Monday, September 19, 2016

පකිස්ථානය;- මරණ දඩුවම සතියකින් ප්‍රමාද වේ.



පකිස්තානු අදිකරණය සිරකරුවකුට මරණ දඩුවම දීම සතියකින් ප්‍රමාද කර තිබේ. මෙම සිරකරු මානසික රෝගී තත්වයකින් පෙලේ. ඔහු නමින් ඉමාඩ් අලි වේ. මෙය සිදුවුයේ අයිතීන් උදෙසා කටයුතු කරන කණ්ඩායම් වල ඉල්ලීම පරිදිය. ඔහු පකිස්ථානයේ පන්ජාබ් ප්‍රාන්තයේ පුරවැසියෙකි. ඔහු අගහරුවදා එල්ලා මැරීමට නියමිතව සිටියේය. 

ශ්‍රී ලංකාවේ මරණ දඩුවම පැනවිය හැක. නමුත් මෙය 1976 සිට ක්‍රියාත්මක නොවේ. එය ක්‍රියාත්මක කිරීමට නම් විදායක ජනදිපතිවරයා අත්සන් කල යුතුව තිබේ. නොබෝදා දුමින්ද සිල්වාට මරණ දඩුවම හිමි විය. ඔහුට බන්දනාගාරයේදී ක්‍රිකට් ගැසීමට ඉඩ දීමට තරම් බන්දනාගාර නිලදාරීන් නීච වුයේද? (අබියචනා කිරීමට පෙර)

කාට කොහේ මරණ දඩුවම පැනවුවත් එයට විරුද්ද විය යුතුව ඇත. ඇසට ඇසක් දතට දතක් නියාය අදට නොගැලපේ. තවද මරණ දඩුවම දඩුවමක් නොවේ. දඩුවමකින් අපේක්ෂා කරන්නේ පුද්ගලයකු පුනුරුත්තාපනය කිරීමයි. මරණ දඩුවම ක්‍රියාත්මක ලොව කිසිදු රටක අපරාද අඩුවී නොමැත. 

මෙම ලිපිය සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.

http://www.aljazeera.com/news/2016/09/pakistan-court-stays-execution-mentally-ill-prisoner-160919191621229.html


1 comment:

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...