Thursday, February 23, 2017

ජනතා අදිකරණය (89) ; ලසන්ත ගාතන සැකකරුගේ නඩුව.



මේ ශේෂ්ට්‍රදිකරණයේ විබාග වූ අංක 458/2010 දරන මුලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුවේ සාරාංශය වේ. පෙත්සම්කරු වැලිකඩ රක්ෂිත බන්දනාගාරයේ පසුවූ කෙන්දෙගෙදර ප්රියවංස විය. වගයුත්තරකරුවන් වුයේ ආරක්ෂක ලේකම් පොලිස් නිලදාරීන් සහ නිතිපතිවරයාය. 

මෙය විනිසුරු සිසිර ජේ ඩි අබ්රු, විනිසුරු අනිල් ගුණරත්න සහ විනිසුරු නලින් පෙරේරා යන ත්‍රිපුද්ගල ශේෂ්ට්‍රදිකරන විනිසුරු මඩුල්ලක් හමුවේ විබාග වුනි. පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ ජේ සි වැලිඅමුණ නීතිඥ පසිඳු සිල්වා නීතිඥ සුලක්ශ්න සේනානායක යන අයද වගයුත්තරකරුවන් වෙනුවෙන් රජයේ ජේස්ට නීතිඥ නයෝමි වික්‍රමසේකර යන අයද පෙනී සිටියහ. තීන්දුව දෙනු ලැබුවේ 2017.02.15 වැනිදාය. තීන්දුව ලීවේ විනිසුරු සිසිර ජේ ඩි අබ්රු වන අතර එයට අනෙක් විනිසුරු දෙපලගේ එකගතාවය හිමි වුනි. 

පෙත්සම්කරු කිවේ තමාගේ 1978 ආණ්ඩු ක්‍රම විවස්ථාවෙන් එනම් 12(1), 13(1) සහ 13(2) වගන්තින් වලින් සහතික කර ඇති මුලික අයිතිවාසිකම් කඩවූ බවයි. 

පෙත්සම්කරු 1975 අප්‍රියෙල් මස හමුදා සෙබළකු ලෙස හමුදාවට බැදේ. උසස් වීමක් ලැබුනද හමුදාවෙන් පැන යාම නිසා නැවත අත්අඩංගුවට පත්වේ. ඉන්පසුව ඔහුව නුවර එළියේ සිංහ රෙජිමේන්තුව වෙත යවනු ලැබේ. ඔහු 2003 සිට 2006 දක්වා ලොරි රියදුරකු ලෙස කටයුතු කරයි. 

2010 .02.27 ඔහුව ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබේ. ඔහුට අත්අඩංගුවට ගැනීමේ හේතුව දැනුම් දුන්නේ නැත. ඔහුගෙන් ජෙසුදසන් නම පුද්ගලයකු පිලිබදව සහ මද්යාවේදී ලසන්ත වික්‍රමතුංග ගාතනය ගැන ප්‍රශ්න කෙරිණි. ඔහුව කොලබ මහේස්ත්‍රාත් අදිකරණයට ඉදිරිපත් කර එයින් රක්ෂිත බන්දනාගාර ගත කෙරිණි. ඔහුව මහේස්ත්‍රාත් අදිකරණයෙන් නිදහස් කලද ගල්කිස්ස මහේස්ත්‍රාත් අදිකරණයේ ලසන්ත ගාතන නඩුවේ සැකකරුවෙකු බවට පත් කෙරිණි. පෙත්සම්කරු කියා සිටියේ ඔහුව අත්අඩංගුවට ගැනීම සහ රදවා ගැනීම නීතිවිරෝදී බවයි. 

ශේෂ්ට්‍රදිකරණය මෙම අත්අඩංගුවට ගැනීම නීතිවිරෝදී බව තීරණය කළේය. 12(1) වගන්තියෙන් කියවෙන්නේ සියලු පුද්ගලයින් නිතිය ඉදිරියේ සමාන බවත් නීතියේ සමාන ආරක්ෂාව හිමිවිය යුතු බවත්ය. 13(1) වගන්තියෙන් කියවෙන්නේ කිසිදු පුද්ගලයකු නීතියේ කර්යබරය්ට පිටින් අත්අඩංගුවට නොගත යුතු මෙන්ම අදාල අත්අඩංගුවට ගන්නා පුද්ගලයාට අත්අඩංගුවට ගැනීමේ හේතුව කිව යුතු බවය. මේ අනුව පෙත්සම්කරුගේ 12(1) සහ 13(1) වගන්තින් වලින් සහතික කර ඇති මුලික අයිතිවාසිකම් උල්ලංගනය වූ බව තීරණය කෙරිණි. 


05 වන වගයුත්තරකරුට රුපියල් ලක්ෂයක් වන්දි ලෙස පෙත්සම්කරුට ගෙවීමට නියම විය. තවද එය මෙම නඩු තීන්දුව දුන් දිනයේ සිට මාස තුනක් ඇතුලත ලබා දිය යුතු විය. 

මෙම නඩු තීන්දුව සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බාෂාවෙන් කියවීමට පහත සබදියාවට යොමු වන්න. 

















Monday, February 20, 2017

ආසියානු මානව හිමිකම් කොමිසම, අදිකරණ සේවා කොමිසමට ලියයි.



හොන්ග් කොන්ග් හි ආසියානු මානව හිමිකම් කොමිසම අදිකරණ සේවා කොමිසමේ ලේකම් ප්‍රදීප් ජයතිලක මහතාට ලිපියක් යොමු කර තිබේ. ඒ දැනට විශ්‍රාමික විනිසුරු බි ඒ ආර් සෝමසිංහ හිටපු දිසා විනිසුරුට එරෙහිව ඇති වසර 05 ක් තිස්සේ විබාග වන පදනම් විරහිත සහ ද්වේශ සහගත චෝදනා සම්බන්දවයි.

