Saturday, January 5, 2019

නිතිය සැමට (LAW FOR ALL ); ලේකන අස්ථානගතවිම.



අල්ලස් කොමිසම පැවරු නඩුවකි. කොලබ මහා අදිකරණයේ චුදිතට එරෙහිව අදිචෝදනා ගොනු කෙරිණි. චුදිත වරදකරු වුනි. ඔහු අබියාචනා අදිකරණයේ ඇ පලක් ගොනුකල අතර එයින් නිදොස්කට නිදහස් කෙරිණි. මෙයට හෙතුව මහා අදිකරණයේ නඩුවට අදාල ලිපිගොනු අස්ථානගත වීමය. අබියචනා කල හැක්කේ නිතිය පිළිබද කරුණක් සම්බන්දයෙනි. තවද චුදිතට මුලික අයිතිවාසිකමක් ලෙස අබියාචනයට අයිතිය තිබේ.  අල්ලස් කොමිසම ශේෂ්ට්‍රදිකරණයට අබියචනා කල අතර ප්‍රදාන අබියාචනය ඇසීමට අබියචනා අදිකරණයට නියෝග කෙරිණි. කොලබ මහා අදිකරණයේ නඩුව පැවරුවේ 1996 දිය.දැනට නඩුවට වයස අවුරුදු 22 කි.

මෙම නඩු තීන්දුව සම්පුර්ණයෙන් කියවීමට පහත සබැදියාව වෙත යොමු වන්න.

http://www.supremecourt.lk/images/documents/sc_appeal_103_2012.pdf

නිතිය සැමට (LAW FOR ALL);- නැවත නඩු විබාගයක් පැවැත්වීම! කෙතරම් සදාරණද ?



ඔහුව අත්අඩංගුවට ගත්තේ 2000 වසරේදීය. ඒ හෙරොයින් සන්තකයේ තබා ගැනීමටය. මහා අදිකරණය මරණ දඩුවම පැමිණවිය. අබියාචනාදිකරණයට කල ඇපැලේදී ඔහු නිදොස්කොට නිදහස් විය. නීතිපති ශේෂ්ට්‍රදිකරණයට ඇපලක් ඉදිරිපත් කල අතර එයින් නැවත නඩු විබාගයයකට නියෝග කෙරිණි. ප්‍රදාන තර්කය වුයේ සාක්ෂී ප්‍රමාණය නොව අවෂ්‍ය වන්නේ සාක්ෂී වල ගුණාත්මක බාවයයී යන්නය. දැන් වසර 18කි. මෙම නියෝගය අනුව නැවත අබියාචනාදිකරණයේ ඇපැලට කෙතරම් කාලයක් ගතවනු ඇද්ද? අබියාචනා කල හැක්කේ නිතිය පිළිබද කරුණක් මතය.

මෙම නඩු තීන්දුව ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව වෙත යොමු වන්න.

Wednesday, May 30, 2018

ජනතා අදිකරණය (104) ;- මිනීමැරුමට අත්අඩංගුවට ගැනීම කුඩු වලින් කෙළවර වූ නඩුව.



මේ ශේෂ්ට්‍රදිකරණයේ විබාග වූ අංක 194/2013 යන මුලික අයතිවාසිකම් නඩුවේ තීන්දුවේ ශාරාංශය වේ. මෙහි තීන්දුව දුන්නේ 2018.05.22 වැනිදාය. 

පෙත්සම්කරු ඕපනායක පදිංචිකරුවෙකි. හෙතෙම මහරගම පිළිකා රෝහලේ රසායනාගාර පරීක්ෂක සහයකවරයකු ලෙස කටයුතු කල අතර එය අතහැර ගිය අතර ඒ කාල සිමාවේ එහි සේවය කල කාන්තාවක් මරා දැමිණි. ඇය පෙත්සම්කරුගේ හිතවතියක් විය. මෙයට සැකකොට පෙත්සම්කරුව අත්ඩංගුවට ගත් අතර නමුත් වියාජ කුඩු නඩුවක් ගොනු කෙරිණි. වගයුත්තරකරුවන් වුයේ වගයුත්තරකරුවන් වුයේ බොරලැස්ගමුවේ සහ ඕපනායක පොලිස් ස්ථාන වල ස්ථානදිපතිවරු ඇතුළු සමහරක්නිලදාරීන් සහ පොලිස්පති සහ නිතිපතිවරයාය. පෙත්සම්කරු නඩුව ජයග්‍රහණය කළේය. ඔහුට දෙවන වගයුත්තරකරු මුදලින් රුපියල් 50,000 ක්ද රජය රුපියල් ලක්ෂයක්ද රජය නඩු ගාස්තු ලෙස රුපියල් 50,000 ක්ද ගෙවිය යුතු බවට අදිකරණය නියෝග කරන ලදී. 

