Friday, December 1, 2017

ජනතා අදිකරණය (99) ;- පුංචි පුතුට කොලබ රාජකීය විද්‍යාලයේ දොරටු විවුර්ත වෙයි.



මේ ශේෂ්ට්‍රදිකරණයේ විබාග වූ අංක 06/2017 දරන මුලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුවේ සාරංසය වේ. එහි පෙත්සම්කරුවන් දෙදෙනෙකි. ඒ බම්බලපිටියේ පදිංචි පළමු පෙත්සම්කාරිය අන්ජලි සහ දෙවන පෙත්සම්කරු රොහාන් රාහුල් අයුෂ්මන්ය. ගැටලුව උද්ගත වන්නේ අයුෂ්මන් පුතුට රාජකීය විද්‍යාලයේ පළමු ශ්‍රේණියට ඇතුලත් කිරීමේ සම්මුක පරීක්ෂණයෙන් අසමත් වීමත් සමගය. වගයුත්තරකරුවන් වුයේ අද්යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් ඇතුළු අද්යාපන බලදාරින් සහ නිතිපතිවරයාය.

මෙය විනිසුරු ඉවා වනසුන්දර විනිසුරු නලින් පෙරේරා විනිසුරු විජිත් කේ මලල්ගොඩ යන ශේෂ්ට්‍රදිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විබාග විය. පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ ඉයන් ප්‍රනාන්දු නීතිඥ දුෂාන්ත කුලරත්න නීතිඥ සුමුදු රත්නායක යන අයද වගයුත්තරකරුවන් වෙනුවෙන් රජයේ ජෙෂ්ට නීතිඥ ආචාර්ය අවන්ති පෙරේරා ජනාදිපති නීතිඥ සංජිව ජයවර්දන සහ නීතිඥ අස්ථික දේවේන්ද්‍ර යන අයද පෙනී සිටියහ. 2017.11.30 දින තීන්දුව ලැබිණි. තීන්දුව ලීවේ විනිසුරු විජිත් කේ මලල්ගොඩය. එයට අනෙක් විනිසුරු දෙපලගේ එකගතාවය හිමි වුනි.

ශේෂ්ට්‍රදිකරණය 1978 ආණ්ඩු ක්‍රම විවස්ථාවේ 12(1) වගන්තියෙන් සදහන් කර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම්කරුවන් සම්බන්දයෙන් කඩ වූ බව තීරණය කල අතර වගයුත්තරකරුවන්ට නියෝග කලේ දෙවන පෙත්සම්කරු අයුෂ්මන්ව කොලබ රාජකීය විද්‍යාලයේ පළමු ශ්‍රේණියට ඇතුලත් කර ගන්නා ලෙසයි. 

අයුෂ්මන්ට පාසලේ පළමු ශ්‍රේණියට ඇතුලත් කිරීමට අදාල සම්මුක පරීක්ෂණයේදී ලකුණු හිමි නොවිණි. ඔහුට පදිංචිය සහතික කිරීමේ වැදගත්ම සාදකය වන චන්ද හිමි නාම ලේකනයේ සහතිකය තිබිණි. පදිංචිය යනු යම් පුද්ගලයෙක් ඔහුගේ ඇගේ ඥාතින් සේවකයින් කන බොන සහ නිදා ගන්නා ස්ථානයයි. 

මෙම නඩු තීන්දුව සම්පුර්ණයෙන් කියවීමට පහත සබැදියාව වෙත යොමු වන්න.

No comments:

Post a Comment

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...