Sunday, February 3, 2019

සාලාගේ ඉරණම තීරණය වේ. Wreckage from missing plane of footballer Emiliano Sala found





සාලා අර්ජන්ටිනියානු පාපන්දු තරුවකි. ඔහු ගමන්ගත් ගුවන්යානය මිට සති දෙකකට උඩදී අනතුරකට පාත්‍ර විය. දැන් ඒ ගුවන්යානයේ සුන්බුන් ප්‍රංශයේ මුහුදු වෙරළකින් සොයා ගෙන ඇත. මියයනවිට සාලාට වයස අවුරුදු 28කි. පවුලේ උදවිය ගුවන්යානයට සිදුවූ දේ සොයන්නයි දිගින් දිගටම බලදාරීන්ට අඩුකදුලෙන් ආයාචනය කළහ. ගුවන්යානය අඩි 2300ක් උඩදී රේඩාර් පද්දතියෙන් නොපෙනී ගොස් ඇත 

මෙම ලිපිය සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව වෙත යොමු වන්න.

https://edition.cnn.com/2019/02/03/football/emiliano-sala-search-resumes-missing-plane-gbr-intl/index.html

මාර්තුවේ යුරෝපා සංගමයෙන් ඉවත්වීමට තෙරේසා මේ සීරුවෙන්.Brexit: Theresa May 'determined' to leave EU in March



බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ තම රට මේ වසරේ මාර්තු මස යුරෝපා සංගමයෙන් ඉවත්වීමට උනන්දුවෙන් පසුවන බව වාර්තා වේ. එනම් බ්රෙක්සිට් නියමිත කාලයට පැවරෙනු ඇත. එය මාර්තු 29 සිකුරාදා ග්රින්ව්ත් වේලාවෙන් 23.00 ට සිදුවනු බව වාර්තා වේ. අගමැතිනිය බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට අකමැති වුවද 2016 ජනමත විචාරණයේදී බ්‍රිතාන්‍ය  ජනතාවගෙන් බහුතරය කියා සිටියේ ඉවත්විය යුතු බවයි. මොකක්ද බ්රෙක්සිට් යන්නෙන් අර්ථ ගැන්වෙන්නේ? BRITAIN br සහ ඉවත්වීම exit යන්නෙන් සැදිණි. මෙම වර්තමාන බ්රෙක්සිට් කියවීමට අනුව යුරෝපා සංගමය සහ බ්‍රිතාන්‍ය අතර වෙන්වීම සටහන් කරන්නේ අයිරිෂ් දෙෂසිමවයි. මෙම අයිරිෂ් දේශසීමාව සම්බන්දයෙන් යුරෝපා සංගමය සහ බ්‍රිතාන්‍ය අතර ගිවිසුමක් ඇති නොවුනහොත් එය වෙළද කටයුතු වලට එනම් බාන්ඩ ප්‍රවාහනයේදී බාදාවක් වනු ඇත.

මෙම ලිපිය සම්පුර්ණයෙන් කියවීමට පහත සබදියාවන් වෙත යොමු වන්න.




ඇමෙරිකානු විශ්ව විද්‍යාල බොරුව ඉන්දියාව කෝප කරයි. US fake university sting angers India



ඇමෙරිකාවේ මෙම බොරු විශ්වවිද්‍යාලය පිහිටවුයේ එරට ආගමන නිලදාරින්ය. මෙහි අද්යන කටයුතු සදහා බැදී සිටි සිසුන් දුසින් ගණනක් අත්අඩංගුවට ගෙන තිබේ. එම සිසුන් වැරදිකරුවන් වුවහොත් ඔවුන්ව නැවත ඉන්දියාවට පිටුවහල් කරනු ඇත. මෙනිසා ඉන්දියාව දැඩි කෝපයට පත්ව තිබේ. නඩු පවරන්නන් කියන්නේ මෙයට අනුයුක්ත වීමේදී එය නීතිවිරෝදී බව ඔවුන් දැන සිටි බවයි. නමුත් ඉන්දීය බලදාරින් කියන්නේ සිසුන් රැවටී ඇති බවයි. මෙහි නම ෆෙර්මින්ටන්ය 

මෙම ලිපිය සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව වෙත යොමු වන්න. 

Thursday, January 31, 2019

උතුරු කොරියාවේ නියෂ්ටික පොරොන්දුව.( US envoy Stephen Biegun reveals North Korea nuclear pledge)





