Tuesday, April 25, 2017

නිතිය සැමට ;- මානව හිමිකම් රාජ්‍ය ආයතන වලට පමණයි.



ඊයේ මැදිවියේ කාන්තාවන් දේපලක් ජනසන්සදයට පැමිණියහ. ඔවුන් කිවේ තමන්ට නිවසට යාමට ඇති පාර අහිමි වූ බවයි. එනම් උසාවියේ නඩුව පැරදුනු බවයි. ඔවුන් සහනයක් ඉල්ලා සිටියහ. මෙය පුද්ගලික ප්‍රශ්නයකි. අපේ උපදෙස වුයේ දක්ෂ සිවිල්නී තිඥයකු ලවා ඉහල අදිකරණයට අබියාචනයක් දමන ලෙසයි.

ඊලග සේවාදායකයා වුයේ මැදිවියේ මහතෙකි. ඔහු කිවේ තමාව සතොස ආයතනයෙන් අස්  කල බවයි. සතොස රාජ්ජ නොවේ. අපි උපදෙස් දුන්නේ මාස තුනක් ඇතුලත කම්කරු උසාවි යන ලෙසයි  මෙය මානව හිමිකම් වලට අයිති නැත. ඔහු පෙරලා ඇසුවේ කම්කරු දෙපාර්තමේන්තුවට යා හැකිද කියාය. මෙහිදී විමර්ශන පමාවකින් තොරව සිදු වන්නේ කම්කරු උසවියේය. නැතිනම් දෙකටම යා හැක. 

මෙම සිද්දීන් දෙකම මානව හිමිකම් වලට අදාල නැත. මානව හිමිකම් අදාල වන්නේ රාජ්‍ය ආයතන වලින් සිදු කරන මුලික අයිතිවාසිකම් කඩ කිරීම සම්බන්දයෙන් පමණි. එම මුලික අයිතිවාසිකම් කවරේද යන්න 1978 ආණ්ඩු ක්‍රම විවස්ථාවේ 3 වන පරිච්චේදයේ පැහැදිලිව දක්වා තිබේ.

0773201270
0382231419

Monday, April 24, 2017

නිතිය සැමට ;- වදහිංසාව සමත මණ්ඩලයට දැමිය හැකිද?


වින්දිතයා මහින්ද රම්යජිව වේ. හෙතෙම විවාහක තිදරු පියෙකි. පානදුර මහේස්ත්‍රාත් උසාවියේ අංක 43642 නඩුවට අදාලව කළුතර රක්ෂිත බන්දනාගාරයේ සිටියේය. එහිදී අමානුෂික වදහින්සාවට පාත්‍ර වුනි. ඔහුගේ බිරිද මේ පිලිබදව මානව හිමිකම් කොමිසමට සහ බන්දනාගාර කොමසාරිස් ජෙනරාල්ට පැමිණිලි කරනු ලැබිණි. ඔහුට ඇප හිමි විය. 

ඔහු පානදුර මුලික රෝහලේ අංක 01 වාට්ටුවේ 2017.04.05 සිට 2017.04.09 දක්වා නේවාසිකව ප්‍රතිකාර ගනු ලැබිණි. විශේෂඥ අදිකරණ වයිද්යවරයා ඔහුව පරික්ෂා කර ඇත. රෝහල්ගතව සිටියදී කළුතර උතුර පොලිසිය ඔහුගෙන් ප්‍රකාශයක් ගෙන තිබේ. 

2017.04.20 දින සවස 2 ට ඔහු කළුතර පොලිසියට කැදවිමකට අනුව ගිය අතර වදහිංසා පැමිණවූ ජේලර් සිල්වාද පැමිණ ඇත. පැමිණිල්ල මෙහෙය වූ සුළු පැමිණිලි අංශයේ නිලදාරියා පවසා සිටියේ මෙය සමත මණ්ඩලයට යොමු කරන බවයි. 

මෙය කිසිසේත් සුළු තුවාල සිදු කිරීමක් නොවේ. එහෙයින් කිසිසේත් සමත මණ්ඩලයට යොමු කල නොහැක. වදහිංසා පැමිනවිමකි.

මේ ගැන රම්යජිව නැවත කළුතර උතුර පොලිස් ස්ථානාදිපතිට ලිකිතව පැමිණිලි කළේය. ඒ 2017. 04. 21 වන දින දිය.

