Wednesday, November 9, 2016

කොරියානු දිනපොත (Korean Diary) ;- ළදරු නියගය ( Baby Drought)



''මා සේවය කරන ස්ථානයට ඉදිරිපසින් ඇත්තේ පාසලකි. ඒ නිසා උදැසන මට පාසල් ළමුන් මුණ ගැසේ නමුත් අන් කිසිදු ස්ථානයක මා වැඩි පුර ළමුන් දැක්කේ නැත. එක සාප්පුවක ළමා කොටසේ පමණක් මා ළමුන් සහ ළදරුවන් දුටුවෙමි. මේ තත්වය තුල මා සිහිනෙන්වත් නොසිතු දෙයක් විය. එනම් දකුණු කොරියාවේ ළමා නියගයක් ඇති බවයි''

දකුණු කොරියානු ජනගහනයෙන් 27% ක් එක් පුද්ගලයෙක් සිටින පවුල් වේ. එහි වැඩිහිටි ජනගහනය වැඩිය. අවිවාහක පිරිස වැඩිය. බාල පරපුර අඩුය.

 1948 ජනරජය පිහිටුවීමෙන් අනතුරුව ජනගහනය වැඩි විය. නමුත් ආර්ථිකය වර්දනය වීමේ බලපෑමත් සමග එය අඩු වුනි. නිල සංගණනය අනුව 1949 ජනගහනය 20188641 කි. 1985 සංගනනය අනුව එය 40,466,577කි. 

''මගුල් ගෙවල් අඩුවන විට ළදරු නියගය වැඩි වෙමින් පවතී. දකුණු කොරියාවේ 2000 වසරින් පසුව අඩුම දරු උපත් ගණන මේ වසරේදී වාර්තා විය. මේ වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා උපත ලද ළදරුවන් ගණන 283100 කි. එය ගිය වසරට වඩා 16,800 ක අඩුවීමකි. 

වසර 2000 න් පසුව අඩුම මගුල් ගෙවල් ගනනද මේ වසරේදී වාර්තා වුනි. එය 188200කි. මේ වසරේ එය 2015 ට වඩා අඩුවේ එනම් වාර්තා වූ මගුල් ගෙවල් ගණන 302828ට අඩුය. විශේෂඥයින්ට අනුව මේ වසරේ එම සන්කයාව 300,000ට ලගා නොවනු ඇත. 2005 දී මෙම අඩු ළදරු උපත් ගැටලුව විසදීමට ආණ්ඩුව ආයෝජනය කල මුදල වොන් ත්රිලියන 80 කි එනම් එකසත් ජනපද ඩොලර් බිලියන 70 කි. ''

මෙම ලිපිය සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීම සදහා පහත සබැදියාව වෙත යොමු වන්න.

No comments:

Post a Comment

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...