Thursday, September 28, 2017

ජනතා අදිකරණය (96) ;- විදුලි බල මණ්ඩලයට මිලියනයක වන්දියක් ගෙවීමට සිදු වූ තවත් එයිතිහාසික නඩුවක්.



මේ අංක 431/2005 දරන මුලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුවේ ශාරංසය වේ. 2005 වසරේ ගොනු කල මේ නඩුවේ තීන්දුව දුන්නේ 2017.09. 27 වැනිදාය. පෙත්සම්කරු වුයේ ගාමිණී ද සිල්වා සහ වගයුත්තරකරුවන් වුයේ පිළියන්දල පොලිසියේ එවකට ස්ථානදිපති ඇතුළු නිලදාරීන් සහ ලංකා විදුලි බල මණ්ඩලයේ නිලදාරින්ය. 

පෙත්සම්කරු වෙනුවෙන් වෙන්ජනාදිපති නීතිඥ ජේ සි වැලිඅමුණ නීතිඥ ශාන්ත ජයවර්දන සහ නීතිඥ සෙනුර අබේවර්දන යන අයද වගයුත්තරකරුවන් වෙනුවෙන් රජයේ ජෙෂ්ට නීතිඥ එස් හේරත් යන අයද පෙනී සිටියහ. 08 වන වගයුත්තරකරු නොපැමිණි අතර ඔහුට නයිතික නියෝජනයක් තිබුනේද නැත. මෙය විනිසුරු සිසිර ජේ දි ආබ්රු විනිසුරු අනිල් ගුණරත්න විනිසුරු විජිත් කේ මලල්ගොඩ යන ත්‍රි පුද්ගල ශේෂ්ට්‍රදිකරන විනිසුරු මඩුල්ලක් හමුවේ විබාග වුනි. 

මෙය විදුලිය නීතිවිරෝදී ලෙස ලබා ගැනීමට අදාල පැමිණිල්ලක් විය. මෙම පැමිණිල්ල වියාජ එකකි. පිළියන්දල පොලිසිය විසින්පෙත්සම්කරුව අත්අඩංගුවට ගන්නා ලදී. ඒ සාදාරන හේතුන් නොමැතිවය. ඔහුව පොලිස් ස්ථානයේ රදවා තබා ගත් අතර නිසි වේලාවකදී මහේස්ත්‍රාත් වරයා වෙත යොමු කලේ නැත. 

ශේෂ්ට්‍රදිකරණය කිවේ පුද්ගලයකුගේ නිදහස අහිමි කිරීම එනම් සාදාරන හේතුවක් නොමැතිව ඉතා බරපතල ලෙස අයිතිවාසිකම් උල්ලන්ගනයක් බවයි. එ අනුව ශේෂ්ට්‍රදිකරණය තීරණය කලේ පෙත්සම්කරුගේ 1978 ආණ්ඩු ක්‍රම විවස්ථාවේ අංක 12(1), 13(1) සහ 13(2) යන වගන්තින් වලින් සහතික කර ඇති මුලික අයිතිවාසිකම් උල්ලංගනය වූ බවයි. 

ලංකා විදුලි බල මණ්ඩලයට රුපියල් මිලියනයක වන්දියක්ද පළමු වගයුත්තරකරු වූ පිළියන්දල පොලිසියේ ස්ථානදිපතිට රුපියල් ලක්ෂයක වන්දියක්ද පෙත්සම්කරුට ගෙවීමට සිදු විය.

මෙම මුලික අයිතිවාසිකම් නඩු තීන්දුව සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.


Thursday, September 21, 2017

නිතිය සැමට (Law for All) ;- දුක් ගන්නා රාල (Ombudsman)


ඇතැම් විට දුක් ගන්නා රාල ලෙසද හැදින්වෙන මෙම තනතුර ආණ්ඩු ක්‍රම විවස්ථාව මගින්ම හදුන්වා දි ඇත. ඕම්බුඩ්ස්මන්වරයාගේ බලතල අතර විදායක හෝ පරිපාලනයමය වශයෙන් සිදුවන අයිතීන් උල්ලංගනය පිලිබදව පරීක්ෂණ පැවැත්වීමේ බලතල කැපී පෙනේ.