ආසියානු මානව හිමිකම් කොමිසම වෙනුවෙන් මෙම ලිපිය ලියන්නේ එහි විදායක අද්යක්ෂක බිජෝ ෆ්‍රැන්සිස් මහතාය. ඔහු අවදානය යොමු කරන්නේ ව්ශ්‍රමික දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් බි ඒ ආර් සෝමසිංහ මතතා යොමු කල පැමිණිල්ල සම්බන්දයෙනි. මෙම විනිසුරුව වින්දිතයෙකු කර ඇත. එය වසර 05 කට වැඩි කාලයක්අල්ලස් කොමිසම සිදුකරන පදනම් විරහිත සහ ද්වේශ සහගත චෝදනා සම්බන්දයෙන් කරනු ලබන විමර්ශන හේතුවෙනි. සෝමසිංහ මහතාට එරෙහි චෝදනා නිසා ඔහුට මහා අදිකරණ විනිසුරුවරයකු ලෙස හිමිවිය යුතු උසස් වීම අහිමිව ගියේය. තවද ඔහුගේ පාර්ශවයෙන් වරදක් නොමැතිව ඔහුට අපහාසයන්ට මුහුණ දීමට සිදුව ඇත. ඔහු කියන්නේ මෙම චෝදනා වල දෝෂ සහගත බව සහ මෙම කරුණ පිළිබද පරීක්ෂණ පැවැත්වීමට ගතවන අසාදාරන කාලය ගැන අදිකරණ සේවා කොමිසම නිසි පරිදි දැනුවත් කල බවයි. ඔහු තව දුරටත් පැමිණිලි කරන්නේ ඔබ අදිකරණ සේවා කොමිසම ඔහුව ආරක්ෂා කිරීමට කිසිවක් නොකළ බවත් සාදාරන කාලයක් තුල පරීක්ෂණ පැවැත්වීම සහතික නොකළ බවය. අල්ලස් කොමිසම 2012.11.22 ඔහුව කැදවනු ලැබිණි. ඒ ලේකන කිහිපයක් ගොනු කිරීමටය. ඔහු එය සිදු කළේය. නමුත් අදටත් මෙම පරීක්ෂණය අවසන් නැත. ඔහුගේ ඉල්ලීම්ද ඉටු වී නොමැත.

මේ අතරතුර අල්ලස් කොමිසමේ පරීක්ෂණයක් තිබේ යයි නිගමනය කර 2013 සිට සෝමසිංහ මහතාගේ වැටුප් වරදක අදිකරණ සේවා කොමිසම විසින් අත්හිටුවා ඇත. 2016.10.12 දින පමණක් ඔහුගේ වාර්ෂික වැටුප් වරදක වලට අවකාශ සලසා දෙන බවට ඔහුට දන්වා තිබේ.

තවද සෝමසිංහ මහතා ඔහුගේ විශ්‍රාම වයසට ලගා වී ඇත. සේවයයේ සිටියදී ඔහු වැඩිම ජෙෂ්ට දිසා විනිසුරු වූ බැවින් මහා අදිකරණ විනිසුරු දුරයට උසස් වීම ලැබීමට හැකියාව තිබිණි. කෙසේනමුත් ඔහුට එරෙහිව වියාජ පරීක්ෂණයක් පැවතීම හේතුවෙන් ඔහුගේ රැකියාවේ ඉහලට හබා යාම අහිමි කෙරිණි. සොම්සිංහ මහතාට අනුව ඔහුට එරෙහි අල්ලස් කොමිසමේ පරීක්ෂණ අවසන් නොවූ බැවින් ඔහුට මහා අදිකරණයට පත්වීම් ආදිය සලකා බැලීමට නොහැකි විය. ඔහුට මේ බව වාචිකව දැන්වූ බව ප්‍රකාශ වුනි. ඔහු විසින් මේ පිලිබදව අදිකරණ සේවා කොමිසමට ලිපි ගණනාවක් ලියන ලද මුත් එය මැදිහත් වීමට අසමත් වුනි.

සෝමසිංහ මහතාට අනුව නිර්නාමික පැමිණිල්ලක් මත මෙම පරීක්ෂණය ආරම්බ වුනි. එනම් ඔහුගේ මතය අනුව එයට කිසිදු පදනමක් නැත. තවද එය ඔහුගේ නඩු තීන්දුවකට ප්‍රති ප්‍රහාරයක් වශයෙනි. ඔහු මෙම නඩු තීන්දුව දෙන ලද්දේ  මොරටුව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් ව සිටි සමයේ පල්ලියේ දේපලක් සම්බන්දයෙනි. හෙතෙම විනුසුර්වරයකු හැටියට නීතියට අවශ්‍ය ආකාරයට ඔහු එම නඩු තීන්දුව ලබා දුන්නේය. මෙම නඩුවේ සක්ෂිකරයකු වශයෙන් නීතිඥයකු සිටි අතර හෙතෙම ඔහුට දැන ගැනීමට සලස්වුයේ මෙම නඩු තීන්දුව දුන් විනිසුරුව දුරයේන් ඉවත්කරන බව ප්‍රසිද්දියේ කියමින් බවයි.

තවදුරටත් සෝමසිංහ මහතා මෙසේ කියා සිටියි. එනම් හිටපු අගවිනිසුරු මොහාන් පිරිස් මහතා ඔහුව කැදෙවුයේය. හෙතෙම ඔහුට රැකියාවෙන් ඉවත් වන ලෙස පැවසුවේය. ඔහු විසින් එය ප්‍රතික්ෂේප කරන ලදී. ඔහු කියා සිටියේ තමාට විරුද්දව චෝදනා ඇත්නම් අගවිනිසුරුවරයා විසින් විමර්ශනයක් පැවැත්විය යුතු බවය. හෙතෙම අදිකරණ සේවා කොමිසමෙන්ද තමාට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගැනීමට පෙර නිසි පරීක්ෂණයක් පවත්වන්නයි නයිතිකව ඉල්ලා සිටියේය. කෙසේනමුත් එවැනි පරීක්ෂණයක් පැවැත්වීමෙන් තොරව ඔහුගේ වැටුප් වර්දක සහ උසස් වීම සම්බන්දයෙන් තීරණ ගැනිණි.

ඉහත සදහන් කරුණු මත පදනම්ව ශ්‍රී ලංකාවේ නිතිය මානව හිමිකම් සහ නීතියේ පරිපාලනය පිළිබද බොහෝ කරුණු කාරනා යෙදී තිබේ. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබද සම්මුතියට අත්සන් තබා ඇත. අල්ලස් කොමිසම මෙම චෝදිත පරීක්ෂණය නිමා කිරීමට අනිසි  ප්‍රමාදයක් ගැනීම එම සම්මුතියේ දැක්වෙන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් උල්ලංගනය කිරීමක් වේ. ශ්‍රී ලංකාව මෙම සම්මුතියේ වයිකල්පික ප්‍රටෝකොලයටද අත්සන් තබා ඇත. එහි .5.2 පරිච්චේදයට අනුව පුද්ගලයකුට එරෙහි පරීක්ෂණයකදී අනිසි  ප්‍රමාදය එම පුද්ගලයාගේ මානව හිමිකම් උල්ලංගනය කිරීමක් වේ.