Thursday, April 20, 2017

No probe by Payagala police against house burnt.


T. R Pushparani 37 years old married with two children reside at no 56 Jawaththa .......... Tele 077 .......The complaint was made on 19.04.2017. 

On 18.04.2017 around 8 pm I came to Malegoda Temple road with two children to see my husband who was coming home from office. We were stopped by Susantha his elder son Udayanga young children Kavi and Thanuka. They threatened us saying hacked my husband and burnt the house. When we were proceeding on the road Lushan came by a motorcycle. It was stopped and Lushan said we burnt your house and said they were going to the police station. Dilhani, Susantha and Udayanga accompanied Lushan. I called 119 and reported the case. At that time we were at the Malegoda temple. They came, fire brigade and electricity board also came. 119 told us to complain at the police station. 

We went to the police station. They recorded my complaint. I asked a receipt but they did not give. They told me to wait until the Officer In Charge returned.  After half an hour the OIC came and said we ourselves burnt the house. 

After that my elder son Isuru Dananjaya 13 years Hishan Madushanka 9 years were taken to the room of the OIC. My children later told me that they were threatened by the OIC and told them to accept that we ourselves burnt the house and if so the police would build our house.

The police kept my two children inside the room and tortured mentally. The police also threatened me using filthy language and said my two children would be sent to the probation if we did not plead guilty. 

After that my husband was taken to the OIC's room. The police threatened my husband and alleged him taking drugs and said I myself burnt the house. 

Now we don't have a place to reside. Our clothes and children's school books and all things were burnt. The cost of burning goods were valued around five hundred thousand rupees. 

Up to now the perpetrators are not arrested. The police not yet report the case to the court. Because the police is good with the perpetrators. 

I request the Inspector General of Police to take legal actions immediately against the alleged perpetrators.

Janasansadaya
038 2231419
077 3201270    

Wednesday, April 19, 2017

Fabrication Of Charges By Bulathsinhala police



W. K Lal 50 years old NIC No 661764201 V Married five children Occupation Valdin laborer Reside at Near Temple Diyakaduva, Mahagama Tele No 071 0498232

This complaint was made on 01.04.2017. On March 2017 around 9 at night I was at home. Two police personal attached to Bulathsinhala police arrested me.

They came by the police jeep. They informed me that I was arrested regarding a complaint about an assault. I was taken to the police and put inside the cell. Before put into the cell the police recorded a statement from me.

 I clearly complained that I was arrested regarding a fabrication of charge of a woman. I claimed to make an investigation regarding this false complaint.  The police refused it. The following day until 12.30pm I was kept inside the cell. They did not give even water to drink. There were three including me inside the cell.

The following day around 12.30 pm I was produced before the Mathugama Magistrate court. The police requested to remand me because the assaulted woman was in the hospital. The court ordered to release me on police bail and ordered to appear before the court on 29 March 2017.

I appeared before the court on 29th March 2017. The court ordered me to release on surety valid Rs.200,000/= and appear before the mediation board. The court informed me next court hearing will be 23 August 2017.

I was pressurized like this because I requested Manjula a tryshaw driver to return (who had a deficit of) Rs.6000/= because of val din work that I gave him. This try shaw driver called Manjula's aunt  had an  illicit affair  with a police personal called Meththananda attached to Bulathsinhala police.

I request to pay attention regarding the chances of future attempts of fabrication of charges.

I request to take legal actions regarding the officer in charge and the other police personal who make fabrication of charges on me.


Monday, April 17, 2017

Illegal Arrest and Detention


This complaint was directed to the human rights commission and the inspector general of police by Prasanthika Sriyani resided at 147/M Thelhena Temple Road Moronthuduwa on 18.04.2017. 

Ranjan Ekanayaka 30 years old unmarried fisherman is her son. On 15th April 2017 around 3.30pm he was arrested by Wadduwa police and is being detained until now in the said police. She is allowed to see him. He is in the police cell and takes to upstairs very often and investigate. 

The police refrains from disclosing the reason for the arrest and detention. There are two pending cases before the court. There are about murder. He was in remand for 8 1/2 years regarding this. She is scared about this three days long detention. She requests to produce him before the court immediately and ensure protection and refrain of fabrication of charges.