ඕම්බුඩ්ස්මන්වරයාගේ කටයුතු සදහා මුලික වශයෙන් බදාවක්ව ඇත්තේද ඔහු විසින් ඉදිරිපත් කරනු ලබන නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ බලතල සතු නොවීමයි.

මානව හිමිකම් කොමිෂම් සබාව මෙන්ම ඕම්බුඩ්ස්මන්වරයා ගේ සාර්තකත්වයද අඩපන වීම සදහා නීතියේ පවතින මෙම දුර්වලතාවය හේතුවී ඇත.

ඕම්බුඩ්ස්මන්වරයාගේ කාර්යාලය අංක 14, ආර් ඒ ද මැල් මාවත, කොලබ 05 හි පිහිටා ඇත. ඔහුව පාර්ලිමේන්තු කටයුතු පිළිබද මහා කොමසාරිස් ලෙසද හැදින්වේ.

මෙය ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිෂම් සබාවට අමතරව මානව හිමිකම් උල්ලන්ගනයන් පිලිබදව පැමිණිලි කල හැකි ආයතනයකි. එහෙත් නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ බලතල නොමැති බැවින් නිද්‍රාශීලි වේ.

උපුටා ගැනීම් - ශ්‍රී ලංකාවේ නිතිය හා මානව අයිතිවාසිකම් - නීතිඥ චාරුක සමරසේකර.






Friday, September 15, 2017

නිතිය සැමට (Law for All) ;- මානව හිමිකම් කොමිසන් සබාව. (National Human Rights Commission)


ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සබාව යනු 1996 දි අංක 21 දරන පාර්ලිමේන්තු පනත මගින් පිහිටුවන ලද ආයතනයකි. මෙම කොමිෂන් සබාවේ බලතල අතර සුවිශේෂී වනුයේ මානව හිමිකම් කඩවීම පිලිබදව ලැබෙන පැමිණිලි පිලිබදව විමර්ශනය කොට නිර්දේශයන් ඉදිරිපත් කිරීමට ඇති බලතලය. 

එසේ වුවද තම නිර්දේශ ක්‍රියාත්මක කිරීම සදහා අවශ්‍ය බලතල මානව හිමිකම් කොමිෂම වෙත පවරා නොතිබීම එකී පනතෙහි කැපී පෙනෙන දුර්වලතාවකි.

මානව හිමිකම් කොමිෂමේ අනෙකුත් කර්තවියන් අතර වැදගත් වනුයේ මානව හිමිකම් පිළිබද දැනුම ප්‍රවර්දනයට සහ මානව හිමකම් සුරැකීම සදහා අවශ්‍ය නීති සම්පාදනය කිරීමට රජයට නිර්දේශ ඉදිරිපත් කිරීමට ඇති හැකියාවයි. යාපනයද ඇතුළු ලංකාවේ සැම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි පළාත් මානව හිමිකම් කොමිෂම් සබාවේ ප්‍රාදේශීය කාර්යාල ක්‍රියාත්මක වන අතර එහි මුලස්ථානය අංක 14, ආර් ඒ දි මේල් මාවත කොලබ 04 යන ලිපිනයේ පිහිටා ඇත.

මානව හිමිකම් කොමිෂමේ නිලදාරින්ට පොලිස් ස්ථාන වලට සහ සියලුම රැදවුම් මද්‍යස්ථාන වලට යා හැක. එසේ යාහැක්කේ පොලිසියට රැදවුම්මද්යස්තන්යට පමණි. බැරැක්ක පරික්ෂා කල නොහැක. වදහිංසා පැමිණවීම් බහුලව සිදු වන්නේ බැරැක්ක වලය.

මානව හිම්කම් කොමිසමට ඕනෑම රජයේ ආයතනයක ලිපිගොනු ගෙන්වා ගත හැක. එසේ යම් රාජ්‍ය ආයතනයක් ලිපි ගොනු ලබා නොදෙන්නේනම් ශේෂ්ට්‍රදිකරණයේ අපහාස නඩුවක් පැවරිය හැක.

මානව හිමිකම් කඩවූ වින්දිතයාට , ඔහුගේ හෝ ඇයගේ හිතවෙතෙකුට සහ වින්දිතයා වෙනුවට නීතිඥයකුට කොමිසමේ විමර්ශන වලදී පෙනීසිටිය හැක.