සුන්දාරච්චිගේ ලලිත් රාජපක්ෂ එරෙහිව ශ්‍රී ලංකාව නඩුව ගනිමු. (CCPR/83/D/1250/2004) එහිදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව මෙසේ තීරණය කෙරිණි. එනම් ඔහුගේ පැමිණිල්ල සම්බන්දයෙන් කඩිනම්ව කටයුතු නොකිරීම පෙත්සම්කරුගේ අයිතිවාසිකම් උල්ලංගනය කිරීමක් බවයි. එම නඩුවේ කමිටුව සන්නිවේදනය කරන අවස්ථාවේ ප්‍රමාදය වසර තුනක් විය. 2006 සැප්තැම්බර් 05 දින ඉහත සන්නිවේදනය පිළිබද නඩුවේදී අවසාන මතයෙදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව මෙය වැඩි දුරටත් ස්ථිර කර දක්වනු ලැබිණි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව අර්ථ නිරුපනය කල මුලදර්මයක් තිබේ. ඒ පුද්ගල ආරක්ෂාවට දෙනු ලබන මුලික වැදගත්කමයි. විනිසුරුවරු ඇතුළු ඕනෑම තැනැත්තෙකුට එරෙහිව පැමිණිලි විබාග කිරීම රජයේ වගකීම වේ. එමෙන්ම විමර්ශනය කරන සහ අදිකරනමය කර්රයක් කරන වගකිවයුත්තන්ටද වගකීමක් තිබේ. එනම් එවැනි පරීක්ෂණ සාදාරන කාලයක් තුල සහ විශේෂයෙන් අසාමාන්‍ය ප්‍රමාදයකින් තොරව ඒවා සිදු කිරීම වේ.

මෙය අදාල පුද්ගලයන්ගේ වැටුප් වර්දක සහ උස්සස් වීම සම්බන්දයෙන් වන පරීක්ෂණ වලදී එනම් මෙම සිද්දියේදී ජෙෂ්ට දිසා විනිසුරුවරයකු වන විට මෙය සිදුවීම සුවිශේෂී වේ. සැම පුරවැසියකුටම හිමි අයිතිවාසිකමක් ඇත. එනම් ඔවුන්ට එරෙහි ඇති චෝදනා අනිසි  ප්‍රමාදයකින් තොරව විමර්ශනය කිරීම වේ. පැමිණිල්ල සැලකියයුතු ලෙස
සාක්ෂි සහිතව ඔප්පු වන විට අදාල පුද්ගලයාට කඩිනමින් නඩු පැවරිය යුතුව ඇත.
නමුත් චෝදනා කල්පිත වන විට සාක්ෂි නොමැති කල අදාල පුද්ගලයා කඩිනමින් නිදොස් කොට නිදහස් කල යුතුය.

සැම පුරවැසියකුටම හිමි අයිතිවාසිකමක් ඇත. ඒ ඉතා හානිකර ද්වේශසහගත සහ වැරදි පැමිණිලි වලින් ආරක්ෂා වීම වේ. මෙම සිද්දියේදී අදාල වන සැලකිල්ල යොමු වන වින්දිතයා එනම් ද්වේශසහගත පැමිණිල්ල යොමුව ඇත්තේ දිසා අදිකරණ විනිසුරුවරයකු බවය. මෙහිදී විනිසුරුවරයකු අවදානම් තත්වයකට පත්ව තිබේ.
ඔහුගේ නඩු තීන්දුවෙන් තෘප්තිමත් නොවූ පුද්ගලයා ඔහුට එරෙහිව එදිරිවාදී තත්වකට පත්ව තිබේ. එමනිසා මෙවැනි චෝදනා සහ ඔවුන් සම්බන්දයෙන් කටයුතු කිරීමේදී සාදාරන ආරක්ෂාවක් අවශ්‍ය වේ. නීතිපති එරෙහිව එම් සුරේෂ් ගුණසේන සහ තවත් පස් දෙනෙක් නඩුවේදී (SC/SPL/LA/No 259/2012) ශේෂ්ට්‍රදිකරණය මෙසේ කිවේය. එනම් වින්දිතයට එරෙහිව පවත්නා සැකය මත ප්‍රථමික පරීක්ෂණය බැහැර කරන අවස්ථාවක වෙනත් ක්‍රියාමාර්ග ගැනීම සම්පුර්ණයෙන්ම අසාදාරන වේ. (එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවේ මතවාදයන් මෙයට අමුණා ඇත.)

රටක් තුල නිතිය මත පාලනය ආරක්ෂා කිරීමට විනිසුරුවරුන්ට දැවැන්ත බුමිකාවක් තිබේ. මේ හේතුව අනුව ඔවුන්ගේ ආරක්ෂාව සහතික කිරීම අත්‍යවශ්‍ය වේ. මෙයින් විනිසුරුවරුන්ට එරෙහි චෝදනා පරික්ශා කරන්න එපැයි අදහස් නොවේ. නමුත් කිසිදු පරීක්ෂණයක් නිස්සාර නොවිය යුතුය. තවද සැම පරික්ෂනයක්ම සාදාරන කාලයක් තුල අවසන් විය යුතුය.

අදිකරණ සේවා කොමිසම පහත පියවර ගත යුතුය. එනම් මෙම විනිසුරුට එරෙහි චෝදනා සාදාරණද යන්නයි. මෙහිදී පැමිණිල්ල නිස්සාර සහ දෙෂසහගත බවට සැක කිරීමට හේතු තිබේ. අප කොමිසම තිදින් කියා සිටින්නාක් ඇත. එනම් අල්ලස් කොමිසම විමර්ශන සාදාරන කාලයක් තුල අවසන් කල යුතු බවය. අනිසි ප්‍රමාදය සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබද ජාත්‍යන්තර සම්මුතිය මුලිකව උල්ලංගනය කිරීමක් වේ. පර්ක්ෂණයක් පැවැත්වීමට වසර 05 ක කාලයක් ගතවීම පැහැදිලිවම දිගු කාලයකි. එනම් මෙහිදී පුද්ගලයකුගේ අයිතිවාසිකම් උල්ලන්ගනය වී තිබේ. මෙහිදී පුද්ගලයා විනිසුරුවරයෙකි. ඔහුගේ ප්‍රසිද්දිය පිළිබද කරුණ ජනතාව අදිකරණය මත තැබූ විශ්වාසය මත අනුකුල වන්නකි. 

මෙම සිද්දියේදී පැහැදිලිව පෙනී සිටින්නක් ඇත. එනම් පරීක්ෂණය අවසන් කිරීමට ඇති ප්‍රමාදය ඔහුගේ වැටුප් වර්දක සහ උසස් වීම වැළැක්වීම විනිසුරුව පිඩාවට පත් කරන බවය. එය නඩු පැවරීමේ චේතනාවෙන් කරන නිතියනුකුල පරීක්ෂණයකට වඩා වැඩි දෙයක් වේ.

විනිසුරුවරයකු යම් තත්ත්වයක් දරා සිටි. ඔහුගේ හොද නම සහ ප්‍රසිද්දිය ඔහුගේ වුර්තිය අවංක බවේ කොටසකි. මෙහිදී බලපෑමට ලක්ව ඇත්තේ දිසා විනිසුරුවරයෙකි. ඔහුට අයිතියක් ඇත. එනම් නිසි ප්‍රසිද්දියකින් පසුව නිදොස් කොට නිදහස් වීමට සහ ඔහුට සිදුවූ හානි වලට වන්දි ලබා ගැනීමට වේ. 

