Tuesday, September 27, 2016

ජනතා අදිකරණය (82) ;- අපරාද විමර්ශන දෙපාර්තමේන්තුවට එරෙහි නඩුවක්.



මේ අංක 81/2011 දරන ශේෂ්ට්‍රදිකරණයේ විබාග වූ මුලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුවේ සාරාංශය වේ. පෙත්සම්කරු හිබුටාන අංගොඩ පදිංචි දොන් ගාමිනිය. වගයුත්තරකරුවන් වුයේ අපරාද විමර්ශන දෙපාර්තමේන්තුවේ නිලදාරීන් පොලිස්පති සහ නීතිපතිවරයාය. 

මෙය විනිසුරු සිසිර ජේ දී අබ්රු විනිසුරු අනිල් ගුණරත්න විනිසුරු කේ ටි චිට්‍රසිරි යන ත්‍රිපුද්ගල ශේෂ්ට්‍රදිකරන විනිසුරු මඩුල්ලක් හමුවේ විබාග විය. පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ ශ්‍යාමාල් ඒ කොල්ලුරේ නීතිඥ ඒ පි ජයවීර යන අයද වගයුත්තරකරුවන් වෙනුවෙන් රජයේ ජෙෂ්ට නීතිඥ අනුපද සිල්වා යන අය පෙනී සිටියහ. තීන්දුව ලබා දුන්නේ 2016.09.22 වැනිදාය.

පෙත්සම්කරුව අත්අඩංගුවට ගන්නේ උසාවි වරෙන්තුවක් මගිනි. ඔහුට දිවිත්ව මිනීමැරුමක් පිළිබද චෝදනා එල්ල විය. පසුව ගිනි අවි ලග තබා ගැනීම ගැනද චෝදනා එල්ල වී තිබිණි. වරෙන්තුවේ සදහන් පුද්ගලයා පෙත්සම්කරු නොවූ බව පසුව අනාවරණය විය. 

ශේෂ්ට්‍රදිකරණය පෙත්සම්කරුගේ 1978 ආණ්ඩු ක්‍රම විවස්ථාවෙන් සහතික කල 12(1) වගන්තියේ සදහන් මුලික අයිතිවාසිකම් උල්ලංගනය වී ඇති බව තීරණය කෙරිණි.

මෙහිදී වගයුත්තරකරුවන්ට පුද්ගලික මුදලින් වන්දි ගෙවීමට සිදු වුයේ නැත. වගයුත්තරකරුවන් පෙත්සම්කරුගෙන් පුද්ගලික පලිගැනීමක් සිදු නොකළ බවත් ඔවුන් කටයුතු කලේ ඔවුන්ට පැවරුණු රාජකාරියක් ඉටු කිරීම සම්බන්දයෙන් පමණක් බවත්ය. නමුත් රජයට රුපියල් 300,000ක් පෙත්සමකරුට වන්දි වශයෙන් ගෙවීමට නියම විය.

මෙම නඩු තීන්දුව සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.









No comments:

Post a Comment

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...