Sunday, November 13, 2016

කොරියානු දිනපොත (Korean Diary) ;- ''මට ගෙදර යන්න බැහැ'' ( President Park & Duminda Silva)





ඇය කොරියාවේ යකඩ ගැහැනියයි. වර්තමාන ජනපතිනියයි. ඇය නමින් පාක් ජියන් හුයිය. ඇයට පසුගිය මාසයක කාලයක සිට දුෂණ අපචාර චෝදනා එල්ල වේ. සෙනසුරාදා සවස සියොල්හි මිලියනයක ජනතාවක් පාරට බැස ඇයට ඉල්ලා අස් වන ලෙස විරෝදතා පවත්වනු ලැබිණි. ඇය මේ සතිය තුල නඩු පවරන්නාගේ ප්‍රශ්න කිරීම් වලට මුහුණ දෙනු ඇත. නමුත් ඇය ගෙදර යාමට සුදානමක් නැත.

ඔහු මරණ දඩුවම හිමිව වැලිකඩ බන්දනාගාරයේ සිටින දුමින්ද සිල්වාය. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වේ. ඔහුට එල්ල වුයේ මිනීමැරුම් චෝදනාය. දේශපාලනය කරන කාලයේ මැරකම් මත්ද්රවිය ළමා අපචාර වලට ප්‍රසිද්දියක් උසුලනු ලැබිය. දැන් ඔහු බන්දනාගාර රෝහලේ සිටින අතර සිංගප්පුරුවට යැවීමට උත්සහ කරන බව අන්තර් ජාලයේ සටහන් විය. මේ සිදුවන්නේ ප්‍රබල දේශපාලන හස්තයක උවමනාවටයි. 

මයිත්‍රී ජනවාරි 08 බලයට පත් වුනි. මේදේවල් ඕපාදුප විය නොහැක. ජනපති ලෙස දිවුරුම් දින රාත්‍රියේ ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලඥයකුගේ රාත්‍රී බෝජනයකට සහබාගි වෙමින් සිටියදී ඔහුගෙන් කල පළමු ඉල්ලීම වන්නේ රාජපක්ෂ පවුල රැක දෙන ලෙසයි. මේ දේශපාලඥයා අනකවරකු හෝ නොව මහින්ද අමරවිරය. 

දුමින්දව සිංගප්පුරු යවුවහොත් අනිවාර්යෙන් ශ්‍රී ලාංකීය ජනතාව ජාති කුල ආගම් කිසිදු බේදයකින් තොරව මහා පාරට බැසිය යුතුව ඇත. 




No comments:

Post a Comment

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...