Saturday, May 21, 2016

සුබ වෙසක් මංගල්ලයක් වේවා.


ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බද්දිය හාමුදුරුවන්ගේය. 

උන්වහන්සේ ඉතා මැනවින් සත්පුරුෂයා යනු කවරෙක්ද යන්න හදුන්වා දෙනු ලබුසෙක. එවන් දර්ම කතිකා 10ක් තිබුනොත් මේ ලංකාව 50% කින් හරිගස්සෙනු ඇත. සත්පුරුෂයා අන් අය කිසිවිටක අදයිරයට පත් කරන්නේ නැත. ඔවුන් ඉහලට ඔසවා තබති. උදව් කරති. අපව අද සිටින තත්වයට ගෙන ඒමට සත් පුරුෂයින් කීදෙනෙක් නම් උදවු කරන්නට ඇත්ද? ඔවුන්ව නිරතුරුව සිහිපත් කල යුතුව තිබේ.

පානදුර ශ්‍රී සුමංගල පිරිමි පාසලේ සිසුවකුගේ කොණ්ඩය බලහත්කාරයෙන් කපා දැමිණි. ඒ එම පාසලේ ගුරුවරයකු විසිනි. එම සිසුවා නමින් තියුණු නුවන් ගුණතිලක වේ. ඔහු 11 හැවිරිදි වියේ පසු වුනි. හෙතෙම ටිවී වෙළද දැන්වීම් වලට පෙනී සිටි අයකි. මෙම ගුරුවරයා අසත්පුරුෂයකු ලෙස මෙම දරුවාගේ සදාකාලික මතකයට එක්වෙනු ඇත.


18 හැවිරිදි පාසල් සිසුවියක් පැහැරගෙන ගොස් රදවා තබා ගෙන දුෂණය කෙරිණි. දුෂකයා අත්අඩංගුවට ගත්තේ නැත. සාලියවැව පොලිසිය අපරාදකරුට පක්ෂපාති විය. මේ අය ගැන ඇගේ අනාගත සිතුවිලි කෙබදු වේද? නිතිය ක්‍රියාත්මක කරන මහජනතාවගෙන් පඩි ලබන සාලිය වැව පොලිසිය සිදුකල අසත් පුරුෂ ක්‍රියාව ඇගේ මතකයෙන් ගිලිහි නොයනු ඇත. 


ඇය රාජපක්ෂ ආණ්ඩු සමයේනම් එශ්චර්යේ දියණියකි. ඇය නන්දාවතී පිරිස් වේ. 51 හැවිරිදිය. ඇය එතෙර රස්සාවට ගියේ දහසක් බලාපොරොත්තු පොදී බැද ගෙනය. නමුත් වදහින්සාවට පාත්‍ර විය. වැටුප් නොලැබිණි. කිසිවක් නොලබා සිය රට පැමිණියාය. වගකිවයුත්තන් කල කිසිවක් නැත. ඔවුන් අසත්පුරුෂයින් ලෙස ඇගේ මතකයට එක්වෙනු ඇත. 


මේ අසත්පුරුෂ ක්‍රියාවනට විරුද්ද විය යුතුය. නතර කල යුතුය. ඒ වෙසක් දින නිල මට්ටමේ වෙසක් පණිවිඩ ලබා දෙන ලොක්කන්ගේ පරම වගකීම විය යුතය.



1 comment:

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...