Sunday, October 23, 2016

කොරියානු දිනපොත (Korean Diary) ;- ආසියානු සංස්කෘතික මද්‍යස්ථානය. (ACC)




අපිට ගුවන්ජු හි ආසියානු සංස්කෘතික මද්යස්ථානයට යාමට සිදුවුනෙමු. ඒ නිහඩව සිදුකෙරෙන විරෝදතාවකට සහය පල කිරීමටය.

මෙම ස්ථානයේ අරමුණ ගුවන්ජු හි කලාව ප්‍රජාතන්ත්‍රවාදී  සංස්කෘතිය ඉතිහාසය නගා සිටුවීම අනුස්මරණය සහ සොයා යාමයි. එහි ප්‍රදර්ශන පැවැත්වීම ඇතුළු විවිද කලා කටයුතුද සිද්ද වේ. 

මෙම ආසියානු සංස්කෘතික මද්යස්තානය එහිතිහාසික වැදගත් කමකින්. යුක්තය.  එනම් 1980 මැයි නැගිටීම සම්බන්දයෙනි. මෙම ස්ථානයේ මැයි 18 අනුස්මරණ ශාලාවක්ද ඇත. දැන් එය දකුණු කොරියානු ආණ්ඩුව විසින් පවරා ගැනීමට නියමිතය. ඒ කලා ගාරයක් ඉදිකිරීමටය. මේ තත්වය තුල ගුවන්ජු වින්දිතයින්ට ඔවුන්ගේ පවුල් වල උදවියට සහ වීරයින්ට අත් වන ඉරණම කුමක්ද? ඔවුන් එහි ඉඩක් ඉල්ලා සිටි. 

මම සහ මිතුරන් මිතුරියන් 31 වන දින එහි පැවති විරෝදතාවයට සහබාගි වුහ. ඒ අවස්ථාවේ වින්දිත පවුල් වල උදවියද සහබාගි වී සිටියහ. මම කාර්යාල මිතුරු මිතුරියන්ගෙන් දුරස්ව වෙනත් ස්ථානයක අසුන් ගතිමි. එවිට එක මහලු වයසේ කාරුණික මහතෙකු පැමිණ  මට පුටුවක් ලබා දෙමින් කාර්යාල මිතුරු මිතුරියන් ආසන්නයේ අසුන් ගැනීමට සලස්වූයේය. ඔහු මිතුරියකට පැවසුවේ එසේ කලේ මා තිනිවිම වලක්වනු පිණිස බවයි.

මේ දකුණු කොරියානු වැසියන්ගේ කරුණාවන්ත බවයි. අන් අයට උදවු කිරීමට දක්වන ලදියාවයි. එය ඔවුන්ගේ දියුණුවේ එක සාදනිය ලක්ෂණයක්ද වේ.






No comments:

Post a Comment

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...