Tuesday, August 16, 2016

ගුවන්ටනාමෝ සිරගෙය සහ අපේ සිරගෙය.




වොෂින්ටනය ගුවන්ටනාමෝ සිරකරුවන් 15 ක් එක්සත් අරාබි එමීර් රාජ්ජයට මාරු කර යවයි. මෙය ඔබාමා පාලනයේදී මාරු කර හරිනු ලැබූ වැඩිම සිරකරුවන් ගණන වේ. කියුබාවේ මෙම සිරගෙය පවත්වා ගෙන යනු ලබන්නේ එක්සත් ජනපද හමුදාව විසිනි. 2001 සැප්තැම්බර් 11 නිවු යෝක්ප්‍රහාරයෙන් පසුව මෙහි සිටි සිරකරුවන් ගණන 780 කි. මෙම සිරකරුවන් නිදහසින් පසුව නිරතුරු අදික්ෂණයට සහ පුනුරුත්තාපන වැඩසටහන් වලට යොමු කරනු ලැබේ. 

අපේ සිරගෙවල් විශේෂයෙන් වැලිකඩ සිරගෙය ගැන නිරතුරුව කතා කෙරේ. වැලිකඩ ගැන දැනට වැඩි අවදානයක් යොමුව ඇත්තේ රාජපක්ෂ ඥාතීන් වර්තමානයේ සිරකිරීමත් සමගය. ඊයේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා රක්ෂිත බන්දනාගාර ගත කෙරිණි. 

ජනාදිපති මයිත්රිපාල සිරිසේන සිරගෙය තුල වැඩි පහසුකම් රෝහල් ඇති කල යුතු බව කියා සිටි. මෙය සාමාන්‍ය සිරකරුවන් සම්බන්දයෙන් වැදගත් වේ. තවද ඔහුගේ අවදානය පහත කරුණු සම්බන්දයෙන්ද යොමුවිය යුතුව තිබේ. ඒ බන්දනාගාර තදබදය රැදවියන්ට වදහිංසා පැමිණවීම අල්ලස හා දුෂණය සහ මත්ද්රවිය ඇතුළු නීතිවිරෝදී කටයුතු සම්බන්දයෙනි. බන්දනාගාර වල රැදවියන්ට ඉගැන්වීමට තියෙන මහන මැෂින් වල මහන්නේ නිලදාරීන්ගේ ඇදුම්ය. තවද රැදවියන්ට නිලදාරීන්ගේ කකුල් මසාජ් කරන්නට සිදුවේ. නීතිවිරෝදී ද්රවිය වලින් 95% ක් බන්දනාගාරය තුලට ගෙනෙනු ලබන්නේ නිලදාරින්ය. මිට විරුද්දව නිතිය ක්‍රියාත්මක කල යුතුව තිබේ.

මේ දේවල් ඉටු වුවහොත් පමණක් සිරකරුවන්ද මනුශ්ෂයෝය යන්න බෝඩ් ලෑල්ලකට පමණක් සිමා නොවනු ඇත. 

ඉංග්‍රීසි ලිපිය සදහා පහත සබැදියාව වෙත යොමු වන්න.

No comments:

Post a Comment

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...