Monday, September 26, 2016

ජනතා අදිකරණය (81) ;- "ග්‍රීස් යකා" නඩුව.



මේ ශේෂ්ට්‍රදිකරණයේ විබාග වූ අංක 527/2011 දරන මුලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුවේ සාරාංශය වේ. පෙත්සම්කරු ගාල්ල ගිනිමල්ලගහ පදිංචි සජිත් සුරංගය. වගයුත්තරකරුවන් වුයේ තෙලිකඩ පොලිසියේ නිලදාරීන් පොලිස්පති සහ නීතිපතිවරයාය. මෙය විනිසුරු සිසිර ද අබ්රු විනිසුරු අබේරත්න විනිසුරු පෙරේරා යන ත්‍රිපුද්ගල ශේෂ්ට්‍රදිකරන විනිසුරු මඩුල්ලක් හමුවේ විබාග විය. පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ ශාන්ත ජයවර්දන නීතිඥ චාමර නානායක්කාරවසම් ද වගයුත්තරකරුවන් වෙනුවෙන් නීතිඥ හිරාන් ද අල්විස් නීතිඥ චානක ජයමහ සහ රජයේ ජෙෂ්ට නීතිඥ මාදව තෙන්නකෝන් යන අය පෙනී සිටියහ. තීන්දුව ලබා දුන්නේ 2016.07.22 වැනිදාය.තීන්දුව ලීවේ එච් එන් ජේ පෙරේරා විනිසුරු වන අතර එයට අනෙක් විනිසුරු දෙපලගේ එකගතාවය හිමි විය. 

පෙත්සම්කරු කිවේ 1978 ආණ්ඩු ක්‍රම විවස්ථාවෙන් සහතික කර ඇති වගන්ති 11, 12(1) සහ 13(1), 13(2) සදහන් මුලික අයිතිවාසිකම් කඩ වූ බවයි. මෙම සිද්දිය වන විට පෙත්සම්කරුට වයස අවුරුදු 17 යි මාස 10 ක් වේ. ඔහු එවකට වෘත්තීය පුහුණු මද්යස්ථානයේ ශිෂ්යෙකුව සිටියේය. ඔහුට සිද්දිය නිසා එම පාටමාලාව අතහැර දැමීමට සිදු විය. 

මෙම සිද්දිය වුයේ 2011.08.23 වැනිදාය. ඔහුව ග්‍රීස් යකෙකු ලෙස හංවඩු ගසමින් තෙලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබිණි. ඔහුට පොලිස් නිලදාරීන් විසින් දරුණු ලෙස පහර දෙනු ලැබිණි. ජනතාව ඉදිරියේ ග්‍රීස් යකෙකු බවට හදුන්වා දෙමින් ප්‍රසිද්දියේ අවමානයට පාත්‍ර කරනු ලැබිය. ඔහු ව ශාරීරික හා මානසික වදහින්සාවට පාත්‍ර කරනු ලැබිණි. මානසික වයිද්ය් විශේෂඥ නිල් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් පරිදි කරපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ගනු ලැබිණි.

In W.M.K. De Silva Vs Chairman, Ceylon Fertilizer Corporation (1989) 2 Sri L.R. 393 Amerasinghe J. said, “I am of the opinion that the torture or cruel, inhuman or degrading treatment or punishment contemplated in Article 11 of our Constitution is not confined to the realm of physical violence. It would embrace the sphere of the soul or mind as well.”

ඔහුගේ පියා සහෝදරිය සහ හිතවතුන් ඔහුව බැලීමට පොලිසියට ගිය අතර ඔවුන්ගේ දිවුරුම් ප්‍රකාශ නඩුවේ තීරණාත්මක සාදකයක් විය. පෙත්සම්කරු සහ ඔහුගේ පියා මානව හිමිකම් කොමිසම් සබාවට පැමිණිලි කර තිබිණි. 

පොලිසිය අදිකරණයේදී කිවේ පෙත්සම්කරුව ග්‍රීස් යකෙකු ලෙස අල්ලා පොලිසියට බාර දුන්නේ ගම්වාසින් බවය. තවද පෙත්සම්කරුගේ පියා නීතිවිරෝදී මත් පැන් පෙරන්නෙකු බවත් උසාවියේදී මේ සම්බන්දයෙන් දඩ ගෙවා ඇති බවත් ඔහු සහෝදරයා ආරවුල් වලට සම්බන්ද අයෙකු බවත්ය. 

In Amal Sudath Silva V. Kodituwakku Inspector of Police and Others (1987) 2 Sri LR 119 Athukorale J. observed:- 21 “Article 11 of our Constitution mandates that no person shall be subjected to torture or to cruel, inhuman, or degrading treatment or punishment. It prohibits every person from inflicting torturesome, cruel or inhuman treatment on another. It is an absolute fundamental right subject to no restrictions or limitations whatsoever. Every person in this country be he a criminal or not is entitled to this right to the fullest content of its guarantee.

පෙත්සම්කරු නඩුව ජයග්‍රහණය කළේය. ඔහුට වන්දි සහ නඩු ගාස්තු වශයෙන් රුපියල් ලක්ෂ 03 ක වන්දියක් හිමි විය. වගයුත්තරකරුවන් සම්බන්දයෙන් විමර්ශනයක් පවත්වා නීතිපති වෙත යොමු කරන්නයි ශේෂ්ට්‍රදිකරණය වැඩි දුරටත් පොලිස්පතිට නියෝග කරනු ලැබිණි. නීතිපති සුදුසු පියවර ගත යුතු බවටද නියෝග කෙරිණි. ශේෂ්ට්‍රදිකරණයේ රේජිස්ටාර් මෙහි පිටපතක් පොලිස්පතිවරයාට යැවිය යුතු බවටද නියෝග කරනු ලැබිය. 

මෙම නඩු තීන්දුව සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බෂාවෙන් කියවීම සදහා පහත සබැදියාව වෙත යොමු වන්න.



038 2231419
077 3201270

No comments:

Post a Comment

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...