Sunday, April 9, 2017

කොරියානු දිනපොත (Korean Diary);- නිමාව (End)




අන්නයා හසයෝ (සුබ දවසක්)

මම කොරියාවේ මාස 08 ට වැඩි කාලයක් ගත කලෙමි. නිතර අසනීප නොවන්නට මෙය මට ඉතා සතුටුදායක කාල පරිච්චේදයක් වුනි. කොරියානු ජනතාවගේ මිත්‍රශීලි බව අන්‍යන්ට උදවු කිරීමේ ගුණය කිසිදා මට අමතක නොවුනු ඇත. මෙම රට වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ප්‍රජතන්තරවාදී වේ. කුවන්ජු සැලකෙන්නේ මානව හිමිකම් වල හදවත ලෙසයි. ඉතින් එවන් රටකින් සමුගැනීමට සිදුවීම යම් කනගාටුවක්ද ඇති කරයි.

මෙම මාස 08 කට වැඩි කාලය තුල ලැබූ අත්දැකීම් අපමණය. සුවිශේෂී සිදුවීම් ලෙස මැයි ඇකඩමිය වින්ටර් ස්කූල් දැක්විය හැක. ඒවා සංවිදාන කරන හැටිද ඉගෙන ගතිමි.

ජෙජු දුපත වෙත යාම සහ දේශ සීමාවට යාම අමතක නොවේ. ජෙජු දුපතට යාමෙන් සංහිදියාව ගැන ඉගෙන ගතිමි. ලේ තැවරුණු ඉතිහාසය අමතක නොකිරීම මට හැගෙන හැටියට දකුණු කොරියාවේ සංවර්දනය මානව හිමිකම් ප්‍රජාතන්ත්‍රවාදය සහ නිතිය මත පාලනයේ රහස වේ. ඔවුන් නව තාක්ෂනය යොදා ගෙන මෙම එතිහාසික ස්ථාන සංවර්දනය කර ඇති අයුරු ඒ පිළිබද කවුතුකාගාර සහ අනෙකුත් සිහිවටන ඉතා ආශ්චර්යමත් බව කිව යුතුය. 1980 මැයි 18 පැරණි සහ නව සුසාන බුමි දෙක ද අමතක නොවේ. ඒවා මතකයට නැගුවේ ලංකාවේ අතුරුදහන් වුවන්ගේ සිහිවටනයයි.

ගිය සිකුරාදා පොලිසියට අදිකරණයට සහ මානව හිමිකම් කොමිසමට යාම දැනුම් සම්බාරයක් සහ අත්දැකීම් රැසකට හේතු විය. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සහ නිතිය මත පාලනය ස්ථාපිත කිරීමට යම් හෝ කර්තවියක් ඉටු කිරීමට මේ දැනුම් සම්බාරය අනාගතයේදී ඉවහල් වනු ඇත. 

මැයි 18 කාර්යාල පරිශ්‍යය ඉතා සන්සුන්ය. කාර්යාලයේ වැඩ කරන සොයුරු සොයුරියන් ඉතා කාර්යබහුල ලෙස උදේ 9 සිට සවස 6 දක්වා වැඩේ නිරත වේ. මෙහි මට අමතක නොවන කාර්යාල සගයින් ලෙස චෝයි මහතා, අන්නා, දා සෝම්, සොන්හි හැදින් විය හැක. මෙම මාස 08 ක කාලය තුල මා වැඩ කලේ විදායක අද්යක්ෂක කිම් යන්රේ, අදයක්ෂක හන් සහ සම්බන්දිකාරක යු ඉන්රේ යන මහත්ම මහත්මීන්ගේ උපදේශකත්වය හා මාර්ගෝපදේශකයන් යටතේය. ඔවුන් සියලු දෙනා ඉතා කාරුණික වන අතර මැනවින් පිරිස් කළමනාකරණය ගැන දනිති.