ප්‍රයෝගිකව ගත් කල මානව හිමිකම් කොමිසමේ ප්‍රමාදයක් ඇත. එහි වංචාව සහ දුෂණයද ඇත. නමුත් එය රටේ සෙසු යුක්තිය සලසන අයාතන වලට සාපේක්ෂව යහපත් වේ.

උපුටා ගැනීම් ;- ශ්‍රී ලංකාවේ නිතිය හා මානව අයිතිවාසිකම් - නීතිඥ චාරුක සමරසේකර. 




Tuesday, September 12, 2017

නිතිය සැමට (Law for All) ;- කම්කරු විනිශ්ය සබාව. (Labor Tribunal)



''ඇය පානදුරේ ප්‍රසිද්ද පුද්ගලික පාසලක ආරක්ෂක නිලදාරිනියක් ලෙස සේවය කළාය. දිනක් එහි සේවයට නොඑන ලෙස ඇයව සේවයේ යෙදවූ ආරක්ෂක ආයතනය ඉල්ලීමක් කරන ලදී. ඒ දවස් කීපයක් නිවාඩු ගත්තයි පවසමිනි. ඉන්පසුව ඇය මානව හිමිකම් ආයතනයට (ජනසංසදය) පැමිණියාය. මෙයට මානව හිමිකම් සම්බන්දයෙන් සහනයක් සැලකිය නොහැක්කේ පුද්ගලික අංශයේ දුක්ගැනවිල්ලක් නිසාය. මානව හිමිකම් යාහැක්කේ රජයේ ආයතන වලට එරෙහිව පමණි. නමුත් ඇයට නීති උපදෙසක් මෙම ආයතනය විසින් ලබා දෙන ලදී. ඒ පොලිසියේ පැමිණිල්ලක් කරන ලෙස, කම්කරු විනිශ්ය සබාවට සහ කම්කරු දෙපාර්තමේන්තුවට යන ලෙසයි.''

සේව්‍ය සේවක දෙපාර්ශවය අතර කාර්මික සාමය ඇති කිරීමේ අරමුණින් 1950 අංක 43 දරන කාර්මික ආරවුල් පනත හදුන්වා දෙන ලදී. 

මෙම පනත 1957 අංක 62 දරන සංශෝදිත පනත මගින් සංශෝදනය කරන ලද අතර කම්කරු විනිශ්ය සබාව නම් නවතම විනිශ්ය අදිකරණය හදුන්වා දෙන ලදී. කම්කරු විනිශ්ය සබාවකින් අපේක්ෂා කරන ලද්දේ සේව්‍ය සේවක දෙපාර්ශවයෙන් ලැබෙන පැමිණිලි පිළිබද විබාගයක් පවත්වා සාදාරන හා යුක්ති සහගත යයි හැගෙන නියෝගයක් කිරීමයි.

පනත අනුව කම්කරු විනිශ්ය සබාවෙන් සහනයක් හෝ පිහිටක් අයද සිටිය හැක්කේ පහත සදහන් අවස්ථාවලදීය. 

1. සේවා යෝජකයා (සුවමියා) විසින් සේවකයාගේ සේවය අවසන් කිරීම.

2. සේවකයන් 15 දෙනෙකුට අඩුවෙන් සේවයේ යොදවා ඇති ස්ථානයක සේවකයකුට සේවය අවසන් කිරීමේදී පරිතොශිතයක් හිමිවිය යුතුද යන්න සලකා බැලීම.

3. 1983 පාරිතෝෂික පනත අනුව පාරිතෝෂික මුදල අහිමිකර ඇති අවස්ථාවක එම ක්‍රියාව නිතියානුකුල දැයි සලකා බැලීම.

4.කම්කරු ඇමතිවරයා විසින් සේවා කොන්දේසි සම්බන්ද යෙන් කම්කරු විනිශ්ය සබාවක විෂය සීමාව පුළුල් කරමින් නියම කරනු ලැබිය හැකි වෙනත් කරුණු.

ඉහත සදහන් ඕනෑම අවස්ථාවකදී පනතේ නියම කර ඇති ආකාරයේ ඉල්ලුම්පත්‍රයක් පුරවා සේවය අවසන් කිරීම සිදු කිරීමේ දිනයේ සිට 06 මසක් ඇතුලත කම්කරු විනිශ්ය සබාව වෙත ඉදිරිපත් කල යුතුවේ. තවද සේවකයා වෙනුවෙන් ව්ර්තිය සමිතියකටද මෙම ඉල්ලීම ඉදිරිපත් කල හැක.

