Tuesday, August 8, 2017

නිතිය සැමට (Law for All) ;- ප්‍රාථමික අදිකරණය (Primary Court) සහ දිසා අදිකරණය (District Court)


ප්‍රාථමික අදිකරණය රටේ අදිකරණ දුරාවලියේ පහලම අදිකරණය වේ. එය මුල් අවස්ථා අදිකරණයකි. ප්‍රාථමික අදිකරණ 07 ක් ඇත. ඒ ආනමඩුව, අගුනකොලපලැස්ස, මහනුවර,මල්ලාකම්, පිලිස්ස, වැල්ලවාය සහ වෙන්නප්පුව යන ප්‍රදේශ වලය. අනික් වසම් වල ප්‍රාථමික අදිකරණ බලය මහේස්ත්‍රාත් අදිකරණ විසින් ක්‍රියාත්මක කරනු ලැබේ. ප්‍රාථමික අදිකරණ වලට අපරාද අදිකරණ බලය මෙන්ම සිවිල් අදිකරණ බලයද ඇත.

ප්‍රාථමික අදිකරණය විසින් විබාග කල හැක්කේ පහත අවශ්‍ය තාවයට යටත් නඩුකර පමණි.

එනම් අලාබ ඉල්ලීමට හිමිකම් කියා පෑමට හෝ ගෙවීම පැහැර හැරිම වටිනා කමින් රුපියල් 1500 ට අඩු වන විට, පළාත් පාලන ආයතන වල අනු නීති ක්‍රියාත්මක කිරීම සහ ඒවායේ ආදායම් ලබා ගැනීම සම්බන්ද කරුණු, ඉඩම් ආරවුල් සම්බන්ද වැරදි

අමාත්‍යවරයා විසින් ගැසට් පත්‍රය මගින් නියම කරනු ලබන යම් යම් වැරදි සම්බන්ද අනන්‍ය මුල් අපරාද අදිකරණ බලයක් ප්‍රාථමික අදිකරණය විසින් ක්‍රියාත්මක කරනු ලබයි.

විෂය ගත කරුණ රුපියල් 1500 ට අඩු වුවද රජයේ නියෝග අනුව කරනු ලැබූ ක්‍රියාවකට එරෙහිව හෝ අදිකරණ සංවිදාන පනතේ 4 වන උප ලේකනය යටතට ගැනෙන කිසිදු කාරණයක් සම්බන්දව ප්‍රාථමික අදිකරණයට විබාගයක් පැවැත්විය නොහැක.

ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වන ඉහලම මුල් අවස්ථා සිවිල් අදිකරණ බලතල ක්‍රියාත්මක කරන්නා වූ අදිකරණය දිසා අදිකරණයයි. දිසා අදිකරණය සම්බන්දයෙන් පහත කරුණු වැදගත් වේ.

සියලුම සිවිල් ආදායම් බාර වස්තු බන්ගත්ව හා තෙස්තමේන්තු යන විෂයය යටතට ගැනෙන නඩු විබාග කල හැක, පවුල් අදිකරණයන් අහෝසි කරනු ලැබීමෙන් පසුව වයිවහික ආරවුල් සම්බන්ද සියලු කරුණුද දිසා අදිකරණය විසින් ක්‍රියාත්මක කරනු ලබයි, මන්ද බුද්දික හා උමතු තැනැත්තන්ගේ දේපල සම්බන්දයෙන් රැකවල් කරුවෙකු ලෙස දිසා අදිකරණය ක්‍රියා කරනු ලබයි. බාල වයස්රකායකු සම්බන්දයෙන් ඉහලම බාරකරු වශයෙන් සැලකෙනුයේ දිසා අදිකරණයයි.

උපුටා ගැනීම් - ශ්‍රී ලංකාවේ නිතිය හා මානව අයිතිවාසිකම් - නීතිඥ චාරුක සමරසේකර

No comments:

Post a Comment

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...