මෙම නඩුවේදී පොලිස් ස්ථානදිපතිවරයෙකුගේ බලතල පුළුල්ව සාකච්චා කෙරිණි. එනම් ඇප අදිකරණයට ඉදිරිපත් කිරීම පොලිස් අත්අඩංගුවේ රදවා ගැනීම සහ පරීක්ෂණ පැවැත්වීම යන බලතල පොලිස් ස්ථානදිපතිවරයා සතු වන බවයි.

මෙම නඩුව ත්‍රිපුද්ගල ශේෂ්ට්‍රදිකරන විනිසුරු මඩුල්ලක් හමුවේ විබාග විය. එනම් විනිසුරු ඉවා වනසුන්දර, විනිසුරු බි පි අලුවිහාරේ සහ විජිත් කේ මලල්ගොඩ යන විනිසුරු මඩුල්ල හමුවේය. පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ තුෂාරි කේ හිරිමුතුගොදකේ දෙවන වගයුත්තරකරුවෙනුවෙන් නීතිඥ ගාමිණී හෙට්ටිආරච්චි යන අයද නීතිපති වෙනුවෙන් රජයේ ජෙෂ්ට නීතිඥ සංජිව දිසානායක යන අයද පෙනී සිටියහ.

මෙම නඩු තීන්දුව සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව වෙත යොමු වන්න.







Monday, May 21, 2018

ජනතා අදිකරණය (103) ;- තවත් වදහිංසා නඩුවක්. (Another judgement of torture)



"ආණ්ඩු ක්‍රම විවස්ථාවේ තුන්වන පරිච්චේදයේ එන 11 වගන්තිය උල්ලංගනය කිරීම පිළිබද නඩු වලදී ඉතා දැඩි ඔප්පු කිරීමක් අවශ්‍ය වේ. එසේ නොවුනහොත් අදාල රජයේ නිලදරින්ට ඉතා බරපතල ප්‍රතිවිපාක වලට මුහුණ දීමට සිදු වෙයි. මිට වසර 40 කට වැඩි හෝ කාල පරිච්චේදයක් තුල පොලිස් නිලදාරීන් තම බලය ඉක්මවා 1978 ආණ්ඩු ක්‍රම විවස්ථාවේ මුලික අයිතීන උල්ලංගනය කල අවස්ථා පිළිබද සිද්දීන් වාර්තා වී තිබේ. මහජනතාව සම්බන්දයෙන් කටයුතු කිරීමේදී පොලිසියට බරපතල වගකීමක් ඇත. ඒ පුරවැසියන්ට 1978 ආණ්ඩු ක්‍රම විවස්ථාවෙන් සහතික කොට ඇති මුලික අයිතිවාසිකම් ආරක්ෂා කර දීම පිලිබදවයි."

මේ බව සදහන් වන්නේ 393/2008 දරන මුලික අයිතිවාසිකම් නඩුවේ තින්දුවෙහිය. පෙත්සම්කරු ජා ඇල පදිංචි ජනක සම්පත් බටවලගේය. වගයුත්තරකරුවන් වුයේ ඩාම් විදිය කොලබ 12 පොලිසියේ නිලදාරීන් , පොලිස්පති සහ නිතිපතිවරයාය. 

පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ විරාන් කොරයා සනිටා දි ෆොන්සේකා සහ සුබශිනි සමරාරච්චි යන අයද වගයුත්තරකරුවන් වෙනුවෙන් නීතිඥ ශ්‍යාමාල් ඒ කොල්ලුරේ, නීතිඥ ඒ පි ජයවීර සහ රජයේ ජෙෂ්ට නීතිඥ නයෝමි වික්‍රමසේකර යන අය පෙනී සිටියහ.  

මෙම නඩුවේ තීන්දුව දුන්නේ 2018.03.05 වැනිදාය. ඒ ශේෂ්ට්‍රදිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසිනි. එය විනිසුරු බුවනෙක අලුවිහාරේ විනිසුරු ප්‍රියන්ත  ජයවර්දන විනිසුරු කේ ටි චිත්‍රසිරි යන අයගෙන් සමන්විත විය. 

පෙත්සම්කරු විශ්‍රාමික හමුදා ලුතිනන් කනල්වරයෙකි. සිද්දිය වනවිට ඔහු ඩයලොග් (ටෙලිකොම්) සමාගමේ සේවය කරමින් සිටියේය. ඒ මානව සම්පත් කළමනාකරණ සබන්දිකාරක ලෙසයි. 

මේ සියලු සිද්දියට හේතුව රථවාහන වරදකි. ශේෂ්ටදිකරනය පෙත්සම්කරුගේ මුලික අයිතිවාසිකම් කඩවූ බව තීරණය කල ඔහුට හිමිවූ වන්දිය රුපියල් එක් ලක්ෂ හැත්තෑපන් දැකි. එයින් රජය රුපියල් විසිපන්දාහක් ගෙවියයුතු විය.