උපුටා ගැනීම් - ශ්‍රී ලංකාවේ නිතිය හා මානව අයිතිවාසිකම් , නීතිඥ චාරුක සමරසේකර.

Friday, September 8, 2017

නිතිය සැමට (Law for All) ;- කතරගම රූමතිය යලි සිහිපත් කිරීම.


''මරා දැමු ප්‍රේමවතී මනන්පෙරි දරුවන් එකලොස් දෙනෙකුගේ පවුලේ වැඩිමහල් දියණිය විය. සිද්දිය වනවිට ඇය පාසල් අතහැර ගොස් සිටි අතර ප්‍රතිපල නිකුත් වන තෙක් ඇය ආණ්ඩුවේ පාසලක ඉගැන්නුවාය. ඇය මියයාමට වසරකට පෙර 1970.04.17 දින අවුරුදු කුමරිය ලෙස කිරුළු පැලදවුවාය. 1971 අප්‍රියෙල් 16 වන දින පෙරවරු 09 ට පමණ ඇයට කතරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තේ ඇය නිවසේ කොණ්ඩය පීරමින් සිටියදීය. ඒ කැරලිකාරියකයි සැක සිතාය. ඇගේ මව දිගින් දිගටම කියා සිටියේ ඇය කරලිකාරියක් නොවන බවය. කෙසේවෙතත් අවසානයේදී ප්රෙමවතිව නිරුවතින් පාරේ ගමන් කිරීමට සලස්වා හමුදාව විසින් මරා දැමිණි. ඇගේ මව ප්‍රේමවතී සේවුවද හමු වුයේ නැත. 1971 මැයි 24 ඇය සිය දියණියගේ මළසිරුර දුටුවාය. ඒ බස් නැවතුම් පොළ අසල වල දමා තිබී සිරුර ගොඩගත් පසුවය. ඇගේ මව තරයේ කියා සිටි කරුණක් විය. එනම් තම දියණිය කිසිසේත් අප්‍රියෙල් 5 සහ 6 දිනවල පොලිස් ස්ථාන වලට කල පහරදීම් වලට කිසිදු සම්බන්දයක් නොමැති බවය. ''

මේ ඒ විජේසුරිය සහ තවත් අය එරෙහිව රජය නඩුවයි. එය 77 නව නීති වාර්තා 25 හි සොයා ගත හැක. එම ඇපැල අපරාද අබියාචන අදිකරණයේදී විබාග විය. ඒ 1973 වසරේදීය. සබාපති විනිසුරු අලස් විනිසුරු තමොතරම් සහ විනිසුරු විමලරත්න හමුවේ විබාග විය. මෙම අබියාචනය ප්‍රතික්ෂේප වුනි. පහල අදිකරණයේ වැරදිකරුවිම සහ දඩුවම ස්ථිර විය. 

මෙහිදී නැවත වරක්තීරණය වූ ඉතා වැදගත් කරුණ නම් පහල නිලදාරීන් ඉහල නිලදාරීන්ගේ තීන්දු ක්‍රියාත්මක කරන නමුත් එසේ ක්‍රියාත්මක කල යුත්තේ නිත්‍යානුකුල නියෝග පමණක් බවයි. ඒ අනුව නිතියානුකුල නියෝග වලදී පමණක් පහල නිලදාරීන්ගේ ක්‍රියා වල වගකීම ඉහල නිලදාරීන් මත පැවරෙන බවයි.

මෙම නඩු තීන්දුව සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව වෙත යොමු වන්න.

Friday, September 1, 2017

නිතිය සැමට (Law for All);- හදුනාගැනීමේ පෙරෙට්ටුව (Identification Parade)



සාක්ෂිකරුවෙක් යම් පුද්ගලයකු ''දුටුවොත් හදුනා ගත හැකියයි'' පවසන විට ඒ අවස්ථාව සාක්ෂිකරුවන්ට ලබා දීම සදහා හදුනාගැනීමේ පෙරෙට්ටු පවත්වනු ලැබේ. මේ පිළිබද බලය ඇත්තේ මහේස්ත්රත්වරුන්ටය. මේ පිලිබදව ඉල්ලීම කරන්නේ පොලිසියයි. සැකකරුව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සිටම ඔහුගේ අනන්‍යතාව හෙළිදරවු නොකළ යුතුය. ඔහුගේ හිසේ සිට පාදය දක්වා ආවරණය කර බන්දනාගාරයට ගෙන ගොස් බාර දිය යුතු අතර බනදනාගාරය ඇතුලතදී ඔහු හෝ ඇය ව අනෙක් සැකකරුවන්ගෙන් වෙන් කර තැබීම අවශ්‍ය වේ. පෙරෙට්ටුව පැවැත්වෙන දිනයේ එම සැකකරුව අදිකරණයට ඉදිරිපත්කල යුත්තේද හිසේ සිට පාදය දක්වා වසා ආවරණය කරන ලද වාහනයකින්ම ගෙන එම මගිනි. පෙරෙට්ටු පවත්වන ආකාරය ගැන සදහන් වන්නේ නඩු තීන්දු නිතියේය. එනම් එක් සැකකරුවකුට සාමාන්‍ය පුද්ගලයින් සය දෙනෙකු බැගින් තෝරා ගත යුතුව ඇත. මෙම තෝරාගැනීම කරන්නේ උසාවි බාරව සිටින පොලිස් නිලදාරියා විසිනි. එහිදී සැකකරුගේ වයස සහ ශරීර ප්‍රමාණය සැලකිල්ලට ගනු ලැබේ. හදුනාගැනීමේ පෙරෙට්ටුව පවත්වන්නේ ආවරණය කරන ලද කාමරයකය. එහි ඇතුලත සිදුවන දේ පිටත සිටින අයට නොපෙනිය යුතුය. සැකකරුව කිසිම අවස්ථාවක විවුර්ත අදිකරණයට ඉදිරිපත් නොකළ යුතු අතර පෙරෙට්ටු සදහා සැකකරුවන් වෙන වෙනම අදිකරණයට ගෙන ආ යුතුව ඇත. 

හදුනා ගැනීමේ පෙරට්ටුවක ක්‍රියාදාමය විස්තර කෙරෙන නඩු තීන්දුවක් පහතින් ඇත. එනම් සි එම් පෙරේරා එරෙහිව රජය නඩුවයි.


''1969.09.22 දින වැලිකඩ බන්දනාගාරයේ සිරකරුවකු මිය ගියේය. බන්දනාගාර නිලදාරීන් 11 දෙනෙකු මෙහි සැකකරුවන් විය. පොලිසියෙන් ලැබුණු බි වාර්තා සහ සාක්ෂි අනුව මහේස්ත්‍රාත් හුදුනා ගැනීමේ පෙරෙට්ටුවක් පැවැත්විණි. ''

ඉහත නඩුවට වෙනස් දෙයක් එනම් හදුනා ගැනීමේ පෙරෙට්ටුවේ කාර්යපටිපාටිය ගැන පහත නඩුවෙන් කියවේ. එනම් නීතිපති එරෙහිව ජෝශප් ඇලෝසියස් සහ තවත් අය නඩුවයි.


''මෙම නඩුවේදී මහා අදිකරණය චුදිත - වගයුත්තරකරුවන් තිදෙනෙකුට අදිචෝදනා ඉදිරිපත් කෙරිණි. ඒ නීතිවිරෝදී රැස්වීම සහ මංකොල්ලයක් සම්බන්දයෙනි. මෙහිදී හදුනාගැනීමේ පෙරෙට්ටුව ගැන සාකච්චා විය. එහිදී පෙරේරා එරෙහිව රජය නඩුවට වඩා වෙනස් දෙයක් සරත් නන්ද සිල්වා විනිසුරු ඉදිරිපත් කළේය.''

**''2008 දි කිත් නොයාර් පැහැරගෙන ගොස් පහර දුන්නේය. 2017 පෙබරවාරි 20 ඒ සම්බන්දයෙන් හමුදා සොල්දාදුවන් දෙදෙනෙකු සැක පිට අත්අඩංගුවට ගත් අතර ඔවුන් හදුනාගැනීමේ පෙරෙට්ටුවකට ගල්කිස්ස මහේස්ත්‍රාත් අදිකරණයට ගෙනා අයුරු ඉහත චායාරුපයේ දැක්වේ."**








ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...