Monday, August 21, 2017

නිතිය සැමට (Law for All) ;- කුලියට දුන් දේපලක් විනාශ වුවිට.


කුලියට දුන් දේපලක් විනාශ වුවිට කුලී නිවැසිබාවය අහෝසි වනවාද? මෙය ශේෂ්ට්‍රදිකරණයේ විබාග වූ අබියාචන නඩුවකි. එහිදී කුලියට දුන් වියාපාර ආයතනයක් ගින්නෙන් විනාශ වී තිබේ. 1991 ජුනි 29 වැනිදා මෙම ගින්න හට ගෙන ඇත. 

ශේෂ්ට්‍රදිකරණයේ අබියාචන නඩු තීන්දුව දුන්නේ 2017.08. 04 වැනිදාය. ඒ වසර 21 කට පසුවය. තීන්දුව කුලී නිවැසියාට වාසිසහගත වුනි. එනම් ගින්නෙන් විනාශ වූ දේපල නැවත අලුත් වැඩියා කල හැකි බවට සාක්ෂි වූ බැවිනි. තවද දේපල සම්පුර්ණයෙන් විනාශ නොවූ බවටද සාක්ෂි තිබිණි. නඩුව ඇසෙන විට පැමිණිලිකරු මියගිය අතර ඒ වෙනුවට ඥාතීන් ආදේශ කෙරිණි. 

මෙම නඩුව ශේෂ්ට්‍රදිකරන විනිසුරුවරුන් වන ඉවා වනසුන්දර, විනිසුරු බි පි අලුවිහාරේ විනිසුරු උපාලි අබේරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විබාග විය. මෙම දේපල නුවර යටිනුවර විදියේ පිහිටා ඇත.

මෙම නඩු තීන්දුව සම්පුර්ණයෙන් කියවීමට පහත සබැදියාව වෙත යොමු වන්න.





No comments:

Post a Comment

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...