මා දකුණු කොරියාවට පැමිණ මාස දෙකකුත් සති දෙකක් ඉකුත්ව ඇත. ශිත කාලය පැමිණෙමින් තිබේ. මගේ කාර්යාල සගයින් ඉතාම මිත්‍රශීලි වන අතර උදවු කිරීමට කැමතිය. මෙය මගේ කාර්යාල සගයින්ට පමණක් නොව සමස්ත කොරියානු ජනතාවටම පොදු වුවකි.
මට ශිත කාලය සදහා ඇදුම් නොතිබිණි. ඒවා මෙහෙන් මිලදී ගතහොත් අදික වියදමක් වේ. අන්නා මගේ යෙහෙළියකි. ඇය දිනක් පැවසුවේ මට ගැටලුවක් නොවේ නම් ඇගේ ශිත ඇදුම් මා වෙත ලබාදිය හැකි බවයි.
මෙහෙට පැමිණීමෙන් පසුව අපේ විදායක අද්‍යක්ෂ මහතා ඔහුගේ නිවසේ අප සදහා දිවා ආහාරය ලබා දෙන ලදී. ඒ අවස්ථාවට අප සතර දෙනෙකු සහබාගි විය. ඒ අවස්ථාවේ වී ආ (ED) පැවසුවේ ඔහුගේ බිරිදගේ ශිත ඇදුම් මාහට ලබා දිය හැකි බවයි. මක්නිසාද ඔහුගේ බිරිද මගේ ශරීර ප්‍රමානය හා සම වූ බැවිනි. මෙය මට ඉමහත් සතුටට කරුණක් විය.
අන්නා දිනක් මාහට ඇගේ නිවසට එන්නයි ආරාදනා කලේ ශිත ඇදුම් ලබා දීමටයි. නමුත් පසුදා මා කාර්යාලයට එන විට ශිත ඇදුමක් මගේ පුටුව මත විය. මෙය මාහට ඉමහත් ප්රෝබෝදයක් ගෙන දුනි. ඊට දවස් කිහිපයකට පසුව ED ඔහුගේ කාමරයට මා කැදවා ඔහුගේ බිරිදගේ ශිත ඇදුම් මට ලබා දුන්නේය.
මේ සියල්ල සිදුවුයේ මා විසින් ඔවුන්ට කිසිදු මතක් කිරීමක් සිදු නොකරය. ED ට බොහෝ වැඩ ඇත. ඉතාම කාර්යබහුල පුද්ගලයෙකි. අන්නා ද අතිශය කාර්යබහුලය.
මෙහි අපිට කොරියානු බාෂාව උගන්වනු ලැබේ. අපේ සන් සෝන් නිම් (Teacher) ඉතාම කරුණාවන්ත කෙනෙකි. ඇයද මාහට කහපාට ජකට්ටුවක් ලබා දුන්නාය. ඊට අමතරව මේස් සහ ඇස්වසුම්ද ලබා දුන්නාය. ඒ කිසිම ඉල්ලීමක් නොකර කොරියානු පන්තියේ මා ශීතල වී සිටිනු දැකීමෙන් පසුවය.
මේ දකුණු කොරියාවේ දියුණුවේ එක් පැතිකඩක් පමණි. මේ ජනතාව තවත් මනුෂයෙකුට උදවු කිරීමට සැදී පැහැදී සිටියි. මට මතක් වන්නේ "මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීම" යන කියමනයි.
No comments:
Post a Comment