Thursday, October 27, 2016

ආගමික ප්‍රචණ්ඩත්වය.


''දූෂණයට ලක් වූ බව කියන කාන්තාවකට පොල්පිති පහර සියයක් ගැසූ පුත්තලම නල්ලන්දළුව ජුම්මා මුස්ලිම් පල්ලියේ පරිපාලන සභාවේ සිව් දෙනෙකු දින නියමයකින් තොරව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පුත්තලම මහේස්ත‍්‍රාත් බන්දුල ගුණරත්න මහතා නියෝග කර ඇතැයි වාර්තා වේ.
ඒ අදාළ කාන්තාව සිය නීතිඥවරයා මාර්ගයෙන් පොලිසියට කල පැමිණිල්ලක් අනුවයි.
මීට දින කිහිපයකට පෙර අදාළ කාන්තාව සිය නිවසේ රැඳී සිටිය දී බලහත්කාරයෙන් පැමිණි පුද්ගලයෙකු විසින් ඇයව දූෂණය කර පලාගොස් තිබෙන අතර ඒ සම්බන්ධයෙන් කාන්තාව පුත්තලම පොලිසියට කල පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශන ක‍්‍රියාත්මක වෙමින් තිබිය දී අදාළ කාන්තාව කැඳවූ පුත්තලම නල්ලන්දළුව ජුම්මා මුස්ලිම් පල්ලියේ පරිපාලන සභාව ඇයට මෙසේ පොල්පිති පහර සියයක් ගැසීමට නියෝග කර තිබේ.''
මෙම කාන්තාවට එරෙහි ප්‍රචණ්ඩත්වයට තිත තැබීමට නම් අනිවාර්යෙන් අපරාද කරුවනට දඩුවම් දිය යුතුය. මෙම සිද්දියේදී දින නියමයක් නැතිව අපරාදකරුවන් රක්ෂිත බන්දනාගාර ගත කිරීම ඉතා හොද කාලෝචිත පියවරක් වේ. නමුත් ඔවුන් තවම සැකකරුවන් පමණි. ඒ නිසා කඩිනමින් නඩුව විබාග කර අවසන් කල යුතුව තිබේ. මේ සිද්දිය මුස්ලිම් ආගමේ තිබෙන අශිෂ්ට බව ලොවට හඩනගා කියා පායි. මෙම නොගැලපෙන ක්‍රියාවන් මුලිනුපුටා දැමීමට මුස්ලිම් බක්තිකයින් පෙරට ආයුතුව ඇත. 

No comments:

Post a Comment

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...