මෙහි ඇගිලි සලකුණු මැෂිමක් ඇත. අප වද පැමිණ මාස තුනකට පසුව එයට හදුන්වා දෙනු ලැබිණි. කාර්යාල වෙලාව උදේ 9 ත් සවස 06 ත් අතර වේ. මැෂිමට මගේ දබර ඇගිල්ල සහ මැද ඇගිල්ල වැඩ කලේ නැත. පසුව එයට මහපට ඇගිල්ල හදුන්වා දෙනු ලැබිණි. එය වැඩ කළේය. මා දින 53ක් වැඩට පැමිණ නොමැති බව එහි සනිටුවහන් විය. එය වැරදීමක් විය. සමහර විට එය මැෂිමේ වරදකි. මට හවස් කාලයේ මෙම මැෂිමට ඇගිලි සලකුණු තැබීම බොහෝවිට අමතක වුනෙමි. මේ තත්වයන් තුල පරිපාලන දෙපාර්තමේන්තුව මා සමග අමනාප වුවාදැයි මම දන්නේ නැත. අවසානයේ දින 53ක් මා කාර්යාලයේ සිටි බව ඔප්පු කිරීමටද සිදු විය. එයට සැම දිනකම සවස 5.30 ට අද්යක්ෂකට ලබා දෙන වැඩ වාර්තාව තිබුණි.

මම මගේ සියලු අත්දැකීම් කොරියානු දිනපොත හරහා ඔබ සමග බෙදා හදා ගත්තෙමි. ඉතින් එය නිමා කර මෙය සමුගැනීමට කාලයයි.

ඊට පෙර මා කුවුදැයි කියමි. එහිදී මට මේ ස්ථානයට ඒමට උදවු කල සියලු දෙනා මතක් කරමි. මා මේ ගමන ආවේ තනියම නොවේ. බොහෝ පිරිසක් උදවු කළහ. ඒ අතර මගේ දෙමාපියන් ඥාතීන් සහ නිදහස් අද්‍යාපනය වේ. මේ අවස්ථාවේ පානදුර සුමංගල බාලිකා විද්‍යාලය, කොලබ විශ්ව විද්‍යාලය, විවුර්ත විශ්ව විද්‍යාලය සහ නීති විද්‍යාලය ඉතා ආදරයෙන් සිහිපත් කරමි. පානදුර ජනසන්සදයට හොන්ග්කොන් ආසියානු මානව හිමිකම් කොමසමට ජිනීවා හි IBJ සන්විදානයට කුවන්ජු හි මැයි 18 අනුස්මරණ පදනමට මා නය ගැති වෙමි. මම වුර්තියෙන් නීතිඥවරියකි. මානව හිමිකම් ක්‍රියාකාරිනියකි.

අවසානයේ වැදගත් වන්නේ හොද ජිවිතයක් ගත කිරීම පමණි.

කම්සා මිදා (ස්තුතියි.)

Saturday, April 8, 2017

කොරියානු දිනපොත (Korean Diary);- පොලිසිය, අදිකරණය සහ මානව හිමිකම් කොමිසම (Police, Court & NHRC)









දකුණු කොරියානු පොලිසියකට යන එක යෝජනා කලේ මගේ පියාය. මම එයට උසාවිය බන්දනාගාරය සහ ජිතික මානව හිමිකම් කොමිසම එක් කලෙමි. බනදනාගාරය සාර්ථක වුයේ නැත. ගිය සිකුරාදා අනෙක් ස්ථාන තුනටම අපිව එනම් අෆ්ටාබ්, ටීකා සහ මට එම ස්ථාන වලට ප්‍රවේශය ලබා දීමට දකුණු කොරියානු මැයි 18 අනුස්මරණ පදනම විසින් පියවර ගනු ලැබිණි.  මෙහිදී ශ්‍රී ලංකාව බංග්ලාදේශය සහ නේපාලය නියෝජනය කල අපව ඉතා හොදින් පිළිගනු ලැබිණි.

පොලිසියෙන් ඉගෙනීමට බොහෝ තිබිණි. මෙහි වදහිංසා පැමිණවීම් බොරු නඩු දැමීම අතුරුදහන් කිරීම් සහ අදිකරණ ක්‍රියාදාමයෙන් තොරව සිදු කරන මරා දැමීම නැති බව පැවසිනි. එහි සැම ස්ථානයකම කැමරා සවි කර ඇති අතර වෙනම කාමරයක ඒවා අදීක්ෂණය කිරීම සිදු වේ. සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීම විශේෂ වීදුරුවක් මගින් බැහැරව සිට නිලදාරින්ට නිරීක්ෂණය කිරීමට ඉඩ ප්‍රස්තා ලබා දී තිබේ. කාන්තා සහ ළමා කටයුතු පිළිබද වෙනම අංශයක් ඇත. මසකට ගෘහස්ත ප්‍රචණ්ඩත්ව සිදුවීම් 30 ක් 40 ක් පමණද ළමා අතවර 3 සිට 4 දක්වා සන්කයවක්ද වාර්තා වන බව පැවසේ.

