ඇය අපිට කොරියන් උගන්වන ගුරුතුමියයි. සැම සතියකම සදුදා සහ බදාදා උදේ 10 සිට දවල් 12 දක්වා කොරියන් පන්තිය පැවැත්වේ. පන්තියේ සිසුන් සිවු දෙනෙකි. එනම් ශාහිඩ්, ශානාවස්, අෆ්ටාබ් සහ හර්ශිය.
ඇය සැම දිනකම පාහේ අපිට පලතුරු ගෙනත් දේ. ඒ ඇපල් වල සිට මිදී දක්වාය. ඇපල් වලට කොරියන් බාෂාවෙන් කියන්නේ සගුවා කියාය. මිදී වලට කියන්නේ පොතෝ කියාය. ඇය මිට අමතරව අපව රැගෙන ගොස් දිවා ආහාරය ලබාදීමද සිදු කෙරේ.
මේ අනුව අපද ඇයට දිනක් ශාහ්ද්ගේ ගෙදරට කැදවා දිවා ආහාරය පිළියෙළ කර දුන්නෙමු. එහිදී අපි එක එක්කෙනා එක් එක් වැන්ජනය බාර ගත්තෙමු. සහිඩ් බත් සහ කුකුල් මස් ද අෆ්ටාබ් මාළුද ශානවාස් ගෝවා ද මම පරිප්පු සහ කන්කුන්ද බාර ගත්තෙමි. දකුණු කොරියාවේ ලංකාවේ දැකියහැකි සැම එළවලුවක්ම සහ පලතුරක්ම ඇත. අෆ්ටාබ් උයන්න එතරම්ම නොදනී. ඔහු අන්තර්ජාලය ඔස්සේ මාළු පිසින හැටි ඔහුගේ බිරිදගෙන් ඔන් ලයින් ආසා දැන ගත්තේය.
මෙය උතුරු හා දකුණු කොරියාවේ නිල බාෂාව වේ. ලොව පුරා විසිරි සිටින මිලියන 80 ක පමණ ජනතාවක් කොරියානු බාෂාව කතා කරති. නමුත් ඇතැම් ඉතිහාස බාෂා විශේෂඥයින් මෙම කොරියානු බාෂාව හුදකලා බෂාවක් ලෙසද හදුන්වති.
Nice :)
ReplyDelete