Monday, October 10, 2016

ජනතා අදිකරණය (84); මහානාමේ නඩුව.


මේ ශේෂ්ට්‍රදිකරණයේ විබාග වූ අංක 76/2012 දරන මුලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුවේ සාරාංශය වේ. පෙත්සම්කාරිය නිකවැරටියේ පදිංචි මනෝහාරී පෙලකටිය මහත්මියයි. වගය්ත්තරකරුවන් වුයේ මහානාම විදුහලේ විදුහල්පති ගුරුවරයෙක් අද්යාපන බලදාරීන් සහ නිතිපතිවරයාය. 

මෙය අගවිනිසුරු ශ්‍රීපවන් විනිසුරු උපාලි අබේරත්න සහ විනිසුරු ගුණරත්න යන ත්‍රිපුද්ගල ශේෂ්ට්‍රදිකරන විනිසුරු මඩුල්ලක් හමුවේ විබාග විය. පෙත්සම්කාරිය වෙනුවෙන් නීතිඥ ජේ සි වැලිඅමුණ සමග නීතිඥ සෙනුර අබේගුනවර්දන යන අයද වගයුත්තරකරුවන් වෙනුවෙන් නීතිඥ රජිවූ ගුණතිලක නීතිඥ චුලා බණ්ඩාර නීතිඥ එස් එල් සමරකෝන් යන අයද පෙනී සිටියහ. තීන්දුව ලබා දුන්නේ 2016.09.28 වැනිදාය. විනිසුරු ගුණරත්න තීන්දුව ලිවූ අතර ඊට අනෙක් විනිසුරු දෙපලගේ එකගතාවය පල විය.

පෙත්සම්කාරිය කොලබ මහානාම විදුහලේ උපදිදාරි ගුරුවරියකි. ඇය සංගීත විෂය ඉගැන්වුවාය. එම විදුහලේ විදුහල්පති සහ තවත් ගුරුවරයෙකු නිරතුරුව ඇයව කරදරයට පත් කළහ. එනම් ඇය ඔවුන් අතින් ලිංගික අතවර වලට සහ ලිංගික හිංසනයට ලක්වුහ. ඒ මේ පිලිබදව වෙනත් විකල්පයක් නොමැති නිසා විද්‍යුත් මාද්‍යට
ප්‍රකාශයක් කලාය.  ආයතන සංග්‍රහයට අනුව වැඩ තහනමකට ද ලක් වුනි. 

ඇය ශේෂ්ට්‍රදිකරණයේ මෙම මුලික අයිතිවාසිකම් නඩුව පවරුවාය. ඒ 1978 ආණ්ඩු ක්‍රම විවස්ථාවෙන් සහතික කර ඇති 12(1) සහ 14 (1) (අ) දැක්වෙන මුලික අයිතීන් උල්ලන්ගනය වූ බව කියමිනි. 

ශ්‍රී ලංකාව සිඩො සම්මුතියට එකග වූ බව මෙහිදී පැවසුනි.

Sri Lanka has undertaken international obligations to eliminate all forms of discrimination against women by acceding to the Convention on the Elimination of all forms of Discrimination Against Women (CEDAW) on 17.07.1998 and in pursuance of these international obligation Sri Lanka has also enacted several to give vent to these global rights in favour of women. 

පහත ජාත්‍යන්තර නඩු තීන්දුවද උපයෝගී කර ගැනුනි.

the House of Laws decision of R v. Ireland and Barstow 1998 AC 147 where it was held that silent phone calls to a women amounted to an assault.

අදිකරණය පෙත්සම්කාරියගේ අයිතීන් උල්ලංගනය වූ බව තීරණය කෙරිණි. ඇයට වගයුත්තරකරුවන් දෙදෙනා එනම් විදුහල්පති සහ සෙසු ගුරුවරයා ඇයට රුපියල් ලක්ෂය බැගින් වන්දි ගෙවීමට නියම විය. ඒ ඔවුන්ගේ පුද්ගලික මුදලිනි.

මෙම තීන්දුව සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.



077 3201270
038 2231419


No comments:

Post a Comment

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...