Sunday, October 16, 2016

කොරියානු දිනපොත (Korean Diary) ;- Kim Dae Jung Museum.



දකුණු කොරියානු අනුස්මරණ පදනමේ මැයි 18 ඇකඩමිය යනුවෙන් වැඩසටහනක් ඇත. එයට මෙවරද විවිද රටවලින් සාමාජික සාමාජිකාවන් 20 දෙනෙකු සහබාගි විය. මෙය පුරා සති දෙකක කාලයක් පැවැත්වුණි.

ඔවුන්ට විවිද දේශන වලට ඇහුන්කම් දීමට විවිද ස්ථාන නැරබීමට අවස්ථාව උදා වුනි. ඒ අතර කිම් ඩේ ජුන් කවුතුකාගාරය නැරබීම සුවිශේෂී විය.

කිම් ඩේ ජුන් දකුණු කොරියාවේ 08 වැනි ජනදිපතිවරයා විය. ඔහු 1998.02.25 සිට 2003.02.25 දක්වා අදාල තනතුරේ කටයුතු කළේය. හෙතෙම 2000 වසරේ නොබෙල් සාම තියාගයෙන් පිදුම් ලද්දේය. සමහර අවස්ථාවල ඔහුව හදුන්වන්නේ ආසියාවේ නෙල්සන් මැන්ඩෙලා ලෙසය.



ඔහු උතුරු කොරියාව සමග පැවැත්වූ ප්‍රතිපත්තිය සන්ෂයින් ප්‍රතිපත්තිය ලෙස හදුන්වනු ලැබේ. වසර 2000 දී උතුරු කොරියානු නායක කිම් ජෝන් ඉල් සමග පියෝන්යන් හි එතිහාසික සමුළුව පවත්වනු ලැබිණි. මේ සාම ප්‍රයත්නයට ඔහුට නොබෙල් තියාගය පිරිනැමීමට හේතු විය. එහෙත් මෙම අයිතිහාසික සමුළුවට කැළලක් ඇති වුයේ එයට එනම් පියෝන්යන් වෙත ලබා දුන් මුදල් පිළිබද චෝදනා හේතුවෙනි. ඇමෙරිකන් පුවත් පතක්ද මෙම සංශයින් ප්‍රතිපත්තිය ප්‍රශ්න කළේය.


හෙතෙම දකුණු කොරියානු සමකාලින සුබසාදන රජයක් ඇති කිරීමට කටයුතු කළේය. ඔහුගේ කාලයේ ආර්ථිකය යතා තත්වයට පත් විය.





2009 අගෝස්තු 18 වැනිදා ඔහු මිය ගියේය.
















No comments:

Post a Comment

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...