Wednesday, August 9, 2017

නිතිය සැමට (Law for All) ;- සමත මණ්ඩලය (Mediation Board)




සාම්ප්‍රදායික අදිකරණ පද්දතියෙන් පරිබාහිරව විකල්ප ආරවුල් නිරාකරණ ක්‍රම උපායක් ලෙස සමථකරණය හදුන්වා දිය හැක.

1988 අංක 72 දරන පනත මගින් ශ්‍රී ලංකාවට සමත මුල මණ්ඩල ක්‍රමය හදුන්වා දී ඇත. දිවයිනේ සැම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයකම පාහේ ආවරණය වන පරිදි සමත මුල මණ්ඩලයක් බැගින් පිහිටා ඇත. සැම සමත මුල මණ්ඩලයක්ම සබාපතිවරයා ප්‍රමුක සමත කාරවරුන්ගෙන් සමන්විත වේ. සමතකරවරයාගේ කාර්යය නම් ආරවුලකට අදාල දෙපාර්ශවය කැදවා ආරවුලට හේතු වූ කාරණය සාකච්චා කර සමතයකට එලබීම සදහා උපකාරිවිමයි. එසේ වුවද ආරවුලට මැදිහත්වූ පාර්ශවයන් වෙනුවෙන් තීරණ ගැනීම හෝ වැරදි කල අය තීරණය කිරීම සමතකරුවන් විසින් සිදු නොකරයි. ආරවුලක් සමතයකට පත්කිරීම සදහා එක් අවස්ථාවකදී සමතකරුවන් තිදෙනෙකුගෙන් යුත් මණ්ඩලයක් පත් කරනු ලබයි.

සමත මණ්ඩලය මගින් විසදා ගත හැකි ආරවුල්

සිවිල් ආරවුල්

උදාහරණ

නය මුදල් අයකර ගැනීම - ඔබ විසින් තවත් අයකුට දුන් නය මුදලක් ආපසු නොගෙවන අවස්ථාවේදී එම නය මුදල අයකර ගැනීමට

වන්දි මුදල් ලබා ගැනීම ඔබට සිදුවූ යම් අලාබයක් පියවා ගැනීම සදහා මුදල් අයකර ගැනීමට

නිශ්චල හෝ චංචල දේපල පිළිබද ආරවුල් යම් දෙපලක බුක්තිය හිමිවිය යුත්තේ කාටද යන්න පිලිබදව ආරවුලක් විසදා ගැනීමට

සුළු සාපරාදී වරදවල් සම්බන්ද ආරවුල්

උදාහරණ

සුවෙච්චවෙන් තුවාල කිරීම. - යම් පුද්ගලයකුට ශාරීරික හානියක් සිදුකිරීම පහරදීම වැනි කරුණු සම්බන්ද ආරවුල්

අයුතු අවහිර හෝ හිරිහැරය - යම් ස්ථානයකට දෙපලකට ඇතුළුවීමට ඇති අයිතිය අයුතු ලෙස අවහිර කිරීම, නිත්‍යානුකුල ක්‍රියාවක් කිරීම සදහා ඉඩ නොදීම වැනි කරුණු.

අඩන්තේට්ටන් කිරීම හෝ සාපරාදී බලහත්කාරය. - ශාරීරිකව හෝ මානසිකව පුද්ගලයෙකුට හිරිහැර කිරීම හෝ යම් දෙයක් කරන ලෙස / නොකරන ලෙස නීතිවිරෝදී ලෙස බල කිරීම.

යම් පුද්ගලයකු අපකීර්තියට පත් කිරීම - පුද්ගලයකුගේ කිර්ති නාමයට හානිවන ලෙස යම් පුද්ගලයෙකු කටයුතු කර ඇති විටෙක ඒ සම්බන්ද පැමිණිලි.

සමත මණ්ඩලයට යොමු වීමේ වාසි

අදිකරණයේදී මෙන් සංකීර්ණ ක්‍රියා පටිපාටියක් නොව සරල හා පහසු ක්‍රියා පටිපාටියක් අනුගමනය කල හැකි වීම.

එක් පාර්ශවයක පරාජයෙන් අවසන් වන ක්‍රියාපටිපාටියක් නොව පාර්ශවයන් දෙකේම එකගතාවයෙන් අවසන් වන ක්‍රියා මාර්ගයකි.

අවුල් නිරාකරණයට වැයවන මුදල සාපේක්ෂව ඉතා සුලුවිම.

ඉතා ඉක්මනින් සමතකරනයට එලබීම හෝ සමත කිරීමට නොහැකි බවට සමත මුල මණ්ඩලයේ සහතිකය ලබා විකල්ප ක්‍රියාමාර්ග වෙත එලබීමට හැකිවීම.

විදිමත් පුහුණුවක් ලැබූ සමත කරුවන්ගේන් සමන්විත මණ්ඩලයක සහයෙන් ආරවුල් නිරාකරණය කර ගත හැකි වීම.

''සමත මණ්ඩල පනතින් ආවරණය කර තිබෙන කරනා අදිකරණය විබාගයට ගනු ලබන්නේ සමත මණ්ඩලය වෙත යොමු කිරීමෙන් අනතුරුව පාර්ශවයන් අතර සමතයක් නොවන්නේනම් පමණකි. සමත මණ්ඩලයට පැමිණිලි යොමු කිරීම පොලිසිය හෝ අදිකරණය සිදුකරයි. පුද්ගලිකවද පැමිණිලි ඉදිරිපත් කල හැකියි.