මෙහිදී අවශ්‍ය දෙයක් ඇත. එනම් දෙවෙෂසහගත පැමිණිල්ලක් කල පැමිණිලිකරුගේ බුමිකාවයි. අනෙක වන්නේ හිටපු අගවිනිසුරු මොහාන් පිරිස් ගේ බුමිකාවයි. ඔහු උත්සහ කලේ බලය යොදා පරීක්ෂණයක් සිදුනොකර සෝමසිංහ මහතාට ඉල්ලා අස්වීමට සැලැස්වීමයි. අතීතයේදී අනෙක් විනිසුරුවරුද පැමිණිලි කර තිබේ. විනිසුරුවරුන් පිඩාවට පත් කර පදනම් විරහිතව ඉල්ලා අස් කිරීමට බල කිරීම අදිකරණ සේවා කොමිසමේ දැකිය හැක. එය බරපතල මහජන තැකීමක් ඇති කරන කරුණක් වේ මෙම බාවිතය නිතිය මත පාලනයට සහ විනිසුරුවරුන්ගේ සුවදිනත්වය්ට අහිතකර ලෙස බලපායි. නිතිය මත පාලනය සහ විනිසුරුවරුන්ගේ සුවදිනත්වය ශ්‍රී ලංකාවේ නයිතික ක්‍රියාදාමයේ පදනමට බලපාන වැදගත් දේ වෙයි.

මෙම සියලු කරනා වල බරපතල තත්වයක් තිබේ. අපි ගවුරවනිය ලෙස මෙසේ ඉල්ලා සිටිමු. ඔබේ වගකීම ඇති කරුණ ගැන සලකා බලන්න. සෝමසිංහ මහතාගේ නම නිවැරදි කරන්න. ඔහුගේ උසස් වීමට ඇති අයිතිය ඇතුළු ඔහුට හිමි නිසි සියලු දේ ලබා දෙන්න. අපි යම් දැක්මක සිටින්නෙමු. මෙවැනි කරුණු වලදී අදිකරණ සේවා කොමිසමට නය ගැති බවක් ඇත. එනම් අදිකරණය පිළිබද මහජන විශ්වාසය ආරක්ෂා කිරීමේ මහජන සමාවක් පිලිබදවයි.

මිට විශ්වාසී 
බිජෝ ෆ්‍රැන්සිස් 
විදායක අද්‍යක්ෂ.

මෙම ලිපිය සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බෂාවෙන් කියවිම්ට්ට පහත සබැදියාව හා යොමු වන්න.


පරිවර්තනය ;- හර්ෂි සි. පෙරේරා



Thursday, February 16, 2017

කොරියානු දිනපොත (Korean Diary);- සැම්සුන් ලොක්කා අත්අඩංගුවට ගනී.



ඔහු ලි ජේ යුන්ග් ය. සැම්සුන් හි ඉලෙක්ට්‍රොනික් උප සබපතිවරයා වේ. ඔහුව අත්අඩංගුවට ගෙන ඇත. සියොල්හි මද්යම දිසා අදිකරණය අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව නිකුත් කර ඇත. ඒ දුෂණ චෝදනා සම්බන්දයෙනි. මේ සම්බන්දයෙන් දකුණු කොරියානු හිටපු ජනපතිනිය පාක්ටද දෝෂාබියෝගයකට මුහුණ දීමට සිදු වුනි. 79 වසරක සැම්සුන් ඉතිහාසය තුල අපරාද චෝදනා සම්බන්දයෙන් රදවනු ලැබූ පළමු ලොක්කා බවට ලි පත් විය. අදිචෝදනා ඉදිරිපත් කිරීමට පෙර ඔහුව දින 20 ක් රදවා ගැනීමට නඩු පවරන්නන්ට හැකියාව තිබේ. මෙය සැම්සුන් මුහුණ දුන් විශාල අබියෝගයක් වේ. තවද සැම්සුන් ජනපති පාක්ට අල්ලස් දුන් බව තරයේ ප්‍රතික්ෂේප කරයි.

මෙම ලිපිය ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.

http://www.koreatimes.co.kr/www/nation/2017/02/251_224150.html


Tuesday, February 14, 2017

''උසාවිය නිහඩයි "ගැන මහජනයා සාකච්චා කරති.



බැසිල් ප්‍රනාන්දු.

උසාවිය නිහඩයි ප්‍රසන්න විතානගේ නිර්මාණයකි. එය සිනමා හල් වල පමණක් නොව ප්‍රසිද්ද ජන කණ්ඩායම් වලද ප්‍රදර්ශනය වේ. ඒවාට සහබාගි වීමේ අවස්ථාව මට උදා විය. ඒ රටේ විවිද ප්‍රදේශ වලය. ඒ පානදුර මිගමුව සහ මහනුවර ප්‍රදේශ දෙකකදීය. ඒ සැම අවස්ථාවකදීම පුද්ගලයින් 30 සිට 40 දක්වා කණ්ඩායමක් චිත්‍රපටිය නැරබුහ. ඉන්පසුව සාකච්චාවට බාජනය කෙරිණි.

එහි එන කතා වස්තුන් මහා ජනයාට දිගු කලක් තිස්සේ සුපුරුදු ඒවා වේ. රාවය පුවත් පත වාර්තා කළේය. ඒ පිලිබදව පොත් ලියැවිණි. රුපවාහිනී සකච්චාද පැවැත්විණි. මෙය මහේස්ත්‍රාත් ලෙනින් රත්නායකට සම්බන්දය. ඔහුට කාන්තාවන් දෙදෙනෙකු දුෂණය කල බවට චෝදනා කෙරිණි. ඔවුන් දේපල සිරකරුවන්ගේ බිරින්දා වරුන්ය. සිද්දිය වන විට ඔවුන් රැදවුම් මත සිටියහ. චිත්‍රපටිය මෙම කතාන්තර නැවත වරක් පැවසිනි. චිත්‍රපටිය නරබිමෙන් පසුව ජනයාට ඒ ගැන කතා කිරීමේ අවස්ථාව උදා විය.

එහිදී ඉස්මතු වූ සුලබ කරුණක් විය. එනම් මේ සිද්දීන් වලට නඩු පැවරුවේ නැත්තේ අයද කියාය. මේ සංවාද රසවත් වුයේ අපරාද විද්‍යාව පිලිබදව නැගුනු ප්‍රශ්න හේතුවෙනි.

