Wednesday, October 12, 2016

පොලිස් කාන්තාවෝ.


දැන් පොලිස් කාන්තාවන්ට නියෝජ්‍ය පොලිස්පති තනතුර සදහා උසස් වීම ලැබිය හැක. තවද ඔවුන්ට පොලිස් ස්ථානවලදී මුහුණ පාන ලිංගික හිංසනය පිළිබදව ඉහල කාන්තා පොලිස් නිලදාරිනට පැමිණිලි කිරීමේ අවස්ථාව උදාවී තිබේ. මේ පියවරවල් දෙකම ඉතා හොදය. මේ පිලිබදව ජාතික පොලිස් කොමිසන් සබාවට අපේ ස්තුතිය හිමි විය යුතුව තිබේ.

මෙවන් තත්වයක් තුල පොලිස් ස්ථාන වල සිදුකෙරෙන වදහිංසාව තුරන් කිරීමටද පියවර ගත යුතුව ඇත. පොලිසියේ පිරිමි නිලදාරීන් පුරවැසියන්ට වදහිංසා පමුණුවන විට ඒවා මුනිවත රකිමින් හෝ උඩගෙඩි දෙමින් සදාරනිකරණය කරන්නේ මෙම කාන්තා නිලදාරීන් බව අමතක නොකළ යුතුය. තවද ලිංගික හිංසනය සහ ගෘහස්ත ප්‍රචණ්ඩත්වය පිළිබද සිද්දීන් වලදී මෙම කාන්තා නිලදාරීන් හරියට කටයුතු කරන්නේ නැත.

මේ පිළිබදවද ජාතික පොලිස් කොමිසන් සබාව සිය සැලකිල්ල යොමු කල යුතුව ඇත.



No comments:

Post a Comment

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...