Thursday, September 22, 2016

ජනතා අදිකරණය (80) ;- තවත් වදහිංසා නඩුවක්.


මේ ශේෂ්ට්‍රදිකරණයේ විබාග වූ අංක 612/09 දරන මුලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුවේ සාරාංශය වේ. පෙත්සම්කරු ඩබ්ලියු එන් එල් කේ ප්‍රනාන්දුය. හෙතෙම අංක 06 කන්තලේ වත්ත පහල මාවිල නාත්තන්ඩියේ පදිංචිකරුවකු වේ. වගයුත්තරකරුවන් වුයේ පොලිස් පරීක්ෂක රන්ජිත්, සාජන් දිසානායක (23311), උප පොලිස් පරීක්ෂක චාමර පි විජේසිංහ, ඒ එම වීරක්කොඩි ස්ථානදිපති පොලිස් ස්ථානය වෙන්නප්පුව එස් පීටර්, සුනිල් අප්පුහාමි සහ නිතිපතිවරයාය. 

මෙය විනිසුරු ප්රියසත් ඩෙප් විනිසුරු කේ ටි චිත්‍රසිරි විනිසුරු ප්‍රසන්න ජයවර්දන යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විබාග විය. තීන්දුව ලබා දුන්නේ 2016.09.21 වැනිදාය. පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ ජේ සි වැලිඅමුණ සමග නීතිඥ පුලස්ති හෙවමන්න නීතිඥ සුලක්ෂණ සේනානයකද නීතිපතිවරයා වෙනුවෙන් රජයේ ජෙෂ්ට නීතිඥ මාදව තෙන්නකෝන් ද යන අය පෙනී සිටියහ. නඩු තීන්දුව චිත්‍රසිරි විනිසුරු ලිවූ අතර එයට අනෙක් විනිසුරු දෙපලගේ එකගතාවය හිමි විය. 

පෙත්සම්කරු විවාහක තිදරු පියෙකු වන අතර සමාගම් පනත යටතේ ලියාපදිංචි සමාගම් තුනක සබාපති වූ වියාපාාරිකයෙකු වේ. ඔහු කියා සිටින්නේ 01 සිට 04 දක්වා වගයුත්තරකරුවන් ඔහුව අත්අඩංගුවට ගෙන රදවාගෙන පහරදීමෙන් තමන්ගේ 1978 ආණ්ඩු ක්‍රම විවස්ථාවෙන් සහතික කර ඇති 11, 12 (1), 13(1) සහ 13(2) වගන්තින් වලින් සහතික කර ඇති මුලික අයිතිවාසිකම් උල්ලංගනය කල බවයි. 

ශේෂ්ට්‍රදිකරනය ඔහුගේ මුලික අයිතිවාසිකම් කඩ වූ බව තීරණය කල අතර එක දෙක සහ තෙවන වගයුත්තරකරුවන් ඔහුට තම පුද්ගලික මුදලින් එක අයෙකු රුපියල් 35,000 බැගින් රුපියල් 1,05,000 ක් වන්දි ලෙස ගෙවීමට නියම කෙරිණි. 


පොලිසිය කිවේ ඔහු අත්අඩංගුවට ගැනීමට විරෝදතාව පල කිරීමේදී සහ බිම පෙරලීම නිසා අවම බලය පාවිච්චි කිරීමේදී ඔහුට තුවාල සිදුවූ බවයි. නමුත් මහේස්ත්‍රාත් අදිකරණයේදී සහ අදිකරණ වයිද්‍ය නිලදාරී වාර්තා මගින් මෙම පොලිස් ප්‍රකාශන වියාජ බව තහවුරු විය. 

''The Doctor has clearly identified four injuries on the body of the petitioner and those are as follows:

 1. There is a 5 x 5 cm recent contusion on the upper portion of the right biceps muscle area 

2. There is a 6 x 5 cm abraded contusion on the left supra – spinatus area.

 3. There are at least three 1 cm, 1.5 cm abrasions on the back of the upper chest on mid line.

 4. There is tenderness of the following areas. Both writs, back of left thigh, vertex, face, both shoulders 

The explanation given by the 1st to 3rd respondents as to the injuries of the petitioner was that he had resisted the arrest. They state that they were using minimum force. When looking at the injuries above, it is difficult for a reasonable person to think that those injuries would 11 have been caused by rolling on the ground or even by trying to get away from the arrest, as stated by the respondents in their affidavits. '' 

මෙම නඩු තීන්දුව සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බෂාවෙන් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.



038 2231419
077 3201270


No comments:

Post a Comment

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...