Monday, November 7, 2016

ජනතා අදිකරණය (86);- දොන් සිරිපාලගේ නඩුව.




මේ ශේෂ්ට්‍රදිකරණයේ විබාග වූ අංක 213/2001 දරන මුලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුවේ සාරාංශය වේ. පෙත්සම්කරු සමරක්කොඩි ආරච්චිගේ දොන් සිරිපාලය. වගයුත්තරකරුවන් වුයේ උප පොලිස් පරීක්ෂක නන්දන විජේසිංහ සහ මතුගම පොලිසියේ තවත් අයයි. මෙය විනිසුරු ප්‍රනාන්දු විනිසුරු ගුණසේකර විනිසුරු ද සිල්වා යන ත්‍රිපුද්ගල ශේෂ්ට්‍රදිකරන විනිසුරු මඩුල්ලක් හමුවේ විබාග විය. 

පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ කේ තිරාණගම සමග නීතිඥ එම් ජේ ඒ හසාන් සහ නීතිඥ එස් කස්තුරිආරච්චි යන අයද වගයුත්තරකරුවන් වෙනුවෙන්නීතිඥ සාලිය පිරිස් සහ රජයේ නීතිඥ ආර් හම්සා යන අය පෙනී සිටියහ. 

නඩු තින්දුව ද සිල්වා විනිසුරු ලියු අතර එයට අනෙක් විනිසුරු දෙපලගේ එකගතාවය හිමි විය. තීන්දුව ලබා දුන්නේ 2002.05.31 වැනිදාය.

පෙත්සම්කරු 55 හැවිරිදිය. සිවු දරු පියෙකි. මෙම සිද්දියට මාස තුන හතරකට පෙර ඔහු නීතිවිරෝදී  මත්පැන් වියාපාරයට සමු දුන්නේය. සිද්දිය වූ දිනයේ පොලිසිය ඔහු අල්ලා ගත්තේ සුළු දිය පහකිරීමට යාබද කැලෑවකට ගිය අවස්ථාවේදීය. ඔහුව පොලිසියේ බැරැක්ක වෙත ගොස් පහර දුන්නේය. කැලේදී පහර දෙන විට ඔහු පොලිස් නිලදරියගේ අත සපා කෑවේය.  ඔහුගේ අත් දෙකේම අස්ථි බිදී තිබිණි. ඔහු වැත්තව රෝහලින් සහ කොලබ ජාතික රෝහලින් ප්‍රතිකාර ගනු ලැබිණි. ඔහුගේ තුවාල වයිද්‍ය වාර්තා මගින් ඔප්පු විය.

පොලිසිය කිවේ පෙත්සම්කරු පළමු වගයුත්තරකාර පොලිස් නිලදරියට පහර දුන් බවයි. තවද එම නිලදාරියා වත්තව රෝහලින් සහ පොලිස් රෝහලින් ප්‍රතිකාර ගත් බවයි. ශේෂ්ට්‍රදිකරණය පෙත්සම්කරුට සිදුවූ සියලු තුවාල අත්අඩංගුවෙන් මිදීමට තත් කිරීමේදී සිදුවූ බව පිළිගත්තේ නැත. එනම් මේ සියල්ල පෙත්සම්කරුව අත්අඩංගුවට ගෙන වදහිංසා පැමිණීමේදී සිදුවූ බව පිළිගැනිණි. 

මේ සියලු කරුණු සැලකිල්ලට ගත් ශේෂ්ට්‍රදිකරණය පෙත්සම්කරුගේ 1978 ආණ්ඩු ක්‍රම විවස්ථාවේ 11 සහ 13(2) වගන්තියේ සදහන් මුලික අයිතිවාසිකම්  රජයේ නිලදාරීන් උල්ලංගනය කර ඇති බව තීරණය කළේය. 

නීතියට වගකිවයුත්තා රජයයි. දුප්පත් පොහොසත් බේදයකින් තොරව සියලු පුරවැසියන්ගේ ආරක්ෂාව පිණිස නිතිය පවතී. ඒ අනුව රජය අදාල යාන්ත්‍රනය ක්‍රියාත්මක කල යුතුය. ඒ දුප්පත් පෝසත් බේදයකින් තොරවය.

ඒ අනුව රජය වන්දි ලෙස රුපියල් 50,000 ක මුදලක් පෙත්සම්කරුට ගෙවිය යුතු විය. තව රුපියල් 5000ක් රජය මෙම පෙත්සම වෙනුවෙන් පෙත්සම්කරුට ගෙවිය යුතු විය. 

මෙම නඩු තීන්දුව සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බෂාවෙන් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.

http://www.janasansadaya.org/page.php?id=220&lang=en

www.jansansadaya.org

0773201270
0382231419

No comments:

Post a Comment

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...