her house and asked her the incident in detail. The police informed them to come to the police on the following day to record a confession regarding the burning of the motorcycle. The police said her that her husband had burnt the motorcycle. 

On 18.07.2017 morning she her husband and the child came to the Mathugama Majistrate Court. They came to hear the case of her husband bearing number 40119. After the hearing they came outside and near the gate four police personal in civilian clothes took her husband by a white van. It was happened around 12.30 in the afternoon. These police personal did not say anything. 

She requests to take legal actions regarding illegal arrest and fabrication of charges against her by the Baduraeliya police and on 18.07.2017 the police police personal who took her husband by a chit van. Instead of this request she further requests to disclose about her husband's whereabouts and stop torture and fabrication of charges against him. 

Janasansadaya 038 2231419, 077 3201270

Saturday, July 22, 2017

නිතිය සැමට (Law for All) ;- මහා අදිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල. (Trial At Bar)




යාපනයේ විද්‍යා සිසුවිය රංචු ගැසී ස්ත්‍රී දුෂණයෙන් පසුව ගාතනය කෙරිණි. සිද්දිය වන විට ඇගේ වයස අවුරුදු 18 කි. මේ පිලිබදව ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ නඩුව යාපනයේ කයිට්ස් මහා අදිකරණයේ විබාග වේ. සිද්දිය සිදු වූ අවස්ථාවේ මෙය උතුරේ පමණක් නොව දකුණේද දැවැන්ත විරෝදතා වලට හේතු විය. සිද්දිය වුයේ 2015 මැයි 12 වැනිදාය. ප්‍රදාන සැකකරු සුවිස් කුමාර් නැමැත්තාය. ඔහු මේ රංචු ගැසී ස්ත්‍රී දුෂණය සහ ගාතනය සැලසුම් කලේ එය වීඩියෝ කර සුවිස්ටර්ලන්තයේ ආයතනයකට විකිනිමටය. ඔහු මිට පෙර ද මෙවැනි අපරාද කල බව වාර්තා වේ. මෙය දැනට විබාග වන TRIAL AT BAR නඩුවකි.


මෙම TRIAL AT BAR නඩුවකදී නඩුව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විබාග වේ. ඒ මහා අදිකරනයේය.

මෙවැනි නඩු විබාගයක් පැවැත්වීම තීරණය කරන්නේ කවුද? වරදේ සුවබාවය සහ වරද සිදු කිරීමේ අවස්තනුගත කරුණු අනුව යුක්තිය ඉෂ්ට කිරීම සදහා විශේෂ අදිකරණයක් මගින් නඩු විබාගයක් පැවැත්විය යුතු බවට අගවිනිසුරුවරයාගේ මතය වන විට ඔහුගේ අත්සන සහිත ආඥාවකින් ඒ සදහා නියෝග කල හැකිය. 

මෙය ඉතා ඉක්මනින් යුක්තිය ඉටු කිරීමට හැකි මගකි. නමුත් අයහපත් ලක්ෂනයක් වන්නේ එක් අබියාචන අවස්ථාවක් පමණක් තිබීමය. එනම් අබියාචන කරන්නේ ශේෂ්ට්‍රදිකරනයට පමණි. 

මෙසේ විබාග කර නිමා කල මුල් අවස්ථාවේ නඩු ලෙස සදීප ලක්ශාන් නඩුව හා රීටා ජෝන් නඩුව දැක්විය හැක. මිනීමැරුම් සහ ස්ත්‍රී දුෂණය චෝදනා වූ මෙම නඩු දෙකේදීම තීන්දුව වුයේ මරණිය දන්ඩනයයි.




ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...