Thursday, November 3, 2016

ජනතා අදිකරණය (85) ;- ''නෙට් බෝල් තරගයක් ''ගිය දුර නඩුව.


මේ ශේෂ්ට්‍රදිකරණයේ විබාග වූ අංක 124/95 දරන මුලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුවේ සාරාංශය වේ. පෙත්සම්කරු හක්මන අලුත්වත්තේ පදිංචි ගම ඇතිගේ සරත් කුමාරය. වගයුත්තරකරුවන් වුයේ කඹුරුපිටිය පොලිසියේ නිලදාරීන් සහ නිතිපතිවරයාය. මේය ජි පි එස් ද සිල්වා (අග විනිසුරු) විනිසුරු රාමනතන් විනිසුරු විජේතුංග යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විබාග විය. පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ නිමල් හපුආරච්චි වගයුත්තරකරුවන් වෙනුවෙන් නීතිඥ මනෝහර ද සිල්වා ජෙෂ්ට රජයේ නීතිඥ එස් ගම්ලත් රජයේ නීතිඥ කුමුදිනි වික්‍රමසිංහ යන අය පෙනී සිටියහ. තීන්දුව ලබා දුන්නේ 1996.10.30 වැනිදාය.

පෙත්සම්කරු පුහුල්වැල්ල මද්‍ය මහා විද්‍යාලයේ නැටුම් ගුරුවරයෙකි. ඔහු 1978 ආණ්ඩු ක්‍රම විවස්ථාවෙන් සහතික කල තමන්ගේ මුලික අයිතිවාසිකම් එනම් 11 සහ 13(1) වගන්තින් වගයුත්තරකරුවන් උල්ලංගනය කල බව කියා සිටි. සිද්දිය වුයේ 1995.03. 20 වැනිදාය. නාරන්දෙනිය මහා විද්‍යාලයේ නෙට් බෝල් තරගයක් සදහා පෙත්සම්කරු ඇතුළු ඔහුගේ පාසලේ සිසුන් සහ ගුරුවරු එම පාසලට ගියහ. වයස 15 න් පහල 17 න් පහල තරග පුහුල්වැල්ල පාසලේ සිසුහු ජයග්‍රහණය කළහ. ඉන්පසුව න්රන්දෙනිය පාසලේ සිසුන් කලහකාරී ලෙස හැසිරෙමින් පුහුල්වැල්ල පාසලේ සිසුන්ට පහර දෙන්නට පටන් ගත්හ. එවිට පෙත්සම්කරු ඇතුළු පිරිස තම පාසලට ඒමට තීරණය කළහ. 

ඔවුන් බස් නැවතුම් පොලට පැමිණ බසයට සිසුන් නග්වමින් සිටියදී එය අසලට පොලිස් ජීප් රථයක් පැමිණ නැවත්වුහ. එයින් බැස ගත් පොලිස් නිලදරියෙක් පෙත්සම්කරුගේ කකුල් වලට උන ලීයකින් පහර දුන්නේය. පෙත්සම්කරු තමන් පැමිණි කාරණය කිවුවද වගයුත්තරකාර පොලිස්කාරයා එය ගණන් නොගෙන ඔහුව කුඩුවට දැමු අතර එවිට නාරන්දෙණිය විදුහලේ විදුහල්පති පැමිණ එම නිලදරියගේ කනට යමක් කෙදුරු අතර ඔහුව නැවත ජීප් රථයෙන් එලියට ගෙන පා පහරක් එල්ල කළේය. මුනින් අතට බිම වැටුණු පෙත්සම්කරු යලි නැගිට සිටියේ ඉතා අසීරුවෙනි. ඔහුට නැවත ජීප් රථයට නගින ලෙස නියෝග කෙරිණි. තුවාල ලැබූ සිසුන් පිරිසක්ද අත්ඩංගුවට ගැනිණි. ඔවුන් සියලු දෙනවා කඹුරුපිටිය පොලිසියට ගෙන එන ලදහ. පොලිසියේදී පෙත්සම්කරුගේ අසනීප තත්වය බරපතල විය. ඔහුව පළමුව කඹුරුපිටිය දිස්ත්‍රික් වයිද්යවරයා වෙතත් ඉන්පසුව ගන්ගොඩගම රෝහලටත් යොමු කෙරිණි. ඔහු එම රෝහලේ මාර්තු 24 දක්වා ප්‍රතිකාර ගනු ලැබිණි. 1995.03.20 දින සවස 6.45 ට පෙත්සම්කරුව පොලිස් අත්අඩංගුවෙන් නිදහස් කෙරිණි. 

වගයුත්තරකාර පොලිස් නිලදාරියා කියා සිටියේ පුහුල්වැල්ල පාසලේ සිසුන් පෙත්සම්කරුගේ අනුමැතිය ඇතිව නාරන්දෙණිය පාසලේ සිසුන්ට පහරදුන් බවයි. එයට දිවුරුම් ප්‍රකාශද ඉදිරිපත් කෙරිණි. ඔහු කියා සිටියේ පුහුල්වැල්ල පාසලේ සිසුන් නාරන්දෙණිය පාසලේ සිසුන්ට පහර දුන් බවය. එයට නාරන්දෙණිය පාසලේ විදුහල්පතිගේ සහ සිසුන්ගේ දිවුරුම් ප්‍රකාශද ඉදිරිපත් කෙරිණි.

නමුත් පෙත්සම්කරුට පැහැදිලි වයිද්ය සාක්ෂි තිබු අතර පුහුල්වැල්ල පාසලේ සිසුන්ගේ හා ගුරුවරුන්ගේ දිවුරුම් ප්‍රකාශ බස් නැවතුම් පොලේ සිටි සුවාදින පුද්ගලයෙකුගේ දිවුරුම් ප්‍රකාශ මෙහිදී වැදගත් එමෙන්ම ප්‍රබල සාක්ෂි විය.

පෙත්සම්කරු නඩුව ජයග්‍රහණය කළේය. එනම්පළමු වගයුත්තරාකාර පොලිස් නිලදාරියා 11 වන සහ 13(1) වගන්තින් පෙත්සම්කරු සම්බන්දයෙන් උල්ලංගනය කල බව තීරණය කෙරිණි. පෙත්සම්කරුට හිමි වූ මුළු වන්දිය සහ නඩු ගාස්තුව රුපියල් 5000 කි. පළමු වගයුත්තරකරු වන්දි ලෙස රුපියල් 3000 ක්ද රජය වන්දි ලෙස රුපියල් 1250 ක්ද නඩු ගාස්තු ලෙස රුපියල් 750 ක්ද පෙත්සම්කරුට ගෙවිය යුතු විය. 

මෙම නඩුවේ පිටපතක් පොලිස්පතිට යවා වන්දි සහ ගාස්තු 1996 දෙසැම්බර් 31 ට පෙර පෙත්සම්කරුට ගෙවීමට සහතික වන්නැයි රෙජිස්ටාර්ට නියෝග කෙරිණි.  

නඩු තීන්දුව අගවිනිසුරුවරයා ලිවූ අතර එයට අනෙක් විනිසුරු දෙපලගේ එකගතාවය පල විය. 

මෙම නඩු තීන්දුව සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බශාවෙන් කියවීම සදහා පහත සබදියාව වෙත යොමු වන්න. 

No comments:

Post a Comment

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...