පොදු තැකීමක් ඇති විය. එනම් යමක් අපරාදයක් ලෙස සලකන්නේ කවුරුද කියාය. සමහරු කිවේ පොලිසියයි . තවත් සමහරු කිවේ නීතිපති කියාය. තවද අපරාදයකට නඩු නොපවරිමට තීරණය කරන්නේ කවුද? එකගතාවය වුවේ නඩු පැවරීම හෝ නොපැවරීම විකල්පයන් වන බවයි. අපරාද වලට නඩු පැවරීම පිළිබද දැඩි වගකීමක් නැත. බොහෝ දෙනෙක් තමන් දන්නා නඩු නොපවරු සිද්දි පිළිබද උදාහරණ ගෙන හැර දැක්වුහ. සමාජ විද්‍යා අද්යනයකට වැදගත් රසවත් කරුණු එනම් අපරාද කරුවන්ට නඩු පැවරීම හෝ නොපැවරීම ගැන ඉදිරිපත් විය. උදාහරණයට නීතිවිරෝදී මත්පැන් විකුනනන් පොලිසයට බෝතල් කිහිපයක් දී අදිකරණයට ඉදිරපත් කර දඩ ගෙවීම දක්විය හැක. මෙහිදී පෙනීයන කරුණ නිශ්ශිත පොලිස් නිලදාරීන් මෙම ස්ථාන වලට යන බවයි. තවද මෙම කරුණ හොදින් සංවිදාන ගත කෙරුණු බාවිතාවක් වන අතර එය ජේස්ට පොලිස් නිලදාරින්ද මැනවින් දන්නා කරුණකි.

වඩාත් අවදාරණය කරන දෙයක් විය. එනම් කිසිදු ප්‍රේක්ෂකයෙකු මෙම කතා වස්තුන් වල එන මහේස්ත්‍රාත්වරයා ට එරෙහිව නඩු නොපැවරීම ගැන පුදුමයට පත් නොවීමයි. සියලු ප්‍රේක්ෂකයින් කිවේ දුප්පතාට එරෙහිව පමණක් නඩු පවරන බවයි. හර්ද සාක්ෂියක් ඇති මද්යවේදියකු මේ අවාසනාවන්ත කාන්තාවනට ඇහුම්කන් නොදෙන්නට මෙම සිද්දීන් ගැන කිසිවක් ඇසෙන්නේ නැති බවයි. මෙය මෙම සාකච්චා වල පොදු අදහස විය.

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වෙයි. නමුත් අපරාද විමර්ශනය නඩු පැවරීම සහ අදිකරණ ක්‍රියාමාර්ග ගැන සාදාරන ක්‍රියාදාමයක් මෙහි නැත. ඒය සහබාගි වුවන්ගේ පොදු හැගීම විය. පොදු ප්‍රශ්නයක් ඉස්මතු වුනි. එනම් ඇත්තටම ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදීද යන්නයි. මේ විශේෂ මහේස්ත්‍රාත් වරයා කල බවට චෝදනා කරන දේ ප්‍රජාතන්ත්‍රවාදය තුල විනිසුරුවරයකුට කල හැකිද? මෙවැනි කතන්දර අදාල බලදාරීන්ට වාර්තා වූ පසු ක්‍රියාමාර්ග ගැනීමට මැලි වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණයක්ද? මෙහිදී අපි ලියන්නේ අදිකරණ සේවා කොමිසම පොලිසිය සහ ඉහල අදිකරණ ගැනයි.

සියල්ලෙන් පසුව චෝදනා කෙරෙන අපරාද වන්නේ අවස්ථා දෙකකදී ස්ත්‍රී දුෂණය සහ බලය අයුතු බාවිතයයි.එය ඔවුන්ට මෙම අපරාද වලට සහබගිවිමට අවස්ථාව උදා කෙරිණි. දණ්ඩ නීති සංග්‍රහයට අනුව ස්ත්‍රී දුෂණයට දඩුවම වසර 20 ක බරපතල සිර දඩුවම් වේ. මෙය අපේ නිතිය යටතේ එන බරපතල අපරාදයක් බවට කිසිදු සැකයක් නැත. කෙසේනමුත් මෙම සිදුවීම් වලට විශාල ප්‍රසිද්දියක් හිමි වුනි. එහෙත් කිසිදු අපරාද විමර්ශනයක් සිදුවුයේ නැත. 

මෙම බරපතල අපරාද වලට විමර්ශන නොපැවැත්වීමට අසමත් වන වගකියන්නේ කවුද? 
අපරාද නඩු විදාන සංග්‍රහයේ සදහන් වන ආකාරයට පොලිසියේ ස්ථාන බාර නිලදරියට පැමිණිල්ල ලැබේ. එවැනි විමර්ශනයක් පැවැත්වීමට ඔහුට වගකීමක් ඇත. ඔහු එය නොකරන විට ඊළගට සිටින්නේ සහකාර පොලිස් අදිකරිවරයාය. ඔහුගේ වගකීම වන්නේ ඔහුගේ අදිකරණ කලාපය තුල සිදුවන සියලු බරපතල අපරාද විමර්ශ්නය කිරම සහ අකණ්ඩව සොයා බැලීමයි. මෙම සිද්දීන් රට පුරා කතා බහට ලක් කෙරිණි. අපරාද වලට විමර්ශන සිදු කිරීමේ වගකීම පොලිස්පතිවරය්ටද ඇත.  වාර්තා වන අපරාද සම්න්බන්දයෙන් විමර්ශන කිරීමේ වගකීම රජයටද තිබේ. එසේ අසමර්ථ වීමේ වගකීම පැවරෙන්නේ ශ්‍රී ලංකා රජයටයි.

කෙසේනමුත් මෙම සාකච්චා වලට සහබාගි වූ අය ඉස්මතු කල ප්‍රශ්නයක් විය. වගකීම යන්නෙන් අර්ථවත් වන්නේ කුමක්ද? රටක නිතිය මත පාලනය දැඩිව පවතින විට වගකීම යනු වගකීමට අසමත් වන පුද්ගලයාට දඩුවම් කිරීම වේ. තම වගකීම් ඉටු කිරීමට මැලි වන නිලදාරිනට දඩුවම් නොකරන විට යුක්තිය පිළිබද ක්‍රියාමාර්ගය ඉටු වන්නේ නැත. 

මෙම සිද්දීන් වලදී වරදකරුවන් දෙපිරිසක් සිටි. එනම් ස්ත්‍රී දුෂණ දෙකක් කරමින් තම තත්වය අපචාරයට ලක් කර ගත් මහේස්ත්‍රාත්වරයා සහ විමර්ශන කිරීමේ වගකීම පැහැර හරිය අනෙකුත් නිලදාරීන් වේ. නැවතත් මේ සාකච්චා වලදී ඉස්මතු වූ කරුණක් විය. එනම් එවැනි ක්‍රියාදාමයට අපි කෙසේ ප්‍රජාතන්ත්‍රවාදය කියා කියන්නේ කෙසේද යන්නයි. 

