Wednesday, September 28, 2016

ජනතා අදිකරණය (83) ;- "එල් ටි ටි ඊ සාමාජිකයෙකුගේ" නඩුව.


මේ ශේෂ්ට්‍රදිකරණයේ විබාග වූ අංක 363 / 2000 දරන මුලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුවේ සාරාංශය වේ. පෙත්සම්කරු මඩකලපුවේ පදිංචි සිවකුමර්ය. හෙතෙම මෙම නඩුව පවරන අවස්ථාවේ කළුතර රක්ෂිත බන්දනාගාරයේ රදවියෙකුව සිටියේය. වගයුත්තරකරුවන් වුයේ චෙට්ටිපලයන් විශේෂ කාර්ය සාදක බලකායේ ස්ථානදිපති කලුවන්චිකුඩි පොලිසියේ ස්ථානදිපති පොලිස්පති කළුතර බන්දනාගාර අදිකාරී සහ නිතිපතිවරයාය.

 මෙම නඩුව අගවිනිසුරු සරත් නන්ද සිල්වා විනිසුරු ශිරාණි බණ්ඩාරනායක විනිසුරු එදිරිසුරිය යන ත්‍රිපුද්ගල ශේෂ්ට්‍රදිකරන විනිසුරු මඩුල්ලක් හමුවේ විබාග විය. පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ වී එස්ගනේෂලිංගම් නීතිඥ ඉ මරිඅම්පිල්ලයි යන අයද වගය්ත්තරකරුවන් වෙනුවෙන් නීතිඥ නලින් ලද්දුවහෙට්ටි ජනාදිපති නීතිඥ ඒ එස් එම් පෙරේරා නීතිඥ නෙවිල් ආනන්ද රජයේ නීතිඥ ඩි එස් රියාස් හම්සා යන අයද පෙනී සිටියහ. තීන්දුව ලබා දුන්නේ 2001.10.01 වැනිදාය. තීන්දුව ලීවේ ශිරාණි බණ්ඩාරනායක විනිසුරුවරිය වන අතර එයට අනෙක් විනිසුරු දෙපලගේ එකගතාවය හිමි විය. 

පෙත්සම්කරුට වයස අවුරුදු 25 කි. ඔහු විවාහක දෙදරු පියෙකු වේ. කම්කරුවෙකු ලෙස රැකියාවේ නිරත විය. 1999 අප්‍රියෙල් 19 වැනිදා ඔහු අත්අඩංගුවට පත් වුනි. ඔහු පහත ආකාරයට වදහින්සාවට පාත්‍ර විය. ලි දඩු වලින් පහර දීම, පපුවට සහ බඩට පයින් ගැසීම පෙට්‍රල් සහ මිරිකුඩු දැමු ෂොපින් බැගයක් ඔළුවට දැමීම හුස්ම හිරවන තුරු ජලයේ ගිල්වීම සිගරට් කොට වලින් පිළිස්සීම ලිංගික අවයව ඇද මිරිකීම යන ආදිය වේ. මේ වදහිංසාව සිදුවුයේ විශේෂ කාර්ය බලකා කදවුරෙදිය. පහත වදහිංසා සිදුවුයේ මඩකලපු පොලිස් ස්ථානයේදීය.

He (petitioner) was arrested on 18. 03. 1999 at about 1.30 p.m. At his house by the STF personnel from the Cheddipalayam STF camp. Then and there he was blind-folded and taken to the Cheddipalayam STF camp, where he underwent torture in the following manner:

 i. He was beaten with wooden rod and by hands and legs, on his entire body; 

ii. His moustache was forcibly pulled out, twisting by hands; 

iii. He was kicked with boots a chest and abdomen. The same evening he was transferred to the Police Station of Kalawanchikudi, where he was kept there the whole night, and at that time he was kicked on his chest and abdomen. Following this on 19. 03. 1999 he was handed over to the CSU, Batticaloa where also he underwent torture as below: 

a. He was beaten with wooden rod, bamboo spike, electric wires, s-lon pipe loaded with sand and also by hands and legs on his whole body;