පොලිසිය චුදිතයින්ට / වගයුත්තරකරුවන්ට පක්ෂව කටයුතු කිරීමේ අදහසින් සමත කල නොහැකි කාරණාද වරදවල්ද සමත මණ්ඩලයට යොමු කරනු ලබන අවස්ථා එමටය. එවන් අවස්ථාවලදී සමත මණ්ඩල කැදවීම් අනුව ඉදිරිපත් නොවී ලිකිතව සමත නොවන බව සදහන් කොට ප්‍රස්තුත කාරණය අදිකරණයට යොමු කරන ලෙසට ඉල්ලා සිටීම කල යුතුයි. මේ මගින් ප්‍රමාදය වලක්වා ගත හැකිවනු ලැබේ. සමත මණ්ඩල කැදවීම් වලට ඉදිරිපත්වීම අනිවාර්ය නොවේ.

සමත මණ්ඩලයද තමන්ට කල නොහැකි දේවලට මැදිහත්විමෙන්ද පිඩාවට පත්ව සිටින පාර්ශවයන් තවදුරටත් පිඩාවට පත්කරවන අවස්ථාවන්ද තිබේ. එවන් අවස්ථාවල නොපැකිලිව විරෝදය පල කිරීමටද ඒ සම්බන්දයෙන් වාචිකව හා ලිකිතව පැමිණිලි කිරීමට පියවර ගත යුතුය.

මොනම පදනමක් මත හෝ සමතයන්ට බල කිරීමට දෝෂාරෝපණයට ලක් කිරීමට බලපෑම් කිරීමක් සමතවලට පැමිණෙන ලෙසට බලකර සිටීමට නොහැකි අතර එවන් අවස්ථාවලදී අබියෝග කිරීම සමත මණ්ඩලය ප්‍රතික්ෂේප කිරීම වර්ජනය කිරීම හා අදාල සමතකරුවන්ට සහ සමත මණ්ඩල සබාපතිට එරෙහිව අදිකරණ අමාත්‍යංශයේ පිහිටි සමත මණ්ඩල කොමිෂමේ සබපතිවරයාට ලිකිතව පැමිණිලි කල යුතුයි. පියවර ගන්නා තෙක් සිහි කැදවීම් කල යුතුයි. ප්‍රදේශය තුල දුෂිත සමත නිලදාරින්ව සිද්දිය පදනම් කරගෙන හෙළිදරවු කල යුතුයි. අකණ්ඩව අබියෝග කල යුතුයි.''

මේ 2010/71 දරන ශේෂ්ට්‍රදිකරන අබියාචන නඩුවයි. චුදිත අබියාචක වුයේ එවකට තිස්සමහාරාම පොලිසියේ ස්ථානදිපතිවරයා සහ නිතිපතිය. තීන්දුව ලබා දුන්නේ 2017. 06. 30 වැනිදාය. මෙම අබියාචනය ඉදිරිපත් කලේ 2009. 11.04 දින ලබා දුන් මහා අදිකරණ තීන්දුවට එරෙහිවය. එම තීන්දුව ශේෂ්ට්‍රදිකරණයෙන් විසි කෙරුණු අතර මහේස්ත්‍රාත් අදිකරණය 2015.01.17 දුන් තීන්දුව යලි බල ගැන්විණි.

එහිදී තීරණය කෙරුනේ බැංකු මංකොල්ලයක් සමත කල නොහැකි බවයි. එහිදී වැඩි දුරටත් ප්‍රකාශ වුයේ මෙසේ සමත මණ්ඩලයට යොමු කිරීම කාලය කා දැමීමක් වන අතර එය රටේ නඩු පමාවටද බලපාන බවයි. එය මහේස්ත්රත්වරයා විසින් හෝ මහා අදිකරණ විනිසුරුවරයා විසින් දඩුවම් පැමිණවිය යුත්තකි. මේ තත්වය සමත මණ්ඩල පනත ගෙන ඒමේදී විවස්ථාදායකය චේතනා කල දෙයක් නොවන බවයි. මිට අමතරව ශේෂ්ට්‍රදිකරන තීන්දුවේ වැඩි දුරටත් සදහන් වුයේ මෙය සමත මණ්ඩලයට යොමු කල නොහැක්කක් මෙන්ම ඒ සම්බන්දයෙන් සමත නොවීමේ සහතිකයක් නිකුත් කිරීමද අනවශ්‍ය කරුණක් බවයි.

මෙම අබියාචන නඩු තීන්දුව සම්පුර්ණයෙන් කියවීමට පහත සබැදියාව වෙත යොමු වන්න.



උපුටා ගැනීම්

ශ්‍රී ලංකාවේ නිතිය හා මානව අයිතිවාසිකම් - නීතිඥ චාරුක සමරසේකර.

නිතිය මත පාලනයක් ගොඩ නැගීමට කඩතුරා බිදහෙලමු. - ජනසංසදය


038 2231419

077 3201270










No comments:

Post a Comment

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...