"ඉතිහාසය විනාශ කර සාමය උදා කර ගත නොහැක."- අපිට කොරියාවේ ජෙජු දුපතින් උගත හැකි පාඩම එයයි.
ජෙජු දුපත දෙවියන් වහන්සේගෙන් ලැබුණු තෑග්ගක් ලෙසද හැදින්වේ. එය අලංකාරය විශිෂ්ටය. කොරියානු චීන ජාතිකයින් ඇතුළුව බොහෝ ආසියානුවන් මෙම දුපතට පැමිණෙන්නේ එහි අලංකාරය බුක්ති විදීමටය. එහි ගුවන්තොටුපල ලොව වඩාත්ම කාර්යබහුල ගුවන්තොටුපළවල් අතරින් එකකි. දිනකට සාමාන්යෙන් මගින් 70,000ක් පමණ එහි ගැවසේ.
ජෙජු දුපතේ මෙම කණගාටු දායක සිද්දිය ඇතිවුයේ 1948 අප්‍රියෙල්සිට 1949 මැයි දක්වාය. මෙම කැරැල්ලේ ඉල්ක්ය වුයේ කොරියාවේ එක්සත් ජනපද හමුදා ආණ්ඩුව සහ පසුකාලින කොරියානු ආණ්ඩුවයි. අපරාදකරු පක් හොන් යෝඋන්ග් ය. එය ඇති වුයේ එක්සත් ජනපද හමුදා ආණ්ඩුවේ ජාතික පොලිසියේ මර්දනයට සහ දකුණු කොරියාවේ පමණක් පවත්වාගෙන ගිය මැතිවරණයට එරෙහිවය. පුද්ගලයින් 25,000 සිට 30,000 දක්වා මරා දැමිණි. එය ජෙජු දුපතේ ජනගහනයෙන් 1/5 කි.
ජෙජු වැසියන් මෙම සමුල ගාතනය අනුස්මරණය කරති. ඔවුන් සත්‍ය ගවේෂණය කරති. අපරාදකරුවන්ට සමාව දෙති. යුක්තිය සාමය මානව හිම්කම් වෙනුවෙන් කැප වෙති. ඔවුන් සාම අනුස්මරණ ශාලාවක් පිහිටුවා එහි කව්තුකා ගරයක්ද පවත්වා ගෙන යති. ඔවුන් සැම විටම සිය ඉතිහාසය සිහිපත් කරති.
ලංකාවේ සිදුවුයේ කුමක්ද? 1971 සහ 1988 /89 දකුණේ කැරැල්ල 30 අවුරුදු යුද්දය අප අමතක කර ඇත. හැබැයි සාමය ගැන කතා කරති. නමුත් ඉතිහාසය ගැන වැරදි කල අයට සමාව දීම ගැන කතා කරන්නේ නැත. වින්දිතයින් විරුවන් ඔවුන්ගේ පවුල් වල උදවිය සිහිපත් කරන්නේ නැත.
ඔබ ප්‍රබාකරන්ට සමාව දෙන්නේදැයි මා ප්‍රශ්න කළහොත් උරණ වන්නේත් කුපිත වන්නේත් මා සමගය.
88/89 අතුරුදහන් වුවන් සිහිපත් කරන ස්මාරකයක් ඇත. එය පමණක් ප්‍රමාණවත් නොවේ. අප සාම කවුතුකාගාරයක් පිහිටුවීම දක්වා දියුණු විය යුතුව ඇත. සාමය හා සංහිදියාව ලගා වීම යනු දියුණුවේ ආරම්බක පියවරයි. ජෙජු ජනතාව දියුණු ජාතියක් වීමේ රහසද මෙයයි.
No comments:
Post a Comment