Thursday, August 18, 2016

වහල් මනාලියන්.



ලොව වැඩිම වහලුන් සිටින රට ඉන්දියාවයි. එයින් විශාල ගණනක් කාන්තාවන් සහ ගැහැණු දරුවන් විවාහය සදහා විකුණනු ලැබේ. පුළුල්ව පැතිරුණු ආර්ථික අසමානතාවය අල්ලස නිසා මෙම අලුත් වහල්බාවය එනම් වහල් මනාලියන් වේගයෙන් වියාප්ත වී තිබේ. කාන්තාවන් සහ ගැහැණු ළමුන් ඇමෙරිකන් ඩොලර් 120 ට පමණ අඩු මුදලකට විකුණනු ලැබේ. ඔවුන්ව බර කම්කරු වැඩ වලට සහ අතවරයන්ට ලක් කරනු ලබන බව කියවේ. 

ඉන්දියාවේ ගැහැණු ළමුන් සලකන්නේ මුල්‍ය කරදරයක් ලෙසය. ගැහැණු ළදරුවන් මරා දැමීම ස්ත්‍රී සමාජ බාවය මත සිදුකරන ගබ්සාව හේතුව ඉතා ඉහල දැවැද්ද වේ. විශේෂඥයින්ට අනුව මෙය මනාලියන් කුට්ටනය කිරීම උනන්දු කරයි. 

ජමිලා හිටපු වහල් මනාලියකි. ඇය මෙසේ කියා සිටි. ඇයව කුට්ටනය කල අය විසින් අැයව පැහැරගෙන යනු ලැබිණි. ඇයට මත්ද්රවිය ලබාදෙන ලදී. ඒ දේවල් සිදු කලේ අතවර කරන මිනිසෙකුට සරණ පවා දීමට පෙරදීය. "ඔහු මට පහර දුන්නේය. ඒ දිවා කාලයේදී සහ රාත්‍රී කාලයේදීය. මට දැඩි රස්නය මදයේ මුළු දවසම වැඩ කිරීමට සිදු විය. ජිවිතයක් තිබුනේ නැත. මේ ජිවිතේ අරුත කුමක්ද? ''

මනාලියන් කුට්ටනය සහ එහි වින්දිතයින් වෙනුවෙන් කටයුතු කරන බිම් මට්ටමේ සන්විදනයක් පවත්වා ගෙන යනු ලබන කෙනෙකි ශෆික් ඛාන්. ඔහු මෙසේ කියා සිටියි. ගැහැණු දරුවන්ට රස්සාවල් දෙකක වැඩ ඇත. ඔවුන් ලිංගික වහලුන්ය. ඒ එක පිරිමියෙකුට නොව පිරිමින් 10 ත් 12 ත් අතර කන්ඩායමකටය. ඊට අමතරව කෘෂිකර්මාන්තය එනම් උදැසන සිට රාත්‍රිය දක්වා ගොවිපල වල සතුන් සමග කටයුතු කිරීමට සිදුව ඇත.

මෙම ලිපිය සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.

No comments:

Post a Comment

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...