ඇමෙරිකා එක්සත් ජනපද තානාපති උතුරු කොරියාවේ නියෂ්ටික පොරොන්දුව හෙළිදරවු කර තිබේ. එම තානාපති ස්ටෙෆාන් බිගුන්ය. පසුගිය ඔක්තෝම්බර් මස ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පේ උතුරු කොරියාවේ සංචාරය කල අවස්ථාවේ මෙම පොරොන්දුව සිදුකර ඇත. බිගුන් වැඩි දුරටත් ප්‍රකාශ කලේ ට්‍රුම්ප් ජනාදිපති දෙරට අතර යුද්දය නිමා කිරීමට සුදානම් බවත් ඇමෙරිකාව කිසිවිටකත් උතුරු කොරියාව ආක්‍රමණය කිරීමට හෝ ආණ්ඩු පෙරලීමට සුදානම් නැති බවත්ය. උතුරු කොරියාව දිගින් දිගටම ප්‍රකාශ කලේ තමන්ගේ පැවැත්ම සදහා නියෂ්ටික වැඩසටහන අවශ්‍ය බවයි. ඇමෙරිකානු හමුදා බටයින් 28500ක් දකුණු කොරියාවේ රදවා ඇති අතර මෙම සාකච්චා වලදී ඔවුන් ඉවත් කර ගැනීම පිලිබදව උතුරු කොරියාව සමග එකගතාවක් ඇති කර ගත්තේ නැති බව ඇමෙරිකානු අදාල රටේ තානාපති බිගුන් කියයි. 

චිකාගෝ හි ගින්දරින් සිතල නිවේ .



ඇමෙරිකාවේ චිකාගෝහි අදික ශීතල නිසා රේල් පිලි වල අයිස් මිදී ඇත. දැන් ඒවා ඉවත් කිරීමට ගින්දර යොදා ගෙන තිබේ. ඒ නිසා දවස් කිහිපයකට පමණ නැවත දුම්රිය සේවා ඇරබි ඇති බව වාර්තා වේ,
.
මෙම සිදුවීම මතකයට නගන්නේ දැන් තිරගත වන චිත්‍රපටිය ගින්නෙන් උපන් ශීතලයි. තවම බැලුවේ නැත. එහෙත් රෝහණ විජේවිරගේ චර්තපාදනය 71 කැරැල්ල 8889 බිෂණය යලි සිහිපත් කරයි. දැන් තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සබාව සහ අතුරුදහන් වුවන්ගේ කාර්යාලය ක්‍රියාත්මක වේ.  එබැවින් ජිවිත අහිමිවූ අතුරුදහන් වූ අයගේ කතා වල සත්‍ය තාවය එළිදරවු විය යුතුය. ඒ සදහා ජනතාවට බලය ඇත. ඒ වෙනුවෙන් ඔවුන් බල ගැන්වීමේ වගකීමක් සිවිල් සමාජයට ඇත. 

Saturday, January 5, 2019

නිතිය සැමට (LAW FOR ALL ); ලේකන අස්ථානගතවිම.



අල්ලස් කොමිසම පැවරු නඩුවකි. කොලබ මහා අදිකරණයේ චුදිතට එරෙහිව අදිචෝදනා ගොනු කෙරිණි. චුදිත වරදකරු වුනි. ඔහු අබියාචනා අදිකරණයේ ඇ පලක් ගොනුකල අතර එයින් නිදොස්කට නිදහස් කෙරිණි. මෙයට හෙතුව මහා අදිකරණයේ නඩුවට අදාල ලිපිගොනු අස්ථානගත වීමය. අබියචනා කල හැක්කේ නිතිය පිළිබද කරුණක් සම්බන්දයෙනි. තවද චුදිතට මුලික අයිතිවාසිකමක් ලෙස අබියාචනයට අයිතිය තිබේ.  අල්ලස් කොමිසම ශේෂ්ට්‍රදිකරණයට අබියචනා කල අතර ප්‍රදාන අබියාචනය ඇසීමට අබියචනා අදිකරණයට නියෝග කෙරිණි. කොලබ මහා අදිකරණයේ නඩුව පැවරුවේ 1996 දිය.දැනට නඩුවට වයස අවුරුදු 22 කි.

මෙම නඩු තීන්දුව සම්පුර්ණයෙන් කියවීමට පහත සබැදියාව වෙත යොමු වන්න.

http://www.supremecourt.lk/images/documents/sc_appeal_103_2012.pdf

නිතිය සැමට (LAW FOR ALL);- නැවත නඩු විබාගයක් පැවැත්වීම! කෙතරම් සදාරණද ?



ඔහුව අත්අඩංගුවට ගත්තේ 2000 වසරේදීය. ඒ හෙරොයින් සන්තකයේ තබා ගැනීමටය. මහා අදිකරණය මරණ දඩුවම පැමිණවිය. අබියාචනාදිකරණයට කල ඇපැලේදී ඔහු නිදොස්කොට නිදහස් විය. නීතිපති ශේෂ්ට්‍රදිකරණයට ඇපලක් ඉදිරිපත් කල අතර එයින් නැවත නඩු විබාගයයකට නියෝග කෙරිණි. ප්‍රදාන තර්කය වුයේ සාක්ෂී ප්‍රමාණය නොව අවෂ්‍ය වන්නේ සාක්ෂී වල ගුණාත්මක බාවයයී යන්නය. දැන් වසර 18කි. මෙම නියෝගය අනුව නැවත අබියාචනාදිකරණයේ ඇපැලට කෙතරම් කාලයක් ගතවනු ඇද්ද? අබියාචනා කල හැක්කේ නිතිය පිළිබද කරුණක් මතය.

මෙම නඩු තීන්දුව ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව වෙත යොමු වන්න.

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...