Wednesday, December 13, 2017

ජනතා අදිකරණය (101) ;- සවුක්ය අමාත්‍යංශයේ තනතුරක් පිළිබද නඩුවක්. (A judgement related to Director of Bio Medical Engineering Service Division in the Ministry of Health)



මේ ශේෂ්ට්‍රදිකරණයේ විබාග වූ අංක 175/2014 දරන නඩුවේ තීන්දුවේ සාරාංශය වේ. මෙහි තීන්දුව දුන්නේ 2017.11. 27 වැනිදාය. ඒ වසර තුනකට පසුවය. 

පෙත්සම්කරු මීරිගම පදිංචි ජනප්‍රිය කරුනාතිලකය. වගයුත්තරකරුවන්වුයේ සවුක්ය අමාත්‍ය සවුක්ය අමාත්‍යංශයේ බලදාරින් සම්මුක ක්ෂණයේ සාමාජිකයින් සහ නිතිපතිවරයාය. මෙය ශේෂ්ට්‍රදිකරන විනිසුරු සිසිර දි ජේ ආබ්රූ, විනිසුරු ප්‍රියන්ත ජයවර්දන විනිසුරු නලින් පෙරේරා යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ විබාග විය. තීන්දුව ලීවේ සිසිර ජේ දි අබ්රූ වන අතර එයට අනෙක් විනිසුරු දෙපලගේ එකගතාවය හිමි වුනි. පෙත්සම්කරු වෙනුවෙන් ජනාදිපති නීතිඥ ඉක්රම් මොහොමඩ් නීතිඥ රොෂාන් හෙට්ටිආරච්චි නීතිඥ ශිහාන් විජේගුනවර්දන යන අයද නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් පාරින්ද රණසිංහ යන අයද පෙනී සිටියහ. 

පෙත්සම්කරු සවුක්ය අමාත්‍යංශයේ ජිව විද්‍යා ඉංජිනේරු සේවා අංශයේ අද්යක්ෂක තනතුරකට ඉල්ලුම් කළේය. සම්මුක පරීක්ෂණයේදී පෙත්සම්කරුට එක් සුදුසු කමකට ලකුණු 15 ක්ද සත්වන වගයුත්තරකරුට එම සුදුසුකමටම ලකුණු 20 ක්ද හිමි වුනි. තනතුර සත්වන වගයුත්තරකරුට හිමි විය. පෙත්සම්කරු මෙම තත්වය වෙනස් කමකට බාජනය කිරීම මත අබියෝගයට ලක් කළේය. වගයුත්තරකරුවන් කියා සිටියේ 07 වන වගයුත්තරකරුට බෞතික වයිදය විද්‍යාව පිළිබද පෂ්තාත් උපාදියක් තිබෙන බවයි. නමුත් එයට උසාවියේ අවදානය හිමි වුයේ නැත. මක්නිසාද තනතුර සදහා ඉල්ලුම්පත්‍ර කැදවූ අවස්ථාවේ එම සුදුසුකම ඇතුලත්ව නොතිබුණු බැවිනි. 

පෙත්සම්කරු නඩුව ජයග්‍රහණය කළේය. ඔහුට සවුක්ය අමාත්‍යංශයේ අදාල අද්යක්ෂක දුරය නැවත පිරිනමන ලෙස රාජ්‍ය සේවා කොමිසමට නියෝග කෙරිණි. කලින් පිරිනැමූ අද්යක්ෂක තනතුර නිශ්ප්‍රබා කෙරිණි. 

මෙම නඩු තීන්දුව සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව වෙත යොමු වන්න. 

No comments:

Post a Comment

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...