Saturday, May 7, 2016

ඊජිප්තුව ;- සයකට මරණ දඩුවම.


මේ තත්වය උදා වුයේ එස්පිඔනගේ සිද්දීයෙදිය. පුද්ගලයින් සයකට මරණ දඩුවම හිමිවිය. ඒ අතර අල් ජසිරා මද්යවේදීන් දෙදෙනෙකුද සිටිති. හේතුව කාටාර් වෙත රාජ්‍ය තොරතුරු හෙළි දරවු කිරීමය. තීන්දුව ලබා දුන්නේ ඊජිප්තු අදිකරණයකි. ජනපති මොහොමඩ් මොර්සි සිරගේදරය. ඔහුටද මේ පිලිබදව චෝදනා එල්ල වූ නමුත් ඔහු පිළිබද තීන්දුව කල් තැබිණි. විත්තිකරුවන්ට අබියාචන අයිතිය ඇත. 2013 ජුලි මස මුර්සිව හමුදාව විසින් බලයෙන් පහ කෙරිණි. ඔහු බලයට පත්වී වසරකට පසුව ඉතා විශාල ජන විරොදයක් පැන නැගිණි. ඔහු ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තේරී පත්වූ පළමු නායකයා වේ.

ශ්‍රී ලංකාවේ මරණ දඩුවම නීති පොතේ ඇත. නමුත් ක්‍රියාත්මක නොවේ. මරණ දඩුවමට විරුද්ද විය යුතුය. මඩු වල්ගෙන් තැලිමටද විරුද්ද විය යුතුය. මේවා මානව හිමිකම් වලට පටහැනිය. ශර්රික දඩුවම් එනම් කස පහරදීම ශ්‍රී ලංකාවේ නීතියට අනුව පටහැනිය. මරණ දඩුවම දඩුවමක් නොවේ. වරදකරුවකු පුනුරුත්තාපනය කර සමාජ ගත කල යුතුව තිබේ. මරණ දඩුවමින් ලොව කිසිම රටක අපරාද අඩුව නැත. 

No comments:

Post a Comment

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...