දකුණු කොරියාවේ පිරිමියෙක් සහ ගැහැනියක් අතර එකතුව විවාහය වේ. අවුරුදු 18 ට වැඩි පිරිමෙයෙකුට සහ ගැහනියෙකුට ඔවුන්ගේ දෙමාපියන්ගේ හෝ බාරකරුවන්ගේ කැමැත්ත මත විවාහ විය හැක. නමුත් අවුරුදු 20 ට වැඩි වුවිට එවැනි කැමැත්තක් අවශ්‍ය නොවන අතර නිදහසේ විවාහ ගිවිස ගැනීමේ හැකියාව තිබේ.
මම ;-ඇයි උබ කසාද බැන්දේ නැත්තේ?
මගේ කොරියානු මිතුරිය;- මට සුදුසු පුද්ගලයෙක් හමුවුනේ නැහැ.
මම ;- වයස කීයද?
මගේ කොරියානු මිතුරිය;- 40 ඉක්මවා ගිහින්. අපිව පරිස්සමෙ ආශ්‍රය කරන්නේ අපි කසාද බැදලා නැහැ.
මම ;- මම 1973 හැබැයි අම්මා තාම මට ප්රෝපොසල් හොයනවා . තාත්තා නිශ්ශබයි උපෙෂාවෙන් වෙන දේවල් බලන් ඉන්නවා මානව හිමිකම් කාරයෙක් නිසා වෙන්න ඇති. මාමා ගෙදර ඇවිල්ලා අම්මට මගේ විවාහය ගැන බරපතල කතා කියලා යනවා.
"ඔය කෙල්ලව කාට හරි දීලා දාපන් තනියෙන් කිසි වැඩක් කර ගන්න බැහැ නේද?"
"ගැනු දිග නොදුන්නහම අවලංගු කාසි වගේ."
මේවා මෙයා මටයි තාත්තටයි කියන්න එන්නේ නැහැ අම්මට කියලා යනවා.
ඥාති සොයුරාගේ මගුලට බුලත් දෙන්න පුංචි අම්මා ගෙදරට එන විට මා සිටියේ කාමරයේය. ඇය මගේ අම්මා ගෙන් ඇසුවේ දැන් හර්ශිට මොකද වෙන්නේ කියාය.
මේ පසුබිම මත මම දැඩිව දකුණු කොරියාවේ එන්න තීරණය කලෙමි.
No comments:
Post a Comment