මෙම නඩු තීන්දුව සම්පුර්ණයෙන් කියවීමට පහත සබැදියාව වෙත යොමු වන්න.

http://www.supremecourt.lk/images/documents/sc_fr_393_2008.pdf


Tuesday, April 10, 2018

නිතිය සැමට (Law for All) ;- කුලී නිවැසියා ඉවත් කිරීමට ගතවූ කාලය වසර 15 කි. ( A Link to the Judgement)


මෙය දෙහිවල නිවසකි. පැමිණිලිකාරියට සිය නිවසේ අයිතිය කුලී නිවසියාගෙන් ගැනීමට වසර 15 ක කාලයක් නඩු කීමට සිදුවිය. පැමිණිලිකාරියට පහල සිට සියලු ඉහල උසාවි වලින් ජය ලැබිණි. 

මෙහිදී විත්තිකරු කිවේ මෙම දෙපලට 1972 ගෙවල් කුලී පනත අයත් බවයි. එසේවුයේ නම් ඔහු හෝ ඇය එලවිය නොහැක. නමුත් අදිකරණ වල තීරණය වුයේ 1980 ජනවාරි 01 ට පසුව සාදනු ලැබූ හෝ 1980 ජනවාරි 01 දක්වා අයිතිකරු පදිංචි වී සිටින ගෙවල් වලට 1972 ගෙවල් කුලි පනත අදාල නොවන බවයි. 

තවද ප්‍රශ්නගත කරුණක් වුයේ දේපල පිලිබදව තෑගි ඔප්පුවකින් ලැබෙන අයිතියයි. එනම් ප්‍රාණ බුක්තිය තබාගෙන ලියන ලද තෑගි ඔප්පුවකි. ප්‍රාණ බුක්තිය ඇතිව ඔප්පුවක් ලියුවිට තෑගි ලැබුම්කරුට තෑගි දිමනාකරුගේ කැමැත්ත නොමැතිව විකිණීම හෝ උගස් තැබීම කල නොහැක. නමුත් කුලිට දීම කුලී ගැනීම ආදී අයිතීන් ඇත. ඒ අනුව මෙම නඩුවේදී අයිතිය පිළිබද කරුණ ද පැමිණිලිකාරියට පක්ෂව විසදිනි. 

මෙම නඩු තීන්දුව සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.

Thursday, February 22, 2018

නිතිය සැමට (LAW FOR ALL) ;- ජුරිය ප්‍රශ්නගත වූ මිනීමැරීම් නඩුවක්. (With link to the judgement)



""අම්මා පපුව හා උදරය (පෙදෙස පෙන්වා සිටි) අමාරුවෙන්අල්ලා ගෙන පිහියෙන් ඇන්නා කිවුවා. මම ඇහුවා මොකද වුනේ කියලා සුටික්කා පිහියෙන් ඇන්නා කියා කිවුවා 
සුටික්කා කියන්නේ කවුද?

මෙයාට ගමේ කියන්නේ සුටික්කා කියලා

කවුද සුටික්කා කියන්නේ?

විත්තිකරු පෙන්වා සිටි. "

මේ ශේෂ්ට්‍රදිකරණයේ විබාග වූ අපරාදයක් පිළිබද අබියාචනා නඩුවකි. අබියාචක වුයේ නිතිපතිවරයාය. වගවුත්තරාකාර චුදිත වුයේ බද්දේගම පදිංචි සුජිත් ලාල්ය. අංකය 14/2016 වේ. මෙය මිනීමැරුම් නඩුවකි. ගාල්ල මහා අදිකරණයේ අදිචෝදනා ගොනු කර තිබිණි. ඒ නිතිපතිවරයා විසිනි. මිනීමැරුම සිදුවුයේ 1997 ජුලි 20 වැනිදාය. මෙය දණ්ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය ප්‍රකාර දඩුවම් ලැබිය යුතු වරදකි. 

මහා අදිකරණ නඩුවේදී ජුරි සබාව පත් කලේ නැත. චුදිත වරදකරු වූ අතර මරණ දඩුවම හිමි වුනි. අබියාචනා කෙරිණි. ඒ නිතිය පිළිබද වරදක් එනම් ජුරිය අවශ්‍යද නැද්ද යන්න විත්තිකරුගෙන් නොවිමසීම පිළිබද අබියාචනා අදිකරණය ඉදිරිපිටදීය. එහිදී විත්තිකරු නිදොස් කොට නිදහස් කෙරිණි. 

