Wednesday, October 25, 2017

නිතිය සැමට (Law for All );- තෑගි ඔප්පුවක් පිළිබද අබියාචනයක්. (Deed Of Gift)



මේ ශේෂ්ට්‍රදිකරණයේ විබාග වූ අංක 30/2015 දරන අබියාචන නඩුවයි. අබියාචනය පමණක් අවසන් වන්නේ 2017.10 23 වැනිදාය. අබියාචනය පමණක් නිමා වීමට ගත වූ කාලය වසර දෙකකට වැඩිය. හෝමාගම දිසා අදිකරණයේ විබාග වූ නඩුවකි. ශේෂ්ට්‍රදිකරණයේ අබියාචනය ඇසෙන විට අබියාචක ජිවතුන් අතර සිටියේ නැත. එයට අදෙෂකයෙකු ඇතුලත් කෙරිණි.ඔහුගේ නිවසක් වගයුත්තරකරුට කුලියට දි තිබිණි. පසු අවස්ථාවකදී අබියාචක වගයුත්තරකරුට  පයචස් 10 ක් සහ නිවසක් තෑගි ඔප්පුවකින් පැවරුවේය. වගයුත්තරකරු එයට අලුත්වැඩියා කිරීම් ද සිදු කළේය. තෑගි ඔප්පුව ලිවීමට මත්තෙන් වගය්ත්තරකරු අබියචක ගේ දුක සැප බැලිය. නමුත් ඔප්පුව ලිවීමෙන් පසුව එම කෘතඥතාව මද වීම මත අබියාචක (පැමිණිලිකරු ) දිසා අදිකරණයේ තෑගි ඔප්පුව අවලංගු කරන ලෙස ඉල්ලා නඩු පැවරිය. එය ඔහු ජයග්‍රහණය කළේය. එයට විරුද්දව අබියාචනා අදිකරණයේ දැමු අබියචනයෙන් හෙතෙම පරාජය වුනි. ඔහු පසුව ශේෂ්ට්‍රදිකරණයේ අබියාචනයක් දැමු අතර එයින්ද පරාජයට පත්වුණි. එයට හේතුවුයේ තෑගි ඔප්පුවේ සදහන් ආකාරයට කෘතඥතාව මද බවක් ඔප්පු වී නැති බවයි. මෙය තව දුරටත් පැහැදිලි කලොත් තෑගි ලබුම්කාර තෑගි දිමනාකරුට නරක ලෙස සලකා නොමැති බවයි. මෙම නඩුවේ දි තෑගි ඔප්පුවේ ජිවිත බුක්තිය තිබු බවක් සදහන් වුයේ නැත. ජිවිත බුක්තිය තිබුනානම් නඩු පැවරීම එලෙසෙම සිදුකල හැකි අතර එය වෙනේකෙනුකට විකිනීමට පැවරීමට හෝ බද්දට දීමට තෑගි ලබුම්කරුට කල නොහැක.

මෙම නඩු තීන්දුව සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව වෙත යොමු වන්න.



Friday, October 20, 2017

නිතිය සැමට ( Law for All );- ඇටෝනි බලය. (Power of Attorney)



මේ අනුරාදපුරේ දිසා අදිකරණයේ විබාග වූ නඩුවක තීන්දුවට එරෙහිව කල අබියාචනයකි. මෙය පළමුව උතුරු මැද සිවිල් අබියාචන පළාත් මහා අදිකරණයේ අබියාචන අවස්ථාවකටද පසුව ශේෂ්ට්‍රදිකරණයට අබියචනයකටද බදුන් විය. අබියාචන අවස්ථා දෙකේදීම පැමිණිලිකරුට පක්ෂව දුන් දිසා අදිකරණ තීන්දුව ස්ථිර විය. 

