Tuesday, November 29, 2016

කොරියානු දිනපොත (Korean Diary) ;- පොතක වරුණ (Book Review)



''මැරුණ එකා මැරුණා දැන් උ ගැන තැවී වැඩක් නැහැ ජිවත් වෙන එකා දෙස බැලිය යුතුයි''මේ අප සිතන හැටිය. අපිට වැරදුනේ එතනය. කොරියානුවන්ට හරි ගියේ ලේ තැවරුණු ඉතිහාසය අමතක නොකළ බැවිනි. 

මෙය නවකතා හෝ කෙටි කතා පොතක් නොවේ. නමුත් මානව හිමිකම් නැති ප්‍රජාතන්ත්‍රවාදය හරියට ක්‍රියාත්මක නොවන සාමය නැති සෑම දියුණු වෙමින් පවතින රටක ජනතාව විසින් අනිවාර්යෙන් කිවයුව යුතු පොතකි. එහි නම මැයි 18 කුවන්ජුහි ප්‍රජාතන්ත්‍රවාදී පිබිදීම වේ. එහි මැනවින් දකුණු කොරියානු ලේ තැවරුණු ඉතිහාසය සම්පිණ්ඩනය කර ඇත. 

කුවන්ජු ලේ වැගිරීමට පෙර කල අවසන් ප්‍රකාශය මෙබදුය. ''මාගේ හිතවත් නගර වැසියනි යුද හමුදාව මේ මොහොතේ අපගේ නගරයට ඇතුළු වෙමින් සිටිති. මේ වන විට ඔවුහු සිය අවි සහ බයිනෙත්තු වලින් අපගේ සහෝදර සහෝදරියන්ව මරා දමමින් සිටිති. අප අවසානය දක්වා හමුදාවට විරුද්දව සටන් කරන්නෙමු. කරුණාකර අපව මතකයෙහි රදවාගන්න. ''එකල කුවන්ජුහි විසු බොහෝ දෙනෙකුට තවමත් එම දුක්මුසු ආයාචනය මතකයට නගා ගත හැකිය. 

මෙම සිදුවීම දකුණු කොරියානු ප්‍රජාතන්ත්‍රවාදයට සහ මානව හිමිකම් වලට දොරටු විවුර්ත කරන ලදී. මෙය උද්ගත වුයේ 1980 වසරේදීය. කොරියානු ජනතාව අදටත් එය අනුස්මරණය කරති.

මෙම පොතේ කතෘ කුවන්ජුහි මැයි 18 ඉතිහාස සම්පාදක කමිටුවයි. ප්‍රකාශනය මහනුවර මානව හිමිකම් කාර්යාලයයි. පරිවර්තනය තරංග රණසිංහ ගෙනි. පරිගණක සැකසුම හා මුද්‍රණය අසිරි ප්රින්ටස් මහනුවර වේ. ලිපිනය 152, නෙබන්ඩ් රෝ සේයෝ ගු 502-859 කුවන්ජු කොරියාව දුරකථන +82623765197 ෆැක්ස් +82626137949 ප්‍රකාශිත දිනය 2015 අගෝස්තු වේ. 

මෙම පොත බාෂා නමයකට පරිවර්තනය වී ඇත.

No comments:

Post a Comment

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...