Thursday, December 1, 2016

ජනතා අදිකරණය (87) ;- මර්වින් සිල්වා නඩුව.



මේ ශේෂ්ට්‍රදිකරණයේ විබාග වූ අංක 573/2010 දරන මුලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුවේ සාරාංශය වේ. පෙත්සම්කරු කිරිබත්ගොඩ පදිංචි අසිත නානායක්කාර ලියනගේය. වගයුත්තරකරුවන් වුයේ කැලණිය ප්‍රාදේශීය සබාවේ නිලදාරීන්ගම්පහ පළාත් පාලන කොමසාරිස් ,කිරිබත්ගොඩ පොලිසියේ ස්ථානදිපති, දිලාන් ලක්ෂිත, දොන් පාලිත වික්‍රමසිංහ, නියෝජ්‍ය අමාත්‍ය මර්වින් සිල්වා සහ නිතිපතිවරයාය. 

පෙත්සම්කරු වෙනුවන් නීතිඥ විශ්ව ගුණරත්න සමග නීතිඥ සන්දීපනී විජේසුරියද වගයුත්තරකරුවන් වෙනුවෙන් නීතිඥ ඩි එම්  ජි දිසානායක නීතිඥ එල් එම් සි ඩි බණ්ඩාර නීතිඥ රජිවූ ගුණතිලක සහ නීතිඥ චතුර ගල්හේන යන අය පෙනී සිටියහ. 

මෙය විනිසුරු වනසුන්දර, අනිල් ගුණරත්න සහ කේ ටි චිත්‍රසිරි යන ත්‍රිපුද්ගල ශේෂ්ට්‍රදිකරන විනිසුරු මඩුල්ලක් හමුවේ විබාග විය. තීන්දුව ලබා දුන්නේ 2016. 11. 28 වැනිදාය.

කැලණිය ප්‍රාදේශීය සබාවේ උපකරන යන්ත්‍ර වාහන මගින් පෙත්සම්කරුගේ තාප්පය බිමට සමතලා කිරීම ඇතිලුව ඔහුගේ දෙපලට හානි පමුණුවනු ලැබිණි. වගයුත්තරකාර ත්‍රීවිලර් රියදුරන් පෙත්සම්කරුට සහ ඔහුගේ බිරිදට තවදුරටත් හිරිහැර කළහ. තාප්පය කඩා දමන අවස්ථාවට නියෝජ්‍ය ඇමති මර්වින් සිල්වාද සහබාගි විය. එසේ පැමිණීමට පෙර මර්වින් සිල්වා පෙත්සම්කරුට දුරකථන ඇමතුමක් ලබාදී එසේ එන බව සහතික කළේය.

මේ පිලිබදව නයිතික කටයුතු කිරීමට මර්වින් සිල්වාට ඇති බිය නිසා නිතිඥවරුද මැලි විය. කෙසේනමුත් ශේෂ්ට්‍රදිකරණය ව්සින් පෙත්සම්කරුගේ 1978 ආණ්ඩු ක්‍රම විවස්ථාවේ 12 (1) වගන්තියෙන් සහතික කර ඇති මුලික අයිතිවාසිකම් කඩවූ බව තීරණය කරන ලදී. වගයුත්තරකරුවන් කියා සිටියේ තමන් අත්තොනොමතිකව හැසිරුනේ නැති බවත් පෙත්සම්කරුගේ මුලික අයිතිවාසිකම් කඩ නොකළ බවත්ය.

පෙත්සම්කරුගේ දේපල වලට සිදුවූ අලාබය මිලියන දෙකක් පමණ වේ. දේපල බැකෝ යන්ත්‍ර මගින් විනාශ කෙරිණි. එය සිදුවුයේ පොලිස් ආරක්ෂාව මද්යේය. බැකෝ යන්ත්‍ර කැලණිය ප්‍රාදේශීය සබාවට අයත් ඒවාය. 

කෙසේනමුත් ශේෂ්ට්‍රදිකරණය තීරණය කලේ මෙම සියලු සිදුවීම් වලින් පෙත්සම්කරුගේ නීතියේ සමාන රැකවරණය ලැබීමට ඇති අයිතිය උල්ලංගනය වූ බවයි. සිද්දිය ඇසින් දුටු අයගේ දිවුරුම් ප්‍රකාශ මෙහිදී වැදගත් ස්ථානයක් ඉසිලනු ලැබිණි. 

ශේෂ්ට්‍රදිකරණය 07 වන සහ 04 වන වගයුත්තරකරුවන් පෙත්සම්කරුගේ මුලික අයිතීන් කඩකළ බව තීරණය කළේය. අදිකරණය 07 වන වගයුත්තරකරු පෙත්සම්කරුට රුපියල් ලක්ෂ 04 ක්ද 04 වන වගයුත්තරකරු රුපියල් 50,000ක්ද පුද්ගලිකව පෙත්සම්කරුට වන්දි ලෙස ගෙවිය යුතු බව තීරණය කෙරිණි. නියෝජ්‍ය ඇමති මර්වින් සිල්වා සම්බන්ද වූ බැවින් රජය පෙත්සම්කරුට වන්දි ලෙස රුපියල් 100,000 ක්ද ගෙවිය යුතු බව තීරණය කෙරිණි. පොලිස්පතිටද මේ පිලිබදව නිතිපතිවරය්ගේ උපදෙස් ගෙන විමර්ශනයක් කිරීමට නියෝග කෙරිණි.

මෙම නඩුවේ තීන්දුව විනිසුරු අනිල් ගුණරත්න ලිවූ අතර එයට අනෙක් විනිසුරු දෙපලගේ එකගතාවය හිමි විය.

මෙම නඩු තීන්දුව සම්පුර්ණයෙන් ඉග්රිසි බසින් කියවිමට පහත සබැදියාව හා යොමු වන්න.

No comments:

Post a Comment

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...