අබියාචන කල හැක්කේ නිතිය පිළිබද කරුණක් සම්බන්දයෙන් පමණි. තවද මුල් අවස්ථා නඩු අසන අදිකරණයේදී ඉස්මතු නොකළ අලුත් කරුණක් අබියාචන අවස්ථාවේදී ඉස්මතු කල නොහැක. 

ශේෂ්ට්‍රදිකරණයේ විබාග වූ මෙම අබියාචන නඩුවේ අංකය 130/2010 වේ. නඩුවේ තීන්දුව දුන්නේ 2017 . 09.19 වැනිදාය. ශේෂ්ට්‍රදිකරණයේ අබියාචන අවස්ථාවට පමණක් ගත වූ කාලය වසර 07ක්පමණ වේ. මෙම අබියාචන නඩුවේදී විත්තිය එනම් අබියාචක ඉස්මතු කල ප්‍රදාන කරුණු දෙක වියේ පැමිණිලිකරු ඇටෝනි බලකරුවකු මගින් පෙනී සිටීමත් ඔහු මියයාමෙන් පසුව අදෙෂකයෙකු ආදේශ කිරීමත්ය. 

මෙම ඇටෝර්නි බලකරුවකු පත්කරන්නේ 1902. අංක 02 දරන ඇටෝනි බල පත්‍ර අඥා පනතට අනුවයි. එය දෙවරක් සංශෝදනය වී තිබේ. ඒ 1913 අංක 09 සහ 1939 අංක 13 දරන සංශෝදන මගිනි. මෙම ඇටෝනි බලය නිතිග්නයකුට නීති නියෝජිතයකුට වෙනත් පුද්ගලයකුට තවත් පුද්ගලයකු මගින් මෙම ඇටෝනි බලය දි එමගින් යම් වැඩක් ක්‍රියාවක් වෙළදාමක් වියාපාරයක් කිරීමට බලය පැවරිය හැක. මෙම ඇටෝර්නි බලපත්‍රය සාක්ෂිකරුවන් දෙදෙනෙකු විසින් සහතික කල යුතු අතර එය නොතාරිස්වරයකු රෙජිස්ටර්වරයකු නියෝජ්‍ය රෙජිස්ටර්වරයකු ඕනෑම විනිසුරුවරයකුට හෝ මහේස්ත්‍රාත්වරයකු ඉදිරියේ සහතික කල යුතුය. මෙසේ සකසන ඇටෝනි බලපත්‍රය රෙජිස්ටර් ජෙනරාල්වරයා හමුවේ අඥා පනතට අනුව ලියාපදිංචි කල යුතුව ඇත. ඇටෝනි බල කරුගේ සැම ක්‍රියාවකටම එය ප්‍රදානය කල පුද්ගලයා වග කිව යුතුව තිබේ. 

මෙම නඩු තීන්දුව සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව හෝ යොමු වන්න.


මෙම අඥා පනතට යොමු වීමට පහත සබැදියාව වෙත යොමු වන්න.



Thursday, October 19, 2017

නිතිය සැමට (Law for All) ;- ආසිරි රෝහල නඩුව දිනයි.