අදාල ප්‍රශ්න වලදී නීතිපති සහ අගවිනිසුරු ක්‍රියාමාර්ග ගැනීමෙන් වැලකීම පිළිබද කාරණාව ඉස්මතු වුනි. නීතියේ කුමන ප්‍රතිපාදන යටතේ ඔවුන්ට බරපතල අපරාද සම්බන්දයෙන් ක්‍රියාමාර්ග නොගෙන සිටීමට බලය පවරන්නේද? මෙම ක්‍රියාමාර්ග සැබවින්ම ප්‍රජාතන්ත්‍රවාදයේ සංකල්ප අකටයුත්තට බාජනය කරන බරපතල තත්වයන් වේ. මුලික සංකල්පයක් තිබේ. එනම් නීතිපති සහ අගවිනිසුරුවරයා නීතියේ සමානතාවය පිළිබද වඩාත් මුලික මුලදර්මයන් උල්ලංගනය කරන බවයි. 

ප්‍රජාතන්ත්‍රවාදය තුල නිතිය මත පාලනයේ මුලදර්ම පිහිටා තිබේ. එහිදී අපරාදයක් කල කිසිවෙකුට මුක්තිය හිමි නොවේ. කෙසේනමුත් ශ්‍රී ලංකාවේ වැඩවසම් සමය තුල වෙනස් මුලදර්ම යටතේ තවත් ක්‍රමවේදයක් පැවතිනි. එනම් අඩු කුලයේ අය කුඩා දේටත් බරපතල දඩුවමට ලක් කෙරිණි. ඉහල කුලයේ අයට වඩාත් බරපතල අපරාද කලද මුක්තිය හිමි වුනි. මෙය හැදින්වෙන්නේ අසමනුපතික දඩුවම ලෙස වන අතර. එය වසර 1500 කට වැඩි කාලයක් ශ්‍රී ලංකාව තුල මුල් බැස ගෙන තිබිණි. මෙය රටට හදුන්වා දුන්නේ ඉන්දියානු බ්‍රාහ්මණ බලපෑම හමුවේය. පවතින නව අපරාද නීති මුලදර්ම ලැබුනේ බ්‍රිතාන්යන්ගෙනි. පෙනෙන ආකාරයට ශ්‍රී ලාංකීය සමාජය තුල මේවා මුල් බැස ගෙන නොමැත. මෙම සියවස් අදික මුලදර්ම ශ්‍රී ලංකාවේ සමාජ හා මානසික තත්වයන් තුල බැහැර වී නොමැත. නමුත් මෙම පුරුදු මකා දැමීමට පුළුවන. මෙවැනි වැඩවසම් බවිතාවන්ට එරෙහිව දැඩි ප්‍රතිරෝදයක් ඇතිවිය යුතුය. කුල ක්‍රමය මත පදනම් වූ වෙනස්කමකට බාජනය කිරීමද මෙයට බලපායි. ශ්‍රී ලංකාව තුල එවැනි මර්දනයක් පැනවිය යුතුය. එය වැඩවසම් බලපෑම හේතුවෙන් තවමත් සමහරුන් තුල ඇත. අවසානයේ නුතනවාදය මර්දනයට ලක්වේ. පැරණි ක්‍රම නොනැසී පවතී.

මෙම වාතාවරණය විවේචනාත්මක වේ. එවැනි වැඩවසම් වටිනාකම් මගින් රටේ අදිකරණ ක්‍රියාදාමය අදයිරය කරයි. එය ප්‍රජාතන්ත්‍රවාදී මුලදර්මයන් සමග පරස්පර විරෝදී වේ. මෙම පැරණි වෙනස්කම් යුක්තිය පසිදලීමේ ක්‍රියාදාමය තුලද පවතියි. එවැනි තත්වයක් තුල නුතන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන්නේ කෙසේද?


මෙම සාකච්චා වලට සහබාගි වූ අය යම් කරුණකට එලබිනි. එනම් පැරණි ක්‍රියාදාම බලපාන්නේ මහේස්ත්‍රාත්වරයා සිදු කල ස්ත්‍රී දුෂණ වලට පමණක් නොව සමස්ත යුක්ති පරිපාලනය තුලම බවයි. එය පුරවැසියන්ගේ අයිතිවාසිකම් වලට දෙන්නේ අඩු වැදගත්කමකි. ශ්‍රී ලංකා අදිකරණ ක්‍රියාදාමය පුරා අදික ප්‍රමාදයක් ඇත. එය ප්‍රතික්ෂේප කර  තිබේ. එනම් එය යුක්තියට මහා ජනයාට ඇති අයිතිය අහිමි කරයි. එය නොසලකා හැර තිබේ. ප්‍රජාතන්ත්‍රවාදයේ නුතන සංකල්පයන්ට බැහැරව දුප්පත් අයට උසාවිය සහ පොලිසිය විසින් සලකනු ලැබේ. ප්‍රජාතන්ත්‍රවාදයේ වටිනාකම් වන සමානාත්මතාවය නිදහස අනුව යමින් සැම පුද්ගලයෙකුටම විනීතව මුහුකුරා ගිය තත්වයකින් සැලකිය යුතුව ඇත. නමුත් අදිකරණය පවා මෙම මුලදර්ම නොසලකා හැර ඇත. ඒ අනුව ශ්‍රී ලංකාව තුල ප්‍රජාතන්ත්‍රවාදය පිළිගැනීමට ඇති අපේක්ෂාව කවරක්ද? මෙම දිනවල ජනතාව සාකච්චා කරන්නා වූ කෙදනිය ප්‍රශ්න ඒ හා සම්බන්ද වේ. ඔවුන්ගේ ප්‍රශ්න වලට අර්ථවත් පැහැදිලි කිරීම් සොයා ගැනීමට ඔවුන්ට මගක් නැත.

ආසියානු මානව හිමිකම් කොමිසමේ ප්‍රකාශනයකි.

පරිවර්තනය - හර්ෂි සි පෙරේරා.

මෙම ලිපිය සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බෂාවෙන් කියවීමට පහත සබැදියාව වෙත යොමු වන්න.














Sunday, February 12, 2017

කොරියානු දිනපොත (Korean Diary) ;- සැම්සුන් ලොක්කා නැවතත් ප්‍රශ්න කිරීමට ලක්වේ.


ලි ජේ යන් සැම්සුන් සමාගමේ ප්‍රදානියා වේ. ඔහු ගෙන් දුෂණ වංචා සම්බන්දයෙන් නැවතත් ප්‍රශ්න කෙරිණි.  ඒ සුවාදින නීතිඥ කණ්ඩායමක් මගිනි.  ඒ චෝයි සුන් සිල් වංචාව පිලිබදව ඇති ඔහුගේ සම්බන්දය හේතුවෙනි. මේ අපචාරයට ජනපති පාක් දෝෂාබියෝගයට ලක්ව සිටි. මේ කණ්ඩායම මෙම සතිය ඇතුලත ඔහුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කරන්නේද යන්න තීරණය කරනු ලැබේ. සැම්සුන් ප්‍රදානියා අත්අඩංගුවට ගැනීමෙන් මගහැරීමෙන් පසු මෙම කණ්ඩායම නැවතත් ඔහු පිලිබදව පසුගිය සති කිහිපය පුරා පරීක්ෂණ කරනු ලැබිණි. පසුගිය ජනවාරි 19 වැනිදා ඔහුව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කිරීම සියොල්හි මද්යම දිසා අදිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබිණි.





