Wednesday, November 23, 2016

කොරියානු දිනපොත (Korean Diary);- මැරුණු කටුස්සා (Dead lizard found in Pringles tube )


ප්රින්ගල්ස් ටියුබයේ තිබී මැරුණු කටුස්සකු සොයා ගෙන ඇත. මෙම සකස් කල ආහාරය දකුණු කොරියාවට ආනයනය කර ඇත්තේ මැලේසියාවෙනි. 

මේ පිලිබදව ආහාර සහ ඔවුෂද ආරක්ෂක අමාත්යංශය වහාම පියවර ගත්තේය. එනම් මෙම සකස්කළ ආහාරය සියලුම වෙළද සල් වලින් ආපසු කැදවීමට නියෝග කෙරිණි. 

මෙම නැවත කැදවන ආහාර වර්ගයේ බර කිලෝග්‍රෑම් 4410 ක් වේ. අමාත්යංශය අදාල වෙලදුන්ගෙන් ඉල්ලීමක්ද කරයි. එනම් නැවත කැදවීමට සහයෝගය දෙන ලෙසයි. මෙම ප්රින්ග්ලෙස් වර්ගය ඇඹුල් සහ ලුණු රසයෙන් යුක්ත වේ. 

ශ්‍රී ලංකාවේ මෙවැන්නක් සිදු වුයේ නම් කුමක් වේද? අඩු ගානේ මුල් පැමිණිල්ලට අනුව සාදාරන පොලිස් විමර්ශනයක්වත් සිදුවේද? එය ටික දවසක් යන තෙක් මාද්‍ය මගින් සාකච්චා කරනු ඇත. ඊට පසුව සියලු දෙනාටම එය අමතක වනු ඇත. තවද සියල්ල පගාවට යට වනු නියතය.

අපත් දකුණු කොරියාවත් අතර වෙනස එයයි. 

මෙම ලිපිය සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බාෂාවෙන් කියවීමට පහත සබදියාව හා යොමු වන්න.

No comments:

Post a Comment

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...