 අපිට පොලිසිය කොපි බිමට දුන් අතර අතේ බදින ඔරලෝසුවක්ද තෑගි කෙරිණි.

මා  ශ්‍රී ලංකාවේ පොලිසියකට ගොස් ඇත්තේ දෙවතාවක් පමණි. එනම් කුඩා කල මගේ අම්මා ඇගේ හදුන්පත නැති වූ අවස්ථාවේ පැමිණිල්ලක් දැමීමට මා කටුව පොලිසියට ගියාය. ඊළගට මිට වසර 03, 04 කට පෙර වින්දිත සරත් කුමාර නයිදොෂ් බැලීමට මොරටුව පොලිසියට ගියෙමි. අපි එහි ගිය අවස්ථාවේ ඔහුව ඉතා අමානුෂික ලෙස වදහින්සාවට පාත්‍ර කර තිබිණි.

ඊළගට ගියේ දිස්ත්‍රික් උසවියටයි. මේ සදහා ඉඩ කඩ ලබා දීමට වෙහෙස වුයේ මැයි 18 කාර්යාලයේ සොන්ග්හි සොහොයුරියයි. අපි සිවිල් සහ අපරාද අදිකරණයක නඩු ඇසීම නිරීක්ෂණය කළෙමු. සිවිල් අදිකරණයේදී විනිසුරුවරුන් තිදෙනා නඩුව අසා අවසානයේ උසාවිය තුල අප සමග චායාරුපයකටද පෙනී සිටියහ. ඔවුන් අපව හෝටලයකට කැදවා ගෙන ගොස් දිවා බෝජනයෙන්ද සංග්‍රහ කරනු ලැබිණි.

ඊළගට අප ගියේ උසවියේම ඇති විශේෂ වින්දිතා සහයෝගිතා ඒකකය වෙතය. එය ඉතා ප්‍රියජනක විදිහට සකස් කර තිබිණි. ළමා අපචාර ස්ත්‍රී දුෂණයට පාත්‍ර වන වින්දිතයින්ට උසාවියට ඉදිරිපත් වීමට පෙර ඔවුන්ව ශක්තිමත් කිරීම සදහා උපදේශනය සැපයේ.

අපි උසාවි කාර්යාලද නිරීක්ෂණය කළෙමු.

ඊලග ස්ථානය යුයේ ගුවන්ග්ජු මානව හිමිකම් කොමිසමයි. ඔවුන් අපට කොමිසමේ වැඩ කටයුතු පිළිබද සැසියක් පවත්වනු ලැබිණි. එනම් පරිගණකය ඔස්සේ ඉදිරිපත් කිරීමක් සිදු කළේය. අපිට ප්‍රශ්න ඇසීමේ අවස්ථාවද ලබා දෙනු ලැබිණි.

මා අනුස්මරණ පදනමට කල යෝජනාවක් විය. එනම් මෙම ස්ථාන නැරබීමට මැයි 18 ඇකඩමියට සහ වින්ටර් ස්කුල් සහබගිවන්නන්ට අවස්ථාව ලබා දිය යුතුය යන්නය.

ඉතින් ගෙවීගිය සිකුරාදා ඉතා පලදායි වූ බව සතුටින් පවසමි.


Wednesday, April 5, 2017

ජනතා අදිකරණය (90) ;- කිරිබත්ගොඩ පොලිසියේ වදහිංසා නඩුව.


