Thursday, November 3, 2016

කොරියානු දිනපොත (Korean Diary) ;- කොරියන් ජාතිය (Korean Nation)


කොරියානු ජනතාවගේ ප්‍රදාන බාෂාව කොරියන් වන අතර ලිවීමේ කටයුතු වලදී හන්ගුල් ප්‍රදාන තැන ගනී. ලොව පුරා මිලියන 78 කට වැඩි ජනතාවක් කොරියන් බාෂාව කතා කරති. ප්‍රදාන වශයෙන්ම කොරියානුවන් දකුණු සහ උතුරු කොරියාවේ ජිවත් වෙති. තවද නිල වශයෙන් පිළිගත් සුළුතරයක් චීනය ජපානය රුසියාව යුස්බෙකිස්ථානය සහ පැරණි සෝවියට් සමුහාන්දුවේ අනෙක් රාජ්‍ය වල ජිවත් වෙති. 

ආසියාවේ සතර වෙනුවට විශාලම ආර්ථිකය ඇත්තේ දකුණු කොරියාවටයි. එය මෙම කරුණ සම්බන්දයෙන් ලෝකයේ 11 වන ස්ථානයට පත් වේ. එහි ආර්ථිකය මිශ්රය. දකුණු කොරියාව ඉතා දිලිදු තත්වයේ තිබී දියුණු වූ රටකි. එහි තොරතුරු සන්විදෙන තාක්ෂනය ඉතාම දියුණු තත්වයක පවතී. එහි එක් ප්‍රතිපලයකි දියුණු ජංගම දුරකථන.

කොරියානු ජනතාව ඉතා මිත්රශිලිය. අනෙකාට උදවු කිරීමට හිත සිතින් ඉදිරිපත් වේ. මා ඉන්චියන් ගුවන් තොටුපලින් එළියට පැමිණ ගුවන්ජු වෙත යාමට බසය සෙවුවෙමි. මට තොරතුරු අංශය සොයා ගැනීමට නොහැකිව පාරෙන් අනෙක් පසට ගියෙමි. එවිට කාරුණික මහතෙකු පැමිණ කරුණු විමසා ඉතා අපහසුවෙන් කොරියන් බාෂාවෙන් සන්නිවේදන කටයුතු සිදු කර මාව තොරතුරු අංශය වෙත රැගෙන යන ලදී. 

ඒ දිවා ආහාර අවස්ථාවයි. අපි සියලු දෙනා යාබද අවං හලකට ගියෙමු. මා අසුන් ගත් තැනට ඉදිරියෙන් සිටියේ අලුත් තැනැත්තියකි. මට කෑම ගන්නා අවස්ථාවේ සිරවීමක් සිදුවිය. යන්තම් කැස්ස සැදී මම එය වළක්වාගෙන නැවත කෑම ගත්තෙමි. මගේ ඉදිරිපස සිටි අමුත්තිය වීදුරුවකට වතුර ගන්නවා මම දැක්කෙමි. මා සිතුවේ ඇය බිමට වතුර ගන්නා බවයි. නමුත් ඇය එම වතුර වීදුරුව මට පිලිගන්වුවාය. මේ කොරියානු ජනතාවගේ කාරුණික බවයි. 

No comments:

Post a Comment

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...