ඉන්පසුව නීතිපතිවරයා ශේෂ්ට්‍රදිකරණයට අබියාචනා කළේය. ශේෂ්ට්‍රදිකරණය අබියාචන ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. එහිදී අබියාචක නීතිපතිවරයා නැවත අලුතෙන් මහා අදිකරණයේ නඩුවක් පවරන ලෙස ඉල්ලා සිටියද එයට අවසර නොලැබිණි. 

එවකට මරණයට පත් කාන්තාවගේ දියණිය එනම් ප්‍රදාන සක්ෂිකරියගේ වයස අවුරුදු 16 කි. දැන් අවුරුදු 20ක් ගතව ඇත. ඇයට නිවැරදිව සාක්ෂි ලබා දිය හැකිද? විත්තිකරු මේ වනවිට වසර 08 ක් රක්ෂිත බන්දනාගාර ගතව ඇත. ජූරියක් ඔහු කැමති නම් ලබාදීම ඔහුගේ අයිතියකි. මේ අනුව විත්තිකරුට සාදාරන නඩු විබාගයකට ඇති අයිතිය උල්ලංගනය වී තිබේ. 

ඉහත දෙබසේ සාක්ෂි දෙන්නේ මියගිය තැනැත්තියගේ 16 හැවිරිදි දියණියයි. මෙම සුටික්කා යන චුදිත මියගිය අයගෙන් තම දියණිය ඉල්ලා සිට ඇත. ඒ රාත්‍රියේ නිවසට ඇතුල්විය. මොකද්ද කියන්නේ ඇසුවිට ඇය කියා ඇත්තේ ගෙදර අනික් කට්ටියගේන් අහන්න ඕන සහ මම ඔය පිහියට බිය නොවන බවයි. ඒ අවස්ථාවේ ගෙදර සිට ඇත්තේ මවත් සීයාත් මෙම දියණියත් පමනි. පියා අනික් දරු දෙදෙනා සමග වැඩ කරන ස්ථානයේ චාරිකාවකට ගොසිනි. චුදිත නිවසට ඇතුල් වන විට වෙලාව සවස 07 ට පමණය. දියණිය කාමරයේ පාඩම් කරමින් සිට ඇත. මව එනම් මියගිය අය සිට ඇත්තේ මුළුතැන් ගෙදරය.

මෙම නඩු තීන්දුව සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.








Thursday, December 28, 2017

නිතිය සැමට (Law for All) ;- "ඕකට මරන්න ඕනද? ඉන්න බැරිනම් දාලා ගියානම් ඉවරනේ! (Murder Case)


මෙය නීතිඥවරයකු මිනිමැරිමකට සම්බන්ද නඩුවක තීන්දුවකි. එය මා අප සංවිදානයේ යෙහෙලියකට පැවසුවිට ඇගේ පිළිතුර වුයේ ඉහල සිරස්තලයයි. ඔහු ගාතනය කලේ ඔහුගේ බිරිදවයි. හේතුව උවේ බිරිද ඔහුගේ රියදුරා සමග ඇති කර ගත් අනියම් සම්බන්දයෙන් සිදුවූ බහින්බස්විමකි. මිනීමැරුම සිදුවුයේ 2005.11.20 වැනිදාය. ශේෂ්ට්‍රදිකරණයේ අබියාචනය අසා ඉවර වුයේ 2017.12.13 වැනිදාය. එනම් සම්පුර්ණ නඩු කටයුතු අසා අවසන් වීමට ගත වූ කාලය වසර 12 කට වැඩිය. මෙය පිහිය ඇනුමකි. ඔහු පිහිය මිලදී ගත්තේද කේවල් කොටය. ඔහුගේ විත්තිවාචකය වූ හදිසි ප්‍රකෝපය සාර්ථක වුයේ නැත. ඔහුට මිනීමැරීමේ චේතනාව තිබිණි. එනුව මහා අදිකරණයෙන් සහ අබියාචනා අදිකරණයෙන් ඔහුට ලබා දුන් මරණ දඩුවම ශේෂ්ට්‍රදිකරණය මගින් ද ස්ථිර කෙරිණි. අබියාචනය විසි විය. දණ්ඩ නීති සංග්‍රහයේ 294 වගන්තියේ පළමු වියතිරේකය මෙහිදී අදාල කිරීම ප්‍රතික්ෂේප කෙරිණි. එනම් එය මෙසේ වේ. "බරපතල වුත් හදිසි වුත් ප්රෝකොප කිරීමක් නිසා අත්මදමනය කිරීමේ බලය නොමැතිව සිටින විට තමා ප්‍රකෝප කර වූ තැනැත්තාගේ මරණය හෝ වැරදීමකින් හෝ අහම්බෙන් වෙන තැනැත්තෙකුගේ මරණය වරදකරු විසින් සිදු කරනු ලැබුවොත් සාවද්‍ය මනුෂ්‍ය ගාතනය මිනීමැරුමක් නොවේ."

මෙම නඩු තීන්දුව සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...