Tuesday, November 15, 2016

කොරියානු දිනපොත (Korean Diary) ;- ළමා අපයෝජකයින්ට මරණ දඩුවම. (Death penalty for child abusers)


දකුණු කොරියාවේ ළමා අපයෝජන වලට එරෙහි ජන මතය වැඩිවෙමින් පවතී. ඒ අනුව රටේ නඩු පවරන්නා ළමා අපයෝජකයින් සම්බන්දයෙන් ඉතා තද තීරණයක් ගැනීමට සුදානම් වේ. එයට මරණ දඩුවම පැමිණීම ගැන සලකා බැලේ. මෙහිදී ගැබුරු විමර්ශනයකට පෙර සැකකරුවන් රදවා තබා ගැනීම සැලකිල්ලට බදුන්ව ඇත. 

දකුණු කොරියාවේ මරණ දඩුවම නයිතික දණ්ඩනයකි. අවසාන වරට එය පනවනු ලැබුවේ 2009 වසරේ කන් හෝ සුන්ට එරෙහිවය. නමුත් දැන් රජය විසින් මරණ දඩුවම පැමිණවීමට තහනමක් ඇත. අවසාන වරට එය ක්‍රියාත්මක වුයේ 1997 දෙසැම්බර් මසදීය. 

2013 වන විට මරණ දඩුවම හිමි සන්කයාව අවම වශයෙන් 60 දෙනෙකි. 2016 පෙබරවාරි 19 වන දින 24 හැවිරිදි ලීම්ට මරණ දඩුවම පනවනු ලැබිය. ඔහු හමුදාවට බලෙන් බදවා ගත් හමුදා සාජන්වරයෙකි. ඔහු 2014 වසරේදී උතුරු කොරියානු දේශසීමාව අසල වෙඩි තැබීමේ සිද්දියකින් සොල්දාදුවන් 05 දෙනෙකු මරා දමමින් 07 දෙනෙකුට තුවාල කරනු ලැබිය. ඒ අනුව ලිම් ඇතුළුව මරණ දඩුවම ලැබ සිටින සන්කයාව 61 දෙනෙකි. 

මරණ දඩුවමට එරෙහි මෙම තහනම පනවනු ලැබුවේ 1998 පෙබරවාරි මස නොබෙල් සාම තියාග ලාබී සහ හිටපු ජනාදිපති කිම් ඩේ ජුන්ය. 1980 දී ඔහුටද මරණ දඩුවම පැමිනවනු ලැබිණි. ඒ දකුණු කොරියානු හමුදා අදිකරණයක් මගිනි. නමුත් එයින් වසර දෙකකට පසුව ඔහුට එරෙහිව පනවනු ලැබූ මරණ දඩුවම අත්හිටවනු ලැබිණි.

No comments:

Post a Comment

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...