මේ ශේෂ්ට්‍රදිකරණයේ විබාග වූ අංක 09/2011 දරන මුලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුවේ සාරන්සය වේ. පෙත්සම්කරුවන් වුයේ ලක්ෂ්මන් ද සිල්වා සහ අජන්තා විරසින්හය. වගයුත්තරකරුවන් වුයේ කිරිබත්ගොඩ පොලිසියේ ස්ථානදිපති, සෙසු නිලදාරීන්, බි කාමර්, පොලිස්පති සහ නිතිපතිවරයාය. එය විනිසුරු වනසුන්දර විනිසුරු උපාලි අබේරත්න විනිසුරු එච් එන ජේ පෙරේරා යන ත්‍රිපුද්ගල ශේෂ්ට්‍රදිකරන විනිසුරු මඩුල්ලක් හමුවේ විබාග විය. පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ පුලස්ති හෙවමන්න නීතිඥ සුලක්ෂණ සෙනානයකද 01 සිට 04 දක්වා වගයුත්තරකරුවන් වෙනුවෙන් නීතිඥ ජගත් අබේනායක 6 සිට 8 දක්වා වග යුත්තරකරුවන් වෙනුවෙන් නීතිඥ නයෝමි වික්‍රමසේකර යන අයද පෙනී සිටියහ. තීන්දුව ලබා දුන්නේ 2017.03.03 වැනිදාය. තීන්දුව ලීවේ එච් එන් ජේ පෙරේරා විනිසුරු වන අතර එයට අනෙක් විනිසුරු දෙපලගේ එකගතාවය හිමි විය.

කිරිබත්ගොඩ පොලිසිය පොලිසියට ගිය දෙවන පෙත්සම්කරියව අත්අඩංගුවට ගනු ලැබිණි. එහිදී පොලිස් නිලදාරීන් මෙන්ම කාන්තා පොලිස් නිලදරියක්ද ඇයට පහර දෙනු ලැබිණි. ඒ පළමු පෙත්සම්කරු එනම් ඇගේ සැමියා සොරකමක් ගැන සැක කොටය. අදිකරණය ඇගේ අත්අඩංගුවට ගැනීම නීතිවිරෝදී බව තීරණය කළේය. නමුත් වදහිංසා පැමිණවීම ඔප්පු නොවිණි. එනම් වයිදය සාක්ෂි සහ දිවුරුම් ප්‍රකාශ නොමැති බැවිනි. 

පසුව ඇගේ සැමියා එනම් පළමු පෙත්සම්කරුව අත්අඩංගුවට ගනු ලැබිණි. ඔහුගේ අත්අඩංගුවට ගැනීමද නීතිවිරෝදී විය. එනම් අත්අඩංගුවට ගැනීමේ හේතුව පොලිසිය ඔහුට සදහන් කලේ නැත. ඔහුව දරුණු වදහින්සාවට පාත්‍ර කෙරිණි. එම වදහිංසා අතර රත්වූ අගුරු වලින් ඔහුගේ කකුල් වල ඇගිලි සහ පුරුෂ ලිංගය පිළිස්සීම වේ.

පළමු පෙත්සම්කරුගේ අංක 11 සහ 13 (2) වගන්ති වල සදහන් 1978 ආණ්ඩු ක්‍රම විවස්ථාවේ එන මුලික අයිතිවසිකම් සහ දෙවන වගයුත්තරකරුගේ 13(1) වගන්තියේ සදහන් අයිතීන් වගයුත්තරකරුවන් උල්ලන්ගනය  කල බව තීරණය කෙරිණි. 

රජයට පෙත්සම්කරුවන්ට වෙන් වෙන්ව රුපියල් 50000 බැගින් වන්දිද නඩු ගාස්තු රුපියල් 25,000 ක්ද 1 සිට 4 වගයුත්තරකරුවන්ට දෙවන පෙත්සම්කාරියට වෙන්වෙන්ව රුපියල් 25,000 බැගින් වන්දිද 2 සිට 04 වගයුත්තරකරුවන්ට පළමු පෙත්සමකරුට වෙන්වෙන්ව රුපියල් 100000 බැගින් වන්දිද ගෙවීමට නියම විය. සියලු ගෙවීම් මෙම තීන්දුව දුන් දිනයේ සිට මාස 03 ක් ඇතුලත ගෙවිය යුතු විය. තවද මෙම නඩුවේ පිටපත් නීතිපතිවරයාට සහ පොලිස්පතිට යවන ලෙස ශේෂ්ට්‍රදිකරණයේ රේජිස්ටර්ට නියෝග කෙරිණි. ඒ වදහිංසා පැමිණවූ පොලිස් නිලදරිනට එරෙහිව වැඩි දුර විමර්ශන සදහා වේ. 

මෙම නඩු තීන්දුව සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බාෂාවෙන් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.