Wednesday, November 30, 2016

කොරියානු දිනපොත (Korean Diary);- අපේ මිතුරා (Kim Jong Un)



කිම් ජෝන් උන් උතුරු කොරියාවේ ශේෂ්ට්ර නායකයා වේ. ඔහු කිම් ජෝන් ඊල් ගේ සහ කෝ යන් හියුගේ තෙවන ලාබාල පුත්‍රයාය. ඔහුව 2011 දෙසැම්බර් 28 පියාගේ රාජ අනුග්‍රහය යටතේ පැවති ආදාහනයෙන් පසුව නායකයා ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරිණි.

කිම්ට උපාදි දෙකක් ඇත. ඒ කිම් උල් සුන් විශ්ව විද්‍යාලයේ බවුතික විද්‍යාව පිලිබදව සහ කිම් උල් සුන් හමුදා විශ්ව විද්‍යාලයේ හමුදා නිලදරියෙකු ලෙසය. 

2014 මාර්තු 09 ඔහුව නිතරගයෙන් ශේෂ්ට්ර ජනතා සබාගයට තෝරා පත්කර ගනු ලැබිණි. වයස අවුරුදු 32 දී එනම් රට සොයා ගැනීමෙන් පසුව බිහිවූ පළමු උතුරු කොරියානු නායකයා කිම් වේ. 2013 ලොව වඩාත්ම බලවත් පුද්ගලයින් පිළිබද ෆොර්බ්ස් නාමාවලියේ කිම්ව ලොව බලවත්ම 46 වැනි පුද්ගලයා ලෙස නම් කෙරිණි. 

ඔහුගේ පෙර ජීවිතය ගැන තොරතුරු අල්පය. ඔහු සුවිස්ටර්ලන්තයේ පාසල් ගිය බව වාර්තා වේ. ඔහුගේ උපන් දිනය 1983 ජනවාරි 08 වේ යයි පැවසේ. නමුත් දකුණු කොරියානු බුද්දි අංශ පවසන්නේ එය ඊට එක වසරකින් පසුව බවයි. ඔහු පාසල් වියේ බලාපොරොත්තු තැබිය හැකි ශිෂයෙකු වූ අතර පැසි පන්දු වලට කැමැත්තක් දැක්විය. 2010 ජුනි මාසයේ ඔහුව උතුරු කොරියානු ජනතාවට ප්‍රසිද්දියේ හදුන්වා දෙනු ලැබිණි. 

2011 දෙසැම්බර් 17 කිම් ජෝන් ඉල් මරණයට පත් විය. ඔහුගෙන් පසුව මුලින්ම අත්දැකීම් අඩු ඇති බව කිවුවද කිම් ජෝන් උන්ව බලයට පත් කෙරිණි. 2012 අගෝස්තු මස කිම් චීනයට සමාන ආර්ථික ප්‍රතිසංස්කරණ තම රටට හදුන්වා දුන්නේය. 

ඔහුගේ පාලන කාලය තුල නියෂ්ටික අත්හදා බැලීම් වලට සහ නියෂ්ටික අවි ප්‍රහාර එල්ල කරන තර්ජන වලට ප්‍රසිද්දියක් ලැබිණි. 2016 මෙම නියෂ්ටික වැඩපිළිවෙලට සහ මිසයිල අත්හදා බැලීම් වලට එරෙහිව එක්සත් ජාතින් සම්බාදකද පමුණුවනු ලැබිණි. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය කිම් ජෝන් ඉල්ගේ සමයේ සිට  කිම් ජෝන් යුන්ගේ සමය දක්වා සිදුවූ මානව හිමිකම් උල්ලන්ගනයන් හෙලා දකිනු ලැබිණි. 



No comments:

Post a Comment

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...