Friday, May 20, 2016

තායිවානයේ පළමු කාන්තා ජනාදිපතිනිය.


ඇය චයි ඉංග්‍ වෙන් වේ. තායිවානයේ පළමු කාන්තා ජනාදිපතිනිය විය. ඇගේ පක්ෂය චීනයෙන් නිදහස බලාපොරොත්තු වේ. සිකුරාදා පළමු දේශනයේදී ඇය චීනය පිළිබද එක ප්‍රතිපත්තියක් ගැන වචනයකුද සදහන් කලේ නැත. ඇය කියා සිටියේ ටයිපි සහ බෙජිනය දනාත්මක සංවාදයකට පැමිණිය යුතු බවත් එය දෙපක්ෂයේ ජනතාවගේ සුබසිද්දිය පිණිස විය යුතු බවත්ය.

ලොව ප්‍රථම කාන්තා අගමැතිනිය බිහිවුයේ ශ්‍රී ලංකාවෙනි. ඇය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය වේ. පසුව ඇගේ දියණිය ලංකාවේ ප්‍රථම විදායක කාන්තා ජනදිපතිනිය වුවාය. ඇය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විය. නමුත් දෙදෙනාගේම පාලන සමය තුල පිරිමින්ට මෙන්ම කාන්තාවන්ටද සෙතක් වුයේ නැත. නමුත් චන්ද්‍රිකා හිටපු ජනපතිනිය යහ පාලන ආණ්ඩුව බලයට පත් කිරීමට උදාර කාර්ය බාරයක් කලාය. වර්තමානයේ පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය වැඩි කල යුතුව ඇත. එනම් සියලු මැතිවරණ වලදී කාන්තා නියෝජනයට 25% ක කොටා ක්‍රමය හදුන්වා දිය යුතුව තිබේ.

http://www.aljazeera.com/news/2016/05/tsai-ing-wen-taiwan-female-president-160520054732686.html

No comments:

Post a Comment

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...