 මෙම ලිපිය සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.

Thursday, February 9, 2017

කොරියානු දිනපොත (Korean Diary) ;- දුරකථන අලුත්වැඩියාව. (Smart phone repairing)


ඊයේ සිට දකුණු කොරියාවට දැඩිව ශිම පතනය වේ. උදේ කාර්යාලයට එන අතරමග දරුවන් තිදෙනෙකු හිම මත සෙල්ලම් කරමින් සිටුනු දුටුවෙමි. මා වහා ඔවුන්ගේ චයාරුපයක් ගත්තෙමි. මා කාර්යාලයට පැමිණ එය මුණු පොතේ දාන්නට උත්සහ කල විට දුටුවේ එය බොද වී ඇති ආකාරයයි. පසුව එම උත්සාහය අත් හෙලෙමි. 

චෝයි මහතා සුපුරුදු ලෙස හිම අස් කිරීමට කතා කළේය. එවිට මා ගියමුත් මගේ යෙහෙළිය සෝ හොන් මට කාර්යාලය ඇතුලට වී සිටින ලෙස අවවාද දුන්නාය. මම එය පිලිපද්දෙමි. නමුත් මට යලිත් එලියට යාමට සිතුනි. මා එලියට ගිය විට මගේ බොස් පැමිණ මා ඇතුලට කැදවූ අතර අපි ඇතුල අස් කළෙමු. 

එය අවසානයේ මම මගේ ෆෝනය පරික්ෂා කල අතර එහි වරදක් ඇති බව අවබෝද විය. මම එය ඇෆ්ටබ්ට පෙන්නුවෙමි. ඔහුටද එය යතා තත්වයට පත් කිරීමට නොහැකි විය. ඉන්පසුව දාසොම් වෙත යොමු වුනෙමු. ඇය ටද පිළියම් නොමැති විය. ඇය කිවේ තමා දුරකථන විශේශ්ඥාවරයකු නොවන නමුත් මා හට උදවු කිරීමට කැමති බවයි. මා පසුව මගේ බොස්ට කාරණය දන්වා එය අලුත් වැඩියා කිරීමට ඔලි වෙත පැමිණියෙමි. මට චෝයි මහතා මෙම ෆෝනය රැගෙන දුන්නේද ඕලි වෙතිනි. එහි සිටි අය මට සිතියමක් ඇද දී එතනට යන ලෙස උපදෙස් දුන්හ. එහි අදාල ස්ථාන මා කියාම කොරියන් බාෂාවෙන් ලියා ගතිමි. දැඩිව ශිම පතනය විය. 

මම යාමට තීරණය කලෙමි. මගදී පිරිමි ළමයෙකුගෙන් පාර ඇසුවෙමි. ඔහු කිවේ තව විනාඩි 10 ක පමණ දුරක් යන ලෙසය. තුන් පාරක් පය ලීස්සා ගියද ඇද වැටුනේ නැත. ඊළගට හමු වුයේ හමුදා සොල්දාදුවෙකි. ඔහුගෙන්ද පාර ඇසුවෙමි. ඔහුට කිසිම ඉන්ග්රිසියක් බැරිය. ඔහු මගේ සිතියම බලා මා සමග සැලකියයුතු දුරක් පැමිණ ඉදිරියට යන ලෙස ගොළු බාෂාවෙන් කිවේය. මා කම්සා මිදා (Thank You ) කියා එදෙසට ගියෙමි. නැවත අදාල ස්ථානය ගැන පිරිමි ළමයෙකුගෙන් විමසා සිටියෙමි. ඔහු කිවේ විනාඩි 20 ක දුරක් ගිය විට අදාල ස්ථානය දැකිය හැකි බවය. මා ඒ අනුව ඉදිරියට ගියෙමි. ශීතල ඉතා දරුණු විය. මා සැම්සුන් යන බෝඅර්ඩ් ලෑල්ල දුටුවෙමි. යම් සතුටක් ඇති විය. මා එය ඇතුලට ගොස් විමසුවෙමි. කාන්තා සේවිකාවක් මට යම් දිශාවක් පෙන්විය. එතන සිටි කිසිවෙකුට ඉංග්‍රීසි කතා කිරීමට නොහැකි විය. 

මා සියල්ල අතහැර දමා ගෙදර ඒමට තීරණය කලෙමි. උදැසන කම්මැලිකම නිසා කිසිවක් ඉවුවේද නැත. මා බෙකරියකට ගොස් කෑම මිලදී ගත්තෙමි. එන අතරමග සිතුවේ අලුත් ෆෝනයක් මිලදී ගැනීමයි. ගෙදර පැමිණ කෑම කා බංකු පොත පරික්ෂා කලේ ෆෝනයක් මිලදී ගැනීම ගැන අදහස නිසාය.

පසුව දිවා විවේකය අවසානයේ කාර්යාලය වෙත නැවත පැමිණියෙමි. චෝයි මහතා හමු විය. ඔහුට ෆෝනය පෙන්නුවෙමි. ඔහු එය බලා කැමරා කාචයේ යම් ද්‍රවියක් තැන්පත් වී ඇති බව පෙන්වා ඔහුම වතුර සුවල්පයක් ටිශු එකකට ගෙන එය පිස දැමුවේය. සියල්ල සාර්ථක ලෙස නිමා විය. මට දැඩි සතුටක් දැනිණි. 

Wednesday, February 8, 2017

Torture






It was happened on 17th January 2017. Nimal is a 55 years old father of two children. He was inhumanly tortured by Ingiriya police. He was assaulted by the police personal requesting illicit liquor. He was injured severely.

 He was admitted first at Ingiriya hospital for two days but  the hospital authorities neglected to treat him. Then he admitted to the Horana base hospital. There a police personal assaulted him again inside the hospital saying you were going to file a lawsuit against the police. The following day he was discharged without treatment without introducing him to the judicial medical officer and even ignored to give him a medical bed ticket card. 

Because of unbearable pain he went to a private dispensary. The doctor at that place forwarded him again to the Horana hospital with a request letter. The ward no 15 of the Horana hospital had treated him well. He was admitted there for four days. The Judicial Medical Officer examined him. He got a bed ticket card. 

After releasing from the hospital he has made complaints to the inspector general of police and the human rights commission. 

Link to the Sinhala version

http://peoplesforumsl.blogspot.kr/2017/02/blog-post.html

Janasansadaya
077 3201270
038 2231419

Sunday, February 5, 2017

කොරියානු දිනපොත (Korean Diary) ;- මරණ දඩුවම. (Death Penalty )


මරණ දඩුවම දකුණු කොරියාවේ නයිතික දඩුවමකි. වර්තමානයේ රජය විසින් මරණ දඩුවම පැමිණවීම පිළිබද ප්‍රමාදයක් තිබේ. අවසන් වරට මරණ දඩුවම ක්‍රියාත්මක වුයේ 1997 දෙසැම්බර් මසදීය. 2013 වන විට මරණ දඩුවම හිමි සිරකරුවන්ගේ ගණන අවම වශයෙන් 60 ක් වේ. 

