Monday, September 19, 2016

සාගල හොරුත් සමග හෙළුවෙන්.



ගම්පොල තරුණයා පොලිස් සිර මැදිරියේ එල්ලී මියයාම අද රටම කම්පාවට පත් කිරීමට හේතුවී ඇත. 

යහපාලන ආණ්ඩුව යුක්තියේ ක්‍රමවේදය නැතිනම් වියුහය වෙනස් කිරීමට පියවර ගත්තේ නැත. ශේෂ්ට්‍රදිකරණයේ යම් වෙනසක් දැකිය හැකි වුවද පහල උසාවි වෙනස් වුයේ නැත. පොලිසිය වඩාත් නරකම ආයතනය බවට පත් විය. මානව හිමිකම් කොමිසම සහ පොලිස් කොමිසමද වෙනස් වෙමින් පවතින්නේ ඉතා මන්දගමිකවය. 

සාගල ඇමතිවරයා අගමැතිගේ සමීප හිතවතෙකි. ඒවා අපිට වැඩක් නැත. සැබවින්ම සාගල ඇමති මේ තත්වය හමුවේ ඉල්ලා අස්විය යුතුව තිබේ. අගමැති රනිල්ට අවශ්‍යනම් එක වාක්යකින් පොලිස් වදහිංසාව නතර කල හැක. පොලිසියේ ඉහලයින් හමුවේදී අගමැති මේ පිලිබදව සැලකිලිමත් විය යුතුව ඇත. ලගදි එන කැබිනට් මණ්ඩල සංශෝදනයේදී නිතිය සහ සාමය ඇමති දුරය වැදගතෙකුට දිය යුතුය.

මේ දේවල් සිද්ද නොවුනහොත් යහපාලනයද රාජපක්ෂ පාලනයම වනු ඇත. 

No comments:

Post a Comment

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...