 b. Shopping bag containing petrol and chillie powder was tied to his neck covering his face and head completely in order to suffocate him. Later he noticed that the skin on the face got peeled off and from then onwards he felt a burning sensation on his face and irritation of his eyes; 

c. He was submerged in a water tank after tightening his limbs upside down; 

d. He was cut by a razor blade on his limbs and body; 

e. He was burnt with an ignited cigarette butt and with ignited mosquito coil on his limbs and body; 

f. He was ordered to bend down under a table and was beaten with a bamboo spike; 

g. He was also forced to place both his hands on a table and was beaten with bamboo spikes;

 h. He was slapped on ears and cheeks;

 i. He was thrown to the ground and later into a sewage canal;

 j. Once again he was. Thrown inside a sewage canal and forced to drink the polluted water; 

k. He was to kiss a deceased stray dog.

 L. his penis and scrotum were drawn and squeezed forcibly, which had caused him immense pain; 

m. He was suspended upside down from a height and after tightening the limbs…beaten with bamboo spikes; 

n. Both his legs were forcibly twisted; 

o. He was made to sit down on a chair and both his soles were elevated and beaten. 

මොහු එල් ටි ටි ඊ සංවිදානයේ සාමාජිකයෙකි. වගයුත්තරකරුවන් ගෙනා ප්‍රදාන තර්කයක් වුයේ පෙත්සම්කරු නඩුව පැවරුවේ කලවරෝදය වූ පසුව බවයි. නමුත් අදිකරණය එය ප්‍රතික්ෂේප කළේය. එනම් මෙම ප්‍රමාදය පෙත්සම්කරුගේ පාලනයෙන් බැහැරව සිදු වූ එකක් බවයි. 

තවද පෙත්සම්කරු මෙම වදහිංසා පැමිණවීම මහේස්ත්‍රාත්වරයාට හෝ වයිද්යවරයට හෙළිදරවු කර නොතිබිණි. පෙත්සම්කරුව වයිද්යවරයා හමුවට ඉදිරිපත් කරන්නේ පොලිසිය ඉදිරිපිටය.  එවන් අවස්ථාවක වදහිංසාව ගැන සදහන් කල නොහැක. නමුත් මෙම වදහිංසා පැමිණවීම වයිද්යවර්තා වලින් සහතික විය. 

පෙත්සම්කරු ත්‍රස්තවාදියෙක් කියා ගෙන ආ තර්කයද මෙහිදී බැහැර කෙරිනි.

The respondents had taken up the position that the petitioner was arrested as he belonged to the LTTE. Atukorale, J. In Amal Sudath Silva (supra at PG. 127) Stated as follows, with which I am in complete agreement: " The petitioner may be a hard-core criminal whose tribe deserve no sympathy. But if constitutional guarantees are to have any meaning or value in our democratic set - up, it is essential that he be not denied the protection guaranteed by our Constitution." 

පෙත්සම්කරුගේ 1978 ආණ්ඩු ක්‍රම විවස්ථාවෙන් සහතික කර ඇති 11 වගන්තියෙන් දැක්වෙන මුලික අයිතිවාසිකම් උල්ලංගනය වූ බව ශේෂ්ට්‍රදිකරණය තීන්දු කළේය. පෙත්සම්කරුට වන්දි ලෙස රුපියල් 25000ක්ද නඩු ගාස්තු ලෙස රුපියල් 5000ක්ද ගෙවීමට නියම විය. තවද අදිකරණයේ රේජිස්ටර් ට නියෝග කෙරුනේ මෙම නඩු තීන්දුවේ පිටපත් පොලිස්පතිවරයාට සහ නිතිපතිවරයාට යවන ලෙසයි. ඒ වදහිංසා පැමිණවීම ගැන වගයුත්තරකරුවන්ට එරෙහිව පරීක්ෂණ ඇරඹීමටය.

මෙම නඩු තීන්දුව සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.





No comments:

Post a Comment

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...