''ඇය පානදුරේ ප්‍රසිද්ද පුද්ගලික පාසලක ආරක්ෂක නිලදාරිනියක් ලෙස සේවය කළාය. දිනක් එහි සේවයට නොඑන ලෙස ඇයව සේවයේ යෙදවූ ආරක්ෂක ආයතනය ඉල්ලීමක් කරන ලදී. ඒ දවස් කීපයක් නිවාඩු ගත්තයි පවසමිනි. ඉන්පසුව ඇය මානව හිමිකම් ආයතනයට (ජනසංසදය) පැමිණියාය. මෙයට මානව හිමිකම් සම්බන්දයෙන් සහනයක් සැලකිය නොහැක්කේ පුද්ගලික අංශයේ දුක්ගැනවිල්ලක් නිසාය. මානව හිමිකම් යාහැක්කේ රජයේ ආයතන වලට එරෙහිව පමණි. නමුත් ඇයට නීති උපදෙසක් මෙම ආයතනය විසින් ලබා දෙන ලදී. ඒ පොලිසියේ පැමිණිල්ලක් කරන ලෙස, කම්කරු විනිශ්ය සබාවට සහ කම්කරු දෙපාර්තමේන්තුවට යන ලෙසයි.''
සේව්‍ය සේවක දෙපාර්ශවය අතර කාර්මික සාමය ඇති කිරීමේ අරමුණින් 1950 අංක 43 දරන කාර්මික ආරවුල් පනත හදුන්වා දෙන ලදී.
මෙම පනත 1957 අංක 62 දරන සංශෝදිත පනත මගින් සංශෝදනය කරන ලද අතර කම්කරු විනිශ්ය සබාව නම් නවතම විනිශ්ය අදිකරණය හදුන්වා දෙන ලදී. කම්කරු විනිශ්ය සබාවකින් අපේක්ෂා කරන ලද්දේ සේව්‍ය සේවක දෙපාර්ශවයෙන් ලැබෙන පැමිණිලි පිළිබද විබාගයක් පවත්වා සාදාරන හා යුක්ති සහගත යයි හැගෙන නියෝගයක් කිරීමයි.
පනත අනුව කම්කරු විනිශ්ය සබාවෙන් සහනයක් හෝ පිහිටක් අයද සිටිය හැක්කේ පහත සදහන් අවස්ථාවලදීය.
1. සේවා යෝජකයා (සුවමියා) විසින් සේවකයාගේ සේවය අවසන් කිරීම.
2. සේවකයන් 15 දෙනෙකුට අඩුවෙන් සේවයේ යොදවා ඇති ස්ථානයක සේවකයකුට සේවය අවසන් කිරීමේදී පරිතොශිතයක් හිමිවිය යුතුද යන්න සලකා බැලීම.
3. 1983 පාරිතෝෂික පනත අනුව පාරිතෝෂික මුදල අහිමිකර ඇති අවස්ථාවක එම ක්‍රියාව නිතියානුකුල දැයි සලකා බැලීම.
4.කම්කරු ඇමතිවරයා විසින් සේවා කොන්දේසි සම්බන්ද යෙන් කම්කරු විනිශ්ය සබාවක විෂය සීමාව පුළුල් කරමින් නියම කරනු ලැබිය හැකි වෙනත් කරුණු.
ඉහත සදහන් ඕනෑම අවස්ථාවකදී පනතේ නියම කර ඇති ආකාරයේ ඉල්ලුම්පත්‍රයක් පුරවා සේවය අවසන් කිරීම සිදු කිරීමේ දිනයේ සිට 06 මසක් ඇතුලත කම්කරු විනිශ්ය සබාව වෙත ඉදිරිපත් කල යුතුවේ. තවද සේවකයා වෙනුවෙන් ව්ර්තිය සමිතියකටද මෙම ඉල්ලීම ඉදිරිපත් කල හැක.
උපුටා ගැනීම් - ශ්‍රී ලංකාවේ නිතිය හා මානව අයිතිවාසිකම් , නීතිඥ චාරුක සමරසේකර.
No comments:
Post a Comment