2016 පෙබරවාරි 19 ශේෂ්ට්‍රදිකරණය මරණ දඩුවම පැමිණවුයේ 24 හැවිරිදි ලිම් නමැති පුද්ගලයකුටය. ඔහු 2014 උතුරු කොරියානු දේශ සීමාවේදී  සොල්දාදුවන් 05 ක් වෙඩි තබා මරා දමා තවත් 07 කට තුවාල කිරීම සම්බන්දයෙන් වරදකරු විය. ඔහුව හමුදා සජන්වරයකු ලෙස බදවා ගත් පුද්ගලයෙකි. ඔහු දැනට දකුණු කොරියාවේ මරණ දඩුවම හිමිව සිටින 61 වන පුද්ගලයා වේ. 

ශ්‍රී ලංකාවේද මරණ දඩුවම නයිතික දඩුවමක් වේ. නමුත් 1976 ජුනි 23 වැනිදා න් පසුව මරණ දඩුවම ක්‍රියාත්මක වී නොමැත. නමුත් මහා අදිකරණය සහ ශේෂ්ට්‍රදිකරණය නිරතුරුව මරණ දඩුවම පමුණුවනු ලැබේ. ඒ මිනීමැරීම සහ මත්ද්රවිය ජාවාරම සම්බන්දයෙනි. එය ජීවිතාන්තය දක්වා සිරදඩුවමකට සුයන්ක්‍රියව පරිවර්තනය වේ. 

2014 දි මරණ දඩුවම ස්ත්‍රී දුෂණය, මත්ද්රවිය ජාවාරම සහ මිනීමැරීම සම්බන්දයෙන් යලි පමුණුවනු ලැබිය. මෙය සිදුවුයේ මහාදිකරන විනිසුරු සරත් අබේපිටිය ගාතනයෙන් පසුවය. මරණ දඩුවම නිසා අහිංසක පුද්ගලයකු මරා දැමීම වැරදීමක් මතද සිදුවිය හැක. මරණ දඩුවම ක්‍රියාත්මක නොවන්නේ එයට එරෙහිව ඇති විරෝදතාවය හේතුවෙනි.

https://en.wikipedia.org/wiki/Capital_punishment_in_South_Korea

https://en.wikipedia.org/wiki/Capital_punishment_in_Sri_Lanka

Thursday, February 2, 2017

කොරියානු දිනපොත (Korean diary) ;- ගබ්සාවට ඉඩ දීම. (Abortion)

ශ්‍රී ලංකාවේ ගබ්සාව නිතියානුකුල කිරීම ගැන සාකච්චාවක් ආරම්බ වී තිබේ. දැනට පවත්නා නිතිය අනුව ගබ්සාවක් කර ගත හැක්කේ මවකගේ ජිවිතයට අනතුරක් වන අවස්ථා වලදී පමණි. දැන් එයට තීරණාත්මක අවස්ථා වලදිවත් ඉඩ දිය යුතුබවට කතිකාව ආරම්බ වී තිබේ. එනම් ස්ත්‍රී දුෂණය වියබිචාරය විවස්ථාපිත ස්ත්‍රී දුෂණය ආදී වශයෙනි. නමුත් මෙය සදාචාර විරෝදී බව ඇතැමුන්ගේ අදහස වේ. සමහරු පවසන්නේ මෙය මිනීමැරුමක් බවයි. කෙසේනමුත් කාන්තාවට තම සිරුර පිළිබද තීන්දු තීරණ ගැනීමට අයිතියක් තිබිය යුතුය.

දකුණු කොරියාවේ සීමිත අවස්ථාවලදී හැර ගබ්සාව තහනම් වේ. එනම් ගබ්සාවක් කර ගැනීම සිර දඩුවමක් හෝ දඩයකින් දඩුවම් කල යුතු වරදකි. නමුත් දකුණු කොරියාවේ වසරකට නීතිවිරෝදී ගබසා විශාල ප්‍රමාණයක් සිදු වේ.

Wednesday, February 1, 2017

ගබ්සාවට ඉඩ ඕනෑ



කාන්තාවට තම සිරුර සම්බන්දයෙන් තීන්දු තීරණ ගැනීමට අයිතිය තිබිය යුතුය. එහෙත් සමාජ සංස්කෘතික කාරනා සලකා ගබ්සාව සීමිත අවස්ථා වලදිවත් නිතියානුකුල කිරීම හොදය. මෙය ජි එස් පි බලා ගෙන නොව ඇත්ත වශයෙන්ම සිදුවිය යුත්තකි. මෙය මුලික කාන්තා අයිතියකි.


''අවසර ලත් ඉඩ ප්‍රස්ථා යටතේ ගර්භනීභාවය අවසන් කර ගැනීමට හැකිවන ලෙස දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධන ගෙන ආ යුතු බව එම පනත් සංශෝධනය කිරීම සඳහා වූ විශේෂ කමිටුව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාට යෝජනා කර ඇත.

එම කමිටුව පෙන්වා දී ඇත්තේ ස්ත්‍රී දූෂණය, ව්‍යභිචාරය, ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණයක වින්දිතයෙකු වන අවස්ථාවක වයස අවුරුදු 16ට අඩු  ගැහැණු ළමයෙකුගේ ගර්භනීභාවය සහ බරපතල කළල දුබලතා සහිත අවස්ථාවලදී වෛද්‍ය හේතු මත ගර්භනීභාවය අවසන් කර ගැනීමට අවසර ලැබෙන අයුරින් මෙම නීතියේ වෙනස්කම් කළ යුතු බවයි.  
අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා කමිටුවේ යෝජනාව අමාත්‍ය මණ්ඩලයට දැනුම් දී ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් හෝ යෝජනා, විරෝධතා ඇත්නම් අධිකරණ අමාත්‍යංශයට දැනුම් දෙන ලෙස අධිකරණ අමාත්‍යංශය දැනුම් දී ඇති අතර මේ සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයා ඉදිරියේ දී ආගමික නායකයින් සමග සාකච්ඡා කිරීමට නියමිතව ඇති බව ද අමාත්‍යංශය පවසයි.

දැනට ලංකාවේ පවතින නීතිය අනුව දණ්ඩ නීති සංග්‍රහයේ 303 වගන්තියෙන් මවගේ ජීවිතය ආරක්ෂා කිරීමට හැර ගබ්සා කිරීම හෝ ගර්භනීභාවය අවසන් කිරීම බරපතල අපරාධයක් ලෙස සලකයි.
රන්මලී සෝමසිරි'' - ලක්බිම