මෙය ශේෂ්ට්‍රදිකරණයේ විබාග වූ තවත් අබියාචන නඩුවකි. අංකය 152/2014 වේ. තීන්දුව දුන්නේ 2017.09.19 වැනිදාය. අබියචක අසිරි රෝහලයි. වගයුත්තරකරු සොයිසාය. හෙතෙම ගොනපිනුවල පදිංචි කරුවෙකු වේ. ඔහු 1999.12.27 දින අශා සෙන්ට්‍රල් රෝහලේ රසායනාගාර තාක්ෂණ නිලදරියෙකු ලෙස සේවයට බැදිනි. මේ අතර රෝහලේ නම අසිරි සෙන්ට්‍රල් රෝහල ලෙස වෙනස් විය. සේවායෝජක රෝහල සහ සේවකයා අතර රැකියාව පිළිබද පැහැදිලි ගිවිසුමක් විය. 2019.11.18 ඔහුගේ සේවය නතර කෙරිණි. ඒ වෙනත් ස්තස්නයක සේවයෝජකට නොදන්වා වැඩ කිරීම ගැනයි. මෙම රසායනාගාර සේවකයා වසරක පමණ කාලයක් දිවා කාලයේ වෙනත් ස්ථානයක වැඩ කරමින් රාත්‍රියේ ආසිරි රෝහලේ වැඩ කල අතර මෙය අසිරි රෝහලේ සෙසු නිලදාරීන් දැන සිටියහ. සේවය නතර කිරීමෙන් පසු කම්කරු උසාවියේ නඩුවෙන් සේවකයා දිනු අතර එහිදී ඔහුට වන්දි පවා පිරිනැමිණි. රෝහල සිවිල් පළාත් බද මහා අදිකරණයට අබියාචනා කළේය. අබියචනයද රෝහලට අවාසිසහගත විය. හේතුව වුයේ රෝහලේ නම වෙනස්වීමය. පසුව ශේෂ්ට්‍රදිකරණයට අබියචනය කෙරිණි. අසිරි රෝහල නඩුව දිනන ලදී. එහිදී ප්‍රමුකත්වය හිමිවුයේ සේවායෝජක සේව්‍ය අතර තිබු පැහැදිලි කොන්දේසි සහිත ගිවිසුමටයි. එහි වුයේ සේවකයකුට සේවා යෝජක ට දැනුම් නොදි අවසර නොගෙන වෙනත් ස්ථානයක වැඩ කල නොහැකි බවයි. රෝහලේ නම වෙනස් වීම බලපෑවේ නැත. 

මෙම අබියාචන නඩුව සම්පුර්ණයෙන් කියවීමට පහත සබැදියාව වෙත යොමු වන්න.

නිතිය සැමට (Law for All) ;- කුලී නිවැසියා එලියට.



මේ ශේෂ්ට්‍රදිකරණයේ විබාග වූ අංක 89/2013 දරන අබියාචන නඩුවයි. එහි තීන්දුව ලැබෙන්නේ 2017. 10.16 වැනිදාය. එනම් වසර 04 කට පසුවයි. එය පළමුව විබාග වුයේ ගාල්ල දිසා අදිකරනයේය. පෙත්සම්කරු කුලී නිවැසියාය. වගයුත්තරකරු කුලී හිමියාය. කුලී හිමියාට ඉතා හොද අයිතියක් ඉඩමට හා ගොඩනැගිල්ලට තිබිණි. කුලී නිවැසියා එහි අයිතිය කුලී හිමියාට ආපසු ලබා නොදුන් අතර කුලී හිමියා විසින්පොලිසියට පැමිණිලි කල අතර නීතිඥවරයා මගින්ද දැනුම් දෙන ලදී. නමුත් වැඩක් වූ යේ නැත. ඉන්පසුව දිසා අදිකරණයේ නඩු පැවරු අතර තීන්දුව වාසිසහගත වුයේ කුලී නිවැසියටය. එවිට අයිතිකරු සිවිල් පළාත් බද මහා අදිකරණයේ අබියාචනය කල අතර එයින් ජයග්‍රහණය කළේය. ඉන්පසුව කුලී හිමියා ශේෂ්ට්‍රදිකරණයට අබියාචනයක් ඉදිරිපත් කල අතර ශේෂ්ට්‍රදිකරණය මහා අදිකරණ තීන්දුව ඉස්තිර කළේය. නිවෙස් හිමියා ජය ලැබිය. තවද ප්‍රකාශ වුයේ කලාවරෝද අඥා පනතේ කිසිවක් කුලී හිමියාට අවාසිසහගත නොවන බවයි. මෙහිදී ඔහු සතු වූ නිරවුල් බුක්තියට වැඩි වාසියක් හිමි වුනි.

මෙම නඩු තීන්දුව සම්පුර්ණයෙන් කියවීමට පහහ සබදියාවට යොමු වන්න.



ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...