Saturday, May 14, 2016

බංග්ලාදේශය;- බික්ෂුව කපා කොටා මරා දැමේ.




වයස අවුරුදු 75 කි. බවුද්ධ බික්ෂුවකි. කපා කොටා මරා දැමේ. බංග්ලාදේශයේ මේ හා සමාන ගාතන රැසක් සිදුවී ඇත. ඔහුව මරා දමා තිබුනේ පන්සලක් ඇතුලේය. ඔහු පන්සලේ තනිවම ජිවත්ව තිබේ. කිසිවෙක් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත. පොලිසිය කියන්නේ මරා දැමීමේ අරමුණ නොදන්නා බවය. 

ශ්‍රී ලංකාවේද අපරාද රැල්ලක් තිබේ. තනිවම ජීවත්වීම අනාරක්ෂිත වී ඇත. පොලිසිය හරි හැටි ක්‍රියාත්මක නොවේ. හොද නීති පොත්වල ඇත. නමුත් බාවිතයට ගැනෙන්නේ නැත. අපරාද නඩුවක තීන්දුව ලබා දීමට අවම වශයෙන් වසර 10 ක් වත් ගත වේ. එවිට බොහෝ දේ සිදුවී ඇත. ඇතැම් විට නීතිපති වාර්තා රස පරීක්ෂක වාර්තා ලබා ගැනීමට වසර ගණන් බලා සිටීමට සිදු වේ. මේ තත්වය අපරාද කරුවන්ට යහපත් වන අතර අපරාද යුක්තිය ඉල්ලා සිටින වින්දිතයින්ට දරා ගැනීමට නොහැක්කකි. 

http://www.aljazeera.com/news/2016/05/elderly-buddhist-monk-hacked-death-bangladesh-160514074930793.html

No comments:

Post a Comment

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...