Thursday, August 4, 2016

ජනතා අදිකරණය (79) ;- විශාකා විද්‍යාලයේ දොරටු විවුර්ත වේ.



මේ අංක 19/2015 දරන මුලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුවේ සාරාංශය වේ. ළමයා වෙනුවෙන් නඩුව පැවරුවේ දෙමාපියන්ය. එනම් සමන් ද සිල්වා සහ සුබාශිනි දිසානායක වේ. වගයුත්තරකරුවන් වුයේ විශාකා විද්‍යාලයේ විදුහල්පති අද්යාපන බලදාරින් සහ නිතිපතිවරයාය. 

විනිසුරු වනසුන්දර විනිසුරු අලුවිහාරේ සහ විනිසුරු උපාලි අබේරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ නඩුව විබාග විය. පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාදිපති නීතිඥ උදිත ඉහලහේවා සමග නීතිඥ රංග දයානන්ද යන අයද වගයුත්තරකරුවන් වෙනුවෙන් ජනාදිපති නීතිඥ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සංජය රාජරත්නම් යන අය පෙනී සිටියහ. තීන්දුව ලබා දුන්නේ 2016.07.11 වැනිදාය. තීන්දුව ලීවේ විනිසුරු වනසුන්දර වන අතර ඊට අනෙක් විනිසුරු දෙපලගේ එකගතාවය හිමි විය.

පළමු වගයුත්තරකරු දරුවාව විශාකා විද්‍යාලයේ පළමු වසරට ඇතුලත් කර ගැනීම ප්‍රතික්ෂේප කළේය. දෙමාපියන්ව පළමු සම්මුක පරීක්ෂණයට කැදවුයේ නැති අතර දෙවන්නට කැදවනු ලැබිණි. ළමයා පදිංචිව සිටියේ පාසැල සලකා බලන ප්‍රදේශය තුලය. 

අදිකරණය පැවසුවේ ළමයාට පාසලට ඇතුලත් වීමට අයිතියක් ඇති බවයි. තවද පළමු වගයුත්තරකරු ළමයා පාසලට ඇතුලත් නොකිරීම අත්තනෝමතික නීතිවිරෝදී ක්‍රියාවක් වේ. තවද එය 1978 ආණ්ඩු ක්‍රම විවස්ථාවේ 12(1) වගන්තිය උල්ලන්ගනය කිරීමක්ද වේ.

දැරියගේ නම චතුනි මලින්තාද සිල්වාය. අදිකරණය නියෝග කලේ දැරියව විශාකා විද්‍යාලයේ 2 වන ශ්‍රේණියට ඇතුලත් කල යුතු බවත් ඇයට දැනටමත් පළමු ශ්‍රේණිය එනම් 2015 අහිමිව ඇති බවත්ය.

මෙම නඩු තීන්දුව සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බෂාවෙන් කියවීම සදහා පහත සබැදියාව හා යොමු වන්න.

http://www.supremecourt.lk/images/documents/sc_fr_19_2015.pdf

